මීන ලග්නය හිමි කාන්තාව

ලග්නය හා කාන්තාව
සැප්තැම්බර් 23, 2022

විනෝදයට පී‍්‍රතියට තදින්ම ආශාවක් දක්වන මීන ලග්න හිමියන් ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරන අය වන අතර, බැරි දුර්වල අයට මෙන්ම තිරිසන් සතුනට පවා ආදරය, කරුණාව දක්වන අය වෙති. ඕනෑවටත් වඩා අනුකම්පාවත්, විශ්වාසයත් නිසා විපත් ඇතිවන අතර, තම දියුණුව පිළිබඳ එතරම් උනන්දුවක් දක්වා කටයුතු නොකරයි.

ගුරු ග්‍රහයා ලග්නාධිපතියා වන අතර, මීන රාශියේදී සිකුරු උච්ච වේ. ජල රාශියක් වූ මීනයේ උභය ගතියත් ජලගතියත් දෙකම තිබෙන නිසා ගංගාවකට සමකළ හැකිය. අන් අය වෙනුවෙන් ජීවිතය වුවත් කැපකිරීමට ඉදිරිපත් වන නිසා පෞද්ගලික දියුණුව ප්‍රමාද කරයි.

මීන ලග්නයෙන් හා කටක, සිංහ, කන්‍යා යන නවාංශකයකින් උපන් අය පළමු කොටසට අයත් වන අතර මොවුනට සිකුරු අසුබපල අත්කර දෙන අතර 22 වන දෙර්කාණාධිපති වූ සිකුරු 7 අධිපති බුද සමඟ සිටීම, 22 වැනි දෙර්කාණාධිපති වූ සිකුරු සෙනසුරුගෙන් පීඩාවීම, හත්වැන්නට සෙනසුරුගේ දෘෂ්ටිය වැටීම වැනි හේතුන් මත විවාහය කඩාකප්පල් වී යාමට ඉඩ තිබේ. මෙම අයට සඳු සුබපල අත්කර දෙනු ඇත. නියම වයසට වඩා වයස බවක් පෙන්නුම් කරන අතර ස්වාමියා හෝ භාර්යාව සමඟ සමඟිව කටයුතු කිරීමට අපහසුය.

සිකුරු 5 වැන්නේ නම් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අපහසුය. 7 අධිපති බුධ සමඟ සිකුරු යෝගවීම නිසා විවාහය පරක්කු වීමට හෝ මංගල යෝග උදානොවීමට ද ඉඩ ඇති කරයි. සෙම් ගෙඩි, බෙල්ල මහත්වීම, වකුගඩු දුර්වලකම් පහසුවෙන් වැලඳෙනු ඇත.

මීන ලග්නයේ දෙවන කොටසින් උපන් අයට සෙනසුරු ග්‍රහයා 22 වන දෙර්කාණාධිපති වන අතර සෙනසුරු මහ දශා හා අතුරු දශා කාලවලදී මිල මුදල් පිළිබඳ ගැටලු මතුකරයි.

වාත අමාරු සෑදීම පහසුවන අතර තද වේදනා විඳීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. දත් රෝග හා අඩස්සි රෝග සෑදීමටද ඉඩ තිබේ. සෙනසුරු 6,8,12 යන ස්ථානයක නම් මෙම කරුණු පැහැදිලිවම දැකගත හැකිය.

සෙනසුරු 12 සිටීම කකුල්වල ආබාධ ඇති කිරීමට වඩා පහසු වන අතර, 7 වැන්නේ නම් තමාට නොගැළපෙන අයකු සමඟ විවාහ වීමට සිදුවේ. 5 වැන්නේ නම් අධ්‍යාපන කටයුතුවලට බාධාකාරි බවක් ගෙන දෙන අතර අධ්‍යාපනය කඩාකප්පල්වීමටද ඉඩ තිබේ. 8 වැන්නේ සිටීම හදිසි අනතුරුවලට ලක්වීමට ඇති ඉඩකඩ ඇති අතර කැඩුම් බිඳුම් ආදියෙන් පීඩා ගෙන දෙන බවක්ද පෙන්නුම් කරයි.

මීන ලග්නයෙන් ඉපිද, මකර, කුම්භ හෝ මීන නවාංශකයක් හිමිව ඇත්නම් තුන්වන කොටසට අයත්වන අතර බුධ ග්‍රහයා අසුබපල අත්කර දෙනු ඇත.

මීන ලග්නයේ තෙවන කොටසට අයත් අයට ඇති කරනුයේ ඉහත සඳහන් කොටස් දෙකටම අයත් රෝගයක් නොවේ. සිහිමද බව, මීමැස්මොරය, ක්ලාන්තය වරින්වර ඇතිවීම කල්පවතින හිසරදය ගොත ගැසීම, දිවේ රෝග ආදිය සෑදෙන අතර, බුධගෙන් කියවෙන අසුබපල සිටින භාවය අනුව බලපානු ඇත.

 

ඡ්‍යොතිෂවේදිනී

ගීතිකා සමරතුංග

 

සටහන –

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.