වර්ෂ 2024 ක්වූ April 12 වැනිදා Friday
උපේන්ද්‍ර යෝග බලැතිව රාජ්‍ය කාරක රවි ග්‍රහයා සිංහ රාශියේ ඔටුනු පලඳයි
අගෝස්තු 19, 2022
- රාජ්‍ය තන්ත්‍රෙය් ඵලදායි පෙළගැස්මක් සෞඛ්‍ය, අධ්‍යාපන, සමෘද්ධියට නව ගමන් මඟක් ඇරැඹේ
- උද්ඝෝෂණ කැලඹිලි විරෝධතා නිර්මාණය වීම දුර්වල වේ
- ධනයෙන් බලයෙන් අභිමානයෙන් ප්රතාපවත් වූ දරු උපත්
කුජ ශුක්‍ර - චන්ද්‍ර ශනි -ශුක්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ටිය ශුක්‍ර චන්ද්‍ර- චන්ද්‍ර ශනි චතුර් කෝණ දෘෂ්ටිය ගුරු ශනි රවි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටිය සමඟ රවි බුධ ආදිත්‍ය - දාමිණි යෝග මූලාශ්රව තෙදැති බලැති සූර්ය දිව්‍ය රාජයා උපේන්ද්‍ර යෝග බලැතිව සිංහ රාශියේ ඔටුණු පැළඳුවේ ය.
දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි 01 භාග නිකිණි මස අව සැටවක තිථිය ලත්බුධ දින මා 1 2 3 4 පුවපල් 1 2 3 4 උත්‍රපල් 01 පාද නවයක් පුරාවට සැප්තැම්බර් 17 උදෑසන වන තෙක් සිංහ රාශිය මේෂ නවාංශකය ආශ්‍රිතව සිංහ රාශිය මේෂ නවාංශකය යෙදෙන අගෝස්තු 17 බුධ දින රාජ්‍ය කාරක රවි ග්‍රහයා පෙරවරු 7. 23ට රවි හිමි සිංහ රාශියෙහි ඔටුනු පැලැඳූවේය.
නැගෙනහිර ක්ෂිතිජයෙහි රවි හිමි සිංහ රාශි උදාවෙහි ස්වක්ෂේත්රව මූල ත්‍රිකෝණව රවි ග්‍රහයාද ඥානකාරක බුධ මිත්රශීලීව ද කේතු සතුරුව චන්ද්‍රයා සමව තුන්වැන්න වූ වික්‍රම ස්ථානගතව ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්රව ද වක්‍ර ප්ලූටෝ සතුරුවද සතුරු රෝග ස්ථානයක් වූ 6 වැන්නේ ද වක්‍ර නැප්චූන් ස්වක්ෂේත්රව මූල ත්‍රිකෝණව වක්‍ර ගුරු ස්වක්ෂේත්රව 8 වැන්න වූ මෘත්‍යු ස්ථාන ගතව ද රාහු සතුරුව යුරේනස් සමව අඟහරු දහ වැන්න වූ කර්මස්ථානගතව ද ශුක්‍ර ග්‍රහයා මාන්දි ග්‍රහයා ද වෙමින් 03-10 අධිපති දොළොස් වැන්න වූ වැය ස්ථාන ගතවද අඟහරු විසිදෙවැනි මාරක දෙර්කාණාධිපතියා සහ බාධක ග්‍රහයා ලෙසට ද යෙදී විශ්ව තාරකා මන්දාකිණිය නිර්මාණය විය.
මෙම ග්‍රහචාරය අනුව රාජ්‍ය තන්ත්රයේ ඵලදායි පෙළගැස්මක් දක්නට ලැබෙයි. පෞද්ගලික වෘත්තීන් ආශ්‍රිතව ද ව්‍යාපාර කටයුතු සාර්ථකව සක්‍රීය වීම සිදුවේ. නිර්නාමික මෙන්ම නාමික සතුරු බලවේග ද මේ අතර ක්‍රියාත්මක විය හැකිය. සංස්කෘතියේ යම් පිබිදීමක් දැකගත හැකිවේ.
සංචාරක ව්‍යාපාරය ද දියුණුවකට මංපෙත් විවර වෙයි. දේශීය නිෂ්පාදන ධාරිතාවය මුවහත් වීම අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යාම මෙම ග්‍රහචාරයට අනුව බලාපොරොත්තුª විය හැකිය. සෞඛ්‍ය, අධ්‍යාපන සමෘද්ධියට නව ගමන් මඟක් ඇරඹීම මෙම කාල සීමාවේදී දක්නට ලැබේ.
ධනයෙන් බලයෙන් අභිමානයෙන් ප්රතාපවත් දරු දැරියන් පිරිසක් ඉපදීම ද මේ කාලයේ බලාපොරොත්තු විය හැක. රටේ පැවැති උද්ඝෝෂණ කැලඹිලි විරෝධතා නිර්මාණය වීම දුර්වල වී යාම ද දැකිය හැකිය.
