ජන්මියාට වැලඳෙන ලෙඩ රෝග කේන්දරයෙන් බලාගන්න

අගෝස්තු 12, 2022

මෙහි පළමු කොටස පසුගිය සතියේ පළවිය..

බුධ - බුධ ග්‍රහයා විසින් මිනිසාගේ කුඩා මොළය කථනයට සහ ශ්‍රවණයට සම්බන්ධ ඉන්ද්‍රයන් වන මුඛය, දිව, සහ කන යන ඉන්ද්‍රියන් නිවේදනය කෙරෙන අතර, සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරන සම සහ සිරුරේ ඉන්ද්‍රියන් ක්‍රියා කිරීමට සංඥා නිකුත් කරන සහ උෂ්ණය, සීතල ස්පර්ශය, ගඳ, සුවඳ, වේදනාව, පිළිබඳව දැනීමක් ඇති කරන ස්නායු, බුධ, ග්‍රහයාගේ පාලනයටත් යටත් වන ඉන්ද්‍රියන් වෙයි.

ගුරු - ගුරු ග්‍රහයා මඟින් මිනිස් සිරුරේ අක්මාව නිවේදනය කෙරෙන අතර මිනිස් සිරුරේ මේදය පාලනය කරයි.

සිකුරු-සිකුරු ග්‍රහයා මඟින් මිනිසාගේ ප්‍රජනනය සඳහා උපකාරී වන එනම් පුරුෂයෙක් නම් ශුක්‍රාණු නිපදවන වෘෂණ කෝෂද, ස්ත්‍රියකගේ ඩිම්බ නිපදවන ඩිම්කෝෂ නිවේදනය කෙරේ. ඒ හැර මුත්‍රාශය මුත්‍රා නාළ, වකුගඩු, කොඳු ඇට පෙළේ පහළ කොටස, සිකුරු මඟින් නිවේදනය කෙරෙන අනෙක් ඉන්ද්‍රියන් වේ.

ශනි - සෙනසුරු මඟින් ශරීරයේ ආහාර දිරවීමෙන් පසු ඉතිරිවෙන මළ තැන්පත් කෙරෙන ගුදය ගුද මාර්ගය, සිරුරේ බර දරා සිටින දෙපා සහ පාදවලට අයත් දණහිස සහ අස්ථි, සිරුර චලනය කිරීමට උපකාරීවන චාලක ස්නායු සෙනසුරු මඟින් නිවේදනය කෙරේ.

රාහු - රාහු මඟින් ශරීරය වේගයෙන් චලනය කිරීමට උපකාරීවන චාලක ස්නායු නිවේදනය කෙරේ. ඒ හැර රාහු මඟින් ශරීරයේ ඇසිඩ් හෙවත් අම්ල පාලනය කෙරේ.

කේතු - කේතු මඟින් වණ, දද, කුෂ්ඨ, පිළිකා ඇති කිරීමට හේතු භූතවන සහ සිරුරේ වෛරස්වලට කාරක ග්‍රහයෙක් වන හෙයින් සිරුරට වෛරස් ඇතුළුවීම හේතුකොට ගෙන ඇතිවන, රෝග ඇති කිරීමට දායක වන ග්‍රහයෙක් වන්නේ ය.

ඒ අනුව ජන්මියෙක්ට යම් රෝගාබාධයක් වැළඳීමට නම් ඔහුගේ උපන් ලග්න කේන්දරයේ භාව 12 න් යම් භාවයක් ලග්න කේන්දරයට අශුභඵල දෙන 6, 8, 12 යන දුෂ්ට භාවාධිපතියන් වැඩි දෙනෙකුගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා විය යුතු ය. නො එසේ නම් දුර්වල වූ රවි, කුජ, ශනි, රාහු, කේතු යන සහජ පාපීන් වැඩි දෙනෙක් ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා වී සිටිය යුතු ය. ඒ සමඟ පාප පීඩිත වූ භාවයේ අධිපතියාත් යට විග්‍රහ කළ ලෙස දුෂ්ට ස්ථානාධිපතියන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩාව සිටිය යුතු ය. එකී පාප පීඩිත වූ භාවයට සාපේක්ෂ වන මේෂ ලග්න විශ්ව කේන්දරයේ භාවයද යටකි ලෙස දුෂ්ට භාවාධිපතියන්ගේ හෝ දුර්වල වූ සහජ පාපීන්ගේ, දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පිඩාව සිටිය යුතු ය. එසේ වූ විට එකී භාවයෙන් නිවේදනය වන ඉන්ද්‍රිය දුර්වල වීමෙන් කේන්දර හිමියා රෝගියෙක් බවට පත් වන්නේ ය. මෙකී කරුණු වඩාත් පැහැදිළිව අවබෝධ වීමට අපි උදාහරණයක් වශයෙන් මිථුන ලග්න කේන්දර හිමියෙක්ගේ 5 වැන්නාධිපති සිකුරු ග්‍රහයා 6 වැන්න වූ වෘශ්චික රැසෙහි 6 අධිපති අඟහරු 8 අධිපති, සෙනසුරු දෘෂ්ටියෙන් පීඩා වී ඇතැයි සිතමු. 5 වැන්නේ සහජ පාපියෙක් වන රාහු තැන්පත්ව ඇතැයි සිතමු. ඒ අනුව එතැන දී 5 වැන්නත් 5 අධිපතිත් පාප පීඩිත වී ඇති හෙයින් විශේෂයෙන් 5 අධිපති සිකුරු 6 වැන්න වූ රෝග ස්ථානයේ පාප පීඩිතව ඇති හෙයින් මිථුන ලග්න කේන්දර හිමියාට හෘදයාබාධයක් වැළඳීමේ වැඩි ඉඩකඩක් ඇති බවට අපට නිගමනයකට එළැඹිය හැකි ය. නමුත් එය ස්ථිර වීමට නම් විශ්ව කේන්දරයේ 5 අධිපති වූ රවිත් 5 වැන්න වූ සිංහ රාශියත් පීඩා විය යුතු ය. තව දුරටත් එම හෘද රෝගය ජීවිතයට බලපෑම් කරන බරපතල රෝගයක් වීමට නම් ලග්නයත් එහි අධිපතිත් පාප පීඩිත විය යුතු ය.

මෙහිදී එකී රෝගීතාවය ඉතා බරපතල බවට පත්ව කෙටි කලක් ඇතුළත එකී රෝගය හේතු කොට ගෙන මිය යෑමට නම් ලග්නය සහ ලග්නාධිපති මෙන්ම චන්ද්‍ර ලග්නය එහි අධිපතීන් සූර්ය ලග්නය එහි අධිපතින් පාප පීඩිත විය යුතු ය. ඉහත විග්‍රහ කළ කරුණු වල සත්‍යතාවය පහත දැක්වෙන උදාහරණ කේන්දරය අධ්‍යයනය කිරීමෙන් ඔබටම අවබෝධ කර ගත හැක.

ඉහත මිථුන ලග්න කේන්දර හිමියාගේ හෘද වස්තුව නිවේදනය කරන 5 අධිපති සිකුරු 5 වැන්නෙත් 12 වැන්න වූ කන්‍යා වේ එනම් ලග්නයෙන් 4 වැන්නේ නීච රෝග ස්ථානාධිපති අඟහරු සහ අෂ්ටමාධිපති මෙන්ම 22 වෙනි දෙර්කාණාධිපති සෙනසුරු සමඟ යෝගව 10 වැන්නේ සිටින මාරක ස්ථානාධිපති (7 අධිපති) ගුරුගේ සප්තම දෘෂ්ටියට ලක්වීමෙන් ඇත. එම ග්‍රහ බලය මිථුන ලග්න කේන්දර හිමියා හෘදයාබාධයකින් මිය යන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේ ය. නමුත් එය ස්ථිරවීමට නම් ලග්නාධිපති චන්ද්‍ර ලග්නාධිපති සූර්ය ලග්නාධිපති පීඩාවිය යුතු ය. ඒ අනුව ඉහත කේන්දරයේ ලග්නාධිපති මෙන්ම චන්ද්‍ර ලග්නාධිපති වන බුධ රෝග ස්ථානය වන 6 වැන්නේ හෘද වස්තුවට කාරක රවි ග්‍රහයා සමඟ යෝගව නව වැන්නේ සිටින රාහු ගේ සහ තුන් වැන්නේ සිටින කේතුගේ කේන්දරය දෘෂ්ටියෙන් පීඩා වී ඇති අතර, එකී බුධ සහ රවි තව දුරටත් නීච සිකුරුගෙන් සහ සතුරු අඟහරුගෙන් පීඩා වූ 4 වැන්නේ සිටින 22 වෙනි දෙර්කාණාධිපති සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩාවී ඇත. එතැන දී චන්ද්‍ර ලග්නාධිපති බෙහෙවින්ම පාප පීඩිත වී ඇත. අවසන් වශයෙන් ලග්නාධිපති සහ රවි තැන්පත් රාශි අධීපති අඟහරු සිව්වැන්නේ සතුරුව නීච, සිකුරු සහ 22 වැනි දෙර්කාණාධිපති ශනි සමඟ යෝගව 10 වැන්නේ සිටින 7 අධිපති ගුරුගෙන් පීඩා වී ඇත. ඒ අනුව ඉහත කේන්දරයේ 5 අධිපති සමඟ ලග්නනාධිපති චන්ද්‍ර ලග්නාධිපති ශනි සමඟ යෝගව 10 වැන්නේ සිටින 7 අධිපති ගුරුගෙන් පීඩා වී ඇත. ඒ අනුව ඉහත කේන්දරයේ 5 අධිපති සමඟ ලග්නාධිපති, චන්ද්‍ර ලග්නාධිපති, සූර්ය ලග්නාධිපතියාට විග්‍රහ කළ පරිදි පාප පීඩිත වීම හේතු කොට ගෙන ඉහත මිථුන ලග්න කේනන්දර හිමියා හෘද රෝගයෙන් බොහෝ කලක් පීඩා විඳ අවුරුදු 57 දී බුධ මහ දශාවේ 22 වෙනි දෙර්කාණාධිපතිට අයත් ශනිගේ අතුරු දශාවේ දී ජීවිතක්ෂයට පත් විය.

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

 

2 කොටස

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.