යුරේනස් - නැප්චූන් සහ ප්ලූටෝ ග්‍රහයන්ගෙන් ජන්මියාට බලපෑමක් නැතිද?

සැප්තැම්බර් 9, 2022

අදත් ඔයාලට වැදගත් ලිපියක් අරගෙනයි ආවේ. ඒ තමා ජ්‍යෙතිෂවේදයේදී එතරම්ම කතා නොකරන සඟවලා ති‍බෙන ග්‍රහයො තුන්දෙනෙක් ගැන කියන්නයි. ඒ යුරේනස්, නැප්චූන් සහ ප්ලූටෝ යන ග්‍රහයන් තුන් දෙනා.

බොහෝ අය ජ්‍යෙතිෂවේදයේ දී මෙම ග්‍රහයන් තුන්දෙනා මඟ හැරලා කටයුතු කරන්න පෙලඹිලා තිබෙනවා. ඒ ඔවුන්ගේ බලපෑම අඩු නිසා යැයි සහ පල නොලත් ග්‍රහයන් කියා සිතන නිසයි. නමුත් එය සත්‍යයක් නොවෙයි. එය සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්. මෙම ග්‍රහයන් තුන්දෙනා අනිත් ග්‍රහයන් සමඟ කරට කර ඉන්නවා වගේම මෙම ග්‍රහයන් තුන්දෙනාත් කරට කර බලපෑම් එල්ල කරනවා. එමනිසා ගොඩක් දෙනෙක් බැහැර කරන මෙම ග්‍රහයන් තුන්දෙනා ගැන කතා කළ යුතුමයි. පළමුවෙන්ම යුරේනස්ගෙන් පටන් ගනිමු.

පෙරදිග සෘෂිවරුන් මෙම යුරේනස් ග්‍රහයා හඳුන්වා ඇත්තේ, ඉන්ද්‍ර නමින්. මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී හමු වූ කාරණයක් තමයි මීට වසර 6000 කට පෙර කාකබුජන්දර මහා සෘෂි විසින් අනාගත ලෝකය තුළ එනම්, වර්තමානයේ ද, පොළොවට ළං වෙලාම බලපෑම් කරන ග්‍රහයන් තුන්දෙනෙක් සිටින බවත් ඒ අතර ඉන් එක් ග්‍රහයෙක් වන්නේ යුරේනස් වන බවත් හඳුන්වාදී තිබීම. මෙම සෘෂිවරයා විසින් මෙම ග්‍රහයා සමාර්යන යන දෙමළ වචනයෙන් හඳුන්වා තිබෙනවා. ඒ වගේම මේ ලෝකයේ පවතින ආකර්ෂණ බලය,විදුලි බලය, යන්ත්‍ර පද්ධතිවලට වගේම අපේ ශරීරයේ ස්නායු පද්ධතියටත් මෙම ග්‍රහයා බලපෑම් කරනවා. එලෙසම මෙම ග්‍රහයා ඔබේ කේන්දරයේ බලවත් ස්ථානයක සිටියේ නම් ඔබ යම් යම් නිර්මාණශීලි අදහස් ඇති කෙනෙක් සේම එය පවතින ස්ථානය අනුව තවත් බොහො දේ කියන්නට හැකියාව පවතිනවා. මෙම යුරේනස් ග්‍රහයා හදිස්සිකාරයෙක්. එලෙසම නොසිතු ලෙස තමන්ගෙ කාර්‍ය ඉටු කරන්නෙක්. එම නිසා ඔබේ ජිවිතය තුළත් නොසිතු ලෙස කටයුතු සිදුකරවන්නට යුරේනස් සමත් වෙනවා. ජ්‍යෙතිෂවේද ශාස්ත්‍රය ඉගෙන ගන්නන්ට, එහි නියැළෙන, වැඩ කරන අයට, භූත වැඩ ගුප්ත වැඩ කරන්නන්ට සංගීත කටයුතු, පිරිත් කියන අය, කවි කියන අයට, බෙහෙත් හෙළ වෙදකම කරන අයටත් පරිසරය සම්බන්ධ කටයුතුවලදිත් මෙම ග්‍රහයා වෙතින් සිදු කරන බලපෑම ඉහළ වෙනවා.

අනෙක් ග්‍රහයා වන නැප්චූන් ග්‍රහයා වරුණ නමින් මහසෘෂීන් විසින් හදුන්වා ඇත්තේ අරක්කන් යන නමින්‍,මෙම මේ නැප්චුන් ග්‍රහයා පුද්ගලයකුගේ මානසික බලය විශ්ව ශක්තිය ආරෝපණය කර ගැනීමේ හැකියාවට,අනාගතය ගැන අනාවැකි කියන්නන්ට වගේම අනාගතය ගැන දැක්මක් ඇති අයටද බලපානවා. ඒ වගේම භූත විද්‍යා කටයුතු මෝහනය ආදි කටයුතු කල්පනා ශක්තිය වගේම ඔබ රෑ දකින සිහිනවලට පවා මොහුගෙන් බලපෑම් ඇති ‍ කෙරෙයි. ජලය සම්බන්ධව ද මෙසේම වේ. ජලය කියූ විට ලුණු මිශ්‍ර ජලය සම්බන්ධවද මොහුගේ බලපෑම් ඇති කරයි.

