තුලා ලග්නය හිමි කාන්තාව

අගෝස්තු 19, 2022

ලග්නය හා කාන්තාව

තුලා ලග්නයෙන් උපත ලබා ඇති අය ගැන ඔබ කොතෙක් අසා තිබුණත් නවාංශකය අනුව බලපාන සුවිශේෂී ලක්ෂණ ගැන ඔබ දැනුම්වත් කරමු. තුලා ලග්නයෙන් ඉපදී තුලා,වෘශ්චික,ධනු යන නවාංශකයකින් ඉපදී ඇති කාන්තාවෝ ප්‍රියංකර පෙනුමෙන් යුතු අය වන අතර කැරලි ගැසුණු අලංකාර කේශ කලාපයක් ඇත. ආහාර හා ආභරණ වලට ඉතා ආශා කරති. මිහිරි ආහාරපාන හා සිනිදු ඇඳුම් පැළඳුම් වලට ප්‍රිය කරයි.

මෙම නවාංශකයකින් උපන් අයට සිකුරු ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති බැවින් සුබපල අත්කර නොදෙන අතර නියම වයසට වඩා තලත්තෑනි ගතියක් පෙන්නුම් කරයි. ස්වාමියා සමඟ සමඟිව ජීවත් වීමට අපහසු වන අතර සෙම් ගෙඩි, බෙල්ල මහත් වීම, මස් දළු,මූත්‍ර රෝග, දියවැඩියාව, ධාතු දෝෂ, හා වකුගඩු දුර්වල වීම් වැනි රෝග හට ගැනීම පහසුය.

හත් වැන්නේ සිකුරු සිටී නම් විවාහය ප්‍රමාද වීමට හෝ අසාර්ථක විම සිදුවනු ඇත. හිතුවක්කාර විවාහයක් හෝ නොගැළපෙන විවාහයක් සිදුකර ගනී. ලෞකික ආශාවන්ට වඩා ලෝකෝත්තර ආශාවන්ට ආශා කරන අතර නිතර පින්දහම් කටයුතු මනා භක්තියකින් හා ගෞරවයකින්ය. ගෘහ ජීවිතය එතරම් සැපවත් යැයි කිව නොහැකි වන අතර මෙම අය කායික අවශ්‍යතාවයන්ට වඩා මානසික සතුටට ආශා කරයි. සිකුරු මහදශා අතුරු දශා කාලයන් මෙන්ම සිකුරාදා දිනය ද යහපත් නොවේ. තුලා ලග්නය වී මකර, කුම්භ, හෝ මීන නවාංශකයකින් ඉපදී ඇත්නම් ගායනයට හා කවියට රුචිකත්වය දක්වන අතර නැටුමට දක්ෂ වෙයි. රන් රිදී ආභරණ වලට විශේෂයෙන් ආශාවක් දක්වන අතර නිතර කැපී පෙනීමට ද ආශාවක් දක්වයි. මෙම අයගේ දුර්වලතාවයන් වනුයේ කොයි වැඩක වුවත් පරිනත බුද්ධියක් ඇති අයකු බව නොපෙන්වන අතර ඉගනීමෙන් විභාග පාස්කර ඇති නමුත් ක්‍රියාත්මක වශයෙන් අදක්ෂය.

දිව,පෙනහැල්ල, නාසය හා ශරීරයේ විවිධ අමාරු, මීමැස්මොරය, ක්ලාන්තය,හිරුවාරදය

වැනි රෝග පීඩා ඇති කරයි. බුධ මහ දශාව ඉගනීම ලබන කාලයේදී ලැබුණේ නම් ඉගනීම දුර්වල කරයි. නැන්දලා මාමලා වැනි අයගෙන් පල ප්‍රයෝජන අඩුවන අතර බුධ 7 නම් විවාහයට බාධා ඇති කරයි. තුලා ලග්නය වී මේෂ වෘෂභ මිථුන යන නවාංශකයකින් ඉපදී ඇත්නම් සෙනසුරු ග්‍රහයා අසුබ ඵල උදාකර දෙන අතර සෙනසුරු දෙවැන්නේ හෝ 11 වැන්නේ සිටී නම් ධනය සම්බන්ධයෙන් කරදර ඇති විය හැකිය. 4 වැන්නේ නම් සිතේ නිතර කනස්සලු ගතියකින් යුතුව කටයුතු කරන අතර කලු කුමාර දෘෂ්ටිය වැනි බලපෑම් ඇත වීමට ද ඉඩ ඇත. ගේ

දොර පිරිසිදුව තබා ගැනීමටද උත්සහයක් නොගනි.

උසස් අදහස් හා ගුණ ධර්ම ඇති ප්‍රිය මනාප රූපයක් ඇති අයකු වන අතර සිත් ඇද ගන්නා සුළු කථා විලාසයක් ද ඇති අයෙක් වෙයි. සිකුරු 10 හෝ 11 වැන්නේ නම් සමාජයේ උසස් තත්වයකට පත් වනු ඇත. නිතර නිතර දරුවන් ලෙඩ වීමට ද හේතුවේ. විවාහය ප්‍රමාදවන අතර ජාතියෙන් කුලයෙන් ආගමෙන් වයසින් වෙනස් සහකරුවකු ලැබීම නැතහොත් දික්කසාද වූ අයකු සමඟ විවාහ වීමට සිදුවීම ආදී යම් යම් අඩුපාඩු කම් ඇති අයකු විවාහයට ලැබෙනු ඇත. සෙනසුරු 10 වැන්නේනම් රැකියාවට බාධා ඇතිවෙයි‍‍. රැකියා වෙනස් වීම් මෙන්ම සුදුසුකම් අනුව රැකියාවක් නොලැබීමට ද ඉඩ තිබේ.

ජ්‍යොතිෂවේදී

ගීතිකා සමරතුංග

සටහන

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.