කුම්භ ලග්නයට හිමි රැකියා

නොවැම්බර් 25, 2022

කුම්භ ලග්නයට හිමි රැකියා ගැන බැලීමේදී ලග්නාධිපති ශනිත් දසවැන්නාධිපති කුජ ගැනත් බැලිය යුතුය. කුම්භ රාශිය වායෝ ගුණයෙන් යුත් තිර රාශියකි. කුම්භ ලග්න හිමියා ස්වභාවික තත්ත්වයට ගරු කරන මනුෂ්‍ය ගති ඇති ඉගෙනීමට දක්ෂ අයෙකි. මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ නායකයෝ වෙති. ආගමික කටයුතු කළමනාකරණය, නීතිවේදීන්, බැංකු කටයුතු, අනාථ මඩම