කාල සර්ප යෝගය අසුබද?

අගෝස්තු 5, 2022

කාල සර්ප යෝගය ගැන පාඨකයින් කතා බහ කරන්නට පටන් ගත්තේ ඡ්‍යොතිෂ පත්‍ර බිහිවීමෙන් පසුවය. ඊට පෙර මේ ගැන කිසිදු කතාබහක් නොතිබිණි. හැටේ දශකය කාල සර්ප යෝගයේ ගැබිනි මවයි. සර්ප කියන නම නිසා එක වරම බියක් දක්වයි. රාහු, කේතු පිළිබඳ පැරැණි කාලයේ එතරම් තැකීමක් නොතිබිණ. ඡ්‍යොතිෂය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය හරහා ප්‍රචලිත වීම නිසා කාල සර්ප යෝගය ගැන ජනතාවගේ උනන්දුව වැඩිවිය.

රාහු කේතු දෙදෙනාට මැදි වී සියලුම ග්‍රහයින් සිටින විට කාල සර්ප යෝගය උදාවන බව ඔබත් දන්නා කරුණකි. මෙම යෝගය ඉතාම අවාසනාවන්ත වූ යෝගයක් යැයි සමහරුන්ගේ විශ්වාසයකි.

ලොව ප්‍රකට ජන නායකයින්ගේද කාල සර්පයෝගය ඇති බැව් පෙනේ. තවද ලොවපතල මහා ධන කුවේරයින්ගේද මෙම යෝගය පිහිටා තිබෙන බැව් ඇත්තකි. කිසියම් කේන්ද්‍රයක ග්‍රහ පිහිටීමට වඩා සුබ ග්‍රහ පෙනීම් වැදගත් වේ.

කවුරු කෙසේ කීවත් කෙනකුගේ මෙම යෝගය යෙදී තිබුණු පමණින්ම එකවරම තීරණයක් ගෙන අවාසනාවන්ත බැව් ප්‍රකාශ කිරීම අසාධාරණයි. අනිකුත් ග්‍රහ යෝග සංයෝග ග්‍රහ පෙනීම් තැන්පත් නැකත් රාහු කේතු දෙදෙනා මහ දශා අන්තර් දශා දශා අධිපතීන් හා සබඳතා ලග්නාධිපති ගේ නව වැන්නාධිපතිගේ මෙන්ම දස වැන්නාධිපතිගේ බල දුබලතා ආදිය ගැන විමර්ශනාත්මකව නිරීක්ෂණය කිරීම අතිශයින්ම වැදගත් වේ. නව විධ කාල සර්ප යෝගයන් තිබේ. ඒවා එකිනෙකට වෙනස් ය. ඒ හරහා ජීවිතයේ සුබපල උදාකරන අවස්ථා එමටයි.

මෙකී කරුණු ගැන අවධානය නොකර කාල සර්පයෝගය ගැන සෘජුවම අවාසනාවන්ත යෝගයක් සේ සැලකීම ඡ්‍යොතිෂ විද්‍යාත්මකව බලන විට එතරම් අසුබවාදී නොවන බැව් වඩාත්ම පැහැදිළි වේ. හතර කේන්දරයද පාළු වී කාල සර්පයෝගය යෙදුන විශාල පිරිසකගේ කේන්දර පරීක්ෂා කර බලන විටදී මෙම කරුණ ගැන එකවරම තීන්දු තීරණ ගැනීම එතරම් සුදුසු නැති බැව් සඳහන් කරමු. තවත විසෙන් විෂ නැසෙන ක්‍රමවේදයක්ද ඇත්තේ ය. ඔබේ කේන්දරයේ කාල සර්පයෝගයක් තිබේ යැයි එකවරම තීරණයකට නොගෙන වඩාත් ග්‍රහ හැසිරීම් රටාව ගැන විමසුම් කිරීම අනිවාර්ය වේ.

ප්‍රවීණ ඡ්‍යොතිෂ හා

වාස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.