ඒ වගේම ඉතිරි ග්‍රහයා වන ප්ලූටෝ ග්‍රහයා ‘යම‘ නමින් හඳුන්වනු ලබනවා. මෙම ග්‍රහයා කන්දකන් නමින් ද හඳුන්වයි. සූර්යයාට දුරින්ම සිටින ග්‍රහයා මොහුයි. මෙම ග්‍රහයා ඔබේ පෙර ආත්මය වගේම මලවුන් ප්‍රේත ආත්මයන් සම්බන්ධව කටයුතු කරන්නෙක් වේ. මෙම ප්ලූටෝ කුජ වගේම පෙරළිකාරයෙක්.

මෙම ග්‍රහයන් තුන්දෙනාගෙන් දරුවන්ට පෙර ආත්ම සමඟ සම්බන්ධ දේවල් වගේම ඔබේ මළගිය ප්‍රාණකරුවන් විසින් ඔබට ලැබෙන ශක්තීන්වලටත්, දෙවියන්ගෙ ආකර්ෂණ ශක්තිවලටත් වගේම හොඳට නරකට දෙකටම බලපාන්න පුළුවන්. මෙතනදී නරකට කියා අදහස් කළේ, ඔබට ඇති අමනුෂ්‍ය බලපෑම් සහ ඔබට කරදර කරන්නන්ද සිටින බැවිනි. ඉදිරියෙදි ලංකාව ඇතුළුව මුළු ලෝකයටම මෙම තුන්දෙනාගේ කෙරුවාව බලාගන්න පුළුවන්. අන්න ඒ ප්‍රශ්නාර්ථය ප්‍රශ්නාර්ථයක් ලෙසින්ම තියා මම නවතිමි.

 

ඡ්‍යොතිෂවේදී

සශේනක දිලාන් බණ්ඩාර

 

**************

 අතිඋතුම් ස්වර්ණමාලී  මහා සෑ වන්දනාව 18 දා

 

ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අතිඋතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ වෙනුවෙන් බැති සිතින් සිදු කරනු ලබන මහා පින්කම් මාලාව 2022 සැප්තැම්බර් මස 18 වෙනි ඉරු දින සවස 04 ට ආරම්භ කිරීමට නියමිතය. මෙම අතිඋතුම් මහා බලසම්පන්න පින්කම් මාලාව සඳහා දිවයිනේ නන් දෙසින් පින්වත් ඔබ සියලුම දෙනාට සහභාගි වීමට හැකියාව ඇත. මෙම පින්කම සඳහා සභාගිවීමට කැමැති පින්වතුන් වැඩි විස්තර 071 32 30 963 - 070 - 14 76 596 යන දුරකථන ඔස්සේ ලබා ගත හැක.

**********************

මුන්නේශ්වරම දේවාලයේ උත්සව මාලාවක්

හලාවත - මුන්නේශ්වරම ඊශ්වර මහා දේවාලයේ වාර්ෂික නිකිණි මංගල්‍යයේ කටයුතු 2022-08-14 වෙනි දින මධ්‍යහ්න 12.00ට චාරිත්‍රානුකූලව කප් සිටුවීමෙන් ආරම්භ විය.

එදින සිට පුරා මාසයකට ආසන්න කාලයක් විවිධ පෙරහර පවත්වනු ලබයි.

2022-09-02 වෙනි දින පස්වරු 6.00ට ශ්‍රී ගණදෙවි උත්සවය 2022-09-03 වෙනි දින පස්වරු 6.00ට කතරගම දෙවි උත්සවය 2022-09-04 වෙනි දින පස්වරු 6.00ට මහා විෂ්ණු උත්සවය 2022-09-05 වෙනි දින පස්වරු 5.00ට ගිනි පෑගීමේ උත්සවය 2022-09-06 වෙනි දින පස්වරු 6.00ට භික්ෂාඩන උත්සවය 2022-09-07 වෙනි දින පස්වරු 6.00ට නඩේසර් උත්සවය 2022-09-08 වෙනි දින පස්වරු 6.00ට රඹ විදින උත්සවය පැවැත් වුණු අතර අද දින (2022-09-09 ) දින පෙරවරු 9.00 සිට මහා රෝගය උත්සවය පවත් වනු ලබයි. මෙය මෙම උත්සව මාලාවේ විශේෂ තැනක් ගනී. 2022-09-10දින මධ්‍යහ්න 12.00ට හලාවත දැදුරුඔයේ දී දිය කැපීමේ මංගල උත්සවයෙන් අනතුරුව වාර්ෂික නිකිණි මංගල්‍යයේ කටයුතු නිමාවට පත් වේ.

 

මාදම්පේ සමූහ - ඒ.පී ගුණරත්න

බංගදෙණිය සමූහ - කෝනාර එම්. ගුණපාල 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.