සිංහ රවියෙහි ගුණාත්මක මෙන්ම ධනාත්මක බවක් සෞරග්‍රහ මණ්ඩල කිරණයන් වෙතින් විශ්වයට ඇදහැලෙන බවක් පෙනී යන්නකි. මෙම කාලසීමාවේ දී විනාශකාරී ක්‍රියාවන් මර්දනය වෙමින් විශ්වය පාලනය වෙයි.
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි
෴ සබැඳි ලිපි ෴
“ඇයි අපේ රටේ මිනිස්සු තවමත් ඔය යක්ෂ, භූත, දේව සංකල්ප එක්ක ඉන්නේ”?“කොහොමද දරුවෝ එහෙමම ඉන්නා වගක් කියන්නේ”?“නෑ ගුරුන්නාන්සේ සීයෙ අපි තවමත් ඒව අදහනවා නේ...
2024-04-11 18:30:00
අප්‍රේල් 05 වැනිදාමෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 5 වන අතර, එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ...
2024-04-11 18:30:00
සුර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම ඡ්යොතිෂවිද්යානුකූලව අලුත් අවුරුදු උදාව ලෙස විග්රහ කරන අතර එම රාශි මාරුව සිදුවන කාල...
2024-04-04 18:30:00
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ආයුබලය, ධනබලය, පිරිස්බලය ගෙන දෙන ආගමික අංශවලට ද නැඹුරු කරන පංච මහා පුරුෂ යෝගයක් වන සස යෝගය සහ මේෂ, මිථුන,...
2024-04-04 18:30:00
සිංහල - හින්දු අයට වසරක් ගෙවිලා වසරක් ලබන කොට ඒ අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරන්නේ නැකතට. නැකතට වැඩ ආරම්භ කිරීම සිංහල බුද්ධාගමේ අපිට විතරක් උරුම එකක්...
2024-04-04 18:30:00
ශකවර්ෂ 1945ක් වූ මීන රවි 23 භාග මැදින් අව එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 29 භාග බක් පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-04-04 18:30:00
සුර්ය සංක්‍රාන්තිය සිදුවන වෙලාවට වෘශ්චික ලග්නය උදාව පවති. ලග්නයෙන් 4 වැන්නේ ශනි,කුජ ද, 5 වැන්නේ සිකුරු,රාහු,බුධ,නෙප්චූන් ද, 6 වැන්නේ රවි,ගුරු,යුරේනස්...
2024-04-04 18:30:00
නව තාක්ෂණික දියුණුවඅපනයන වර්ධනයව්යාපාරික ක්ෂේත්රයේ නියුතු අයට වාසි එළැඹෙන අපේ‍්‍රල් 03 සිකුරු සමඟ නැප්චූන් ද අප්‍රේල් 11 ගුරු දින කුජ සමඟ ශනි...
2024-04-04 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ මීන රවි 16 භාග මැදින් අව ජලවක තිථිය ලත් කිවිදින සිට මීන රවි 22 භාග මැදින් අව දසවක තිථිය ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ...
2024-03-28 18:30:00
අංක විද්‍යාත්මක කරුණු විග්රහයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු 21න් පසු මේෂ රාශිගතව ගමන් කරන මුත් මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ පුර්ණ...
2024-03-28 18:30:00
නීච භංග රාජ යෝගයක් උදා කරමින් අප්‍රේල් 09 කුජ දින රාත්‍රී 09.36ට බුධ මීනයට සංක්‍රමණය වන්නේ ය.ඊට පෙර අප්‍රේල් දෙවැනිදා බුධ ග්‍රහයා මේෂ රාශියේ...
2024-03-28 18:30:00
විවාහය යන්නට නොයෙක් අර්ථකථනයන් ඇතැත් නීතිමය බන්ධනය අත්ලෙහි සටහන් නොවන අතර, අත්ලෙහි විවාහ රේඛාවලින් පෙන්නුම් කරන්නේ තෝරාගත් අයකු සමඟ දෙදෙනාගේ කැමැත්ත...
2024-03-21 18:30:00
අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ 2018 වසරේ ආන්දෝලනාත්මක නමක් සහ අංකයක් සම්බන්ධ කතා බහට ලක් වූ නැඟී එන ඉන්දීය ක්‍රීඩකයකු ඔබට මතකද? ඔහු ඉන්දියානු...
2024-03-21 18:30:00
අමෙරිකානු ජානාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජන්ම දින ග්‍රහසටහන අංක 50 දරන රූපසටහනෙහි දක්වා ඇත. ඔහු උපත ලැබුවේ 1946.06.14 වෙනි දිනය.1) ගුරුගේ...
2024-03-21 18:30:00
සුබසෙත පින්වත් පාඨක ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන මේ පහත සදහන් උතුම් ‘අන්තරාය’ නිවාරණ පිරිත අදටත් බුරුම රටේ වැසියන් ඉතාමත් ගෞරවයෙන් නිති පතා භාවිත කර...
2024-03-21 18:30:00
මාර්තු 26 වැනිදා අලුයම 03.09ට ඥානකාරක බුධ අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය. මෙය මේෂ රාශිය, මේෂ නවාංශකය, අස්විද 01 පාදය ආශ්‍රිතව...
2024-03-21 18:30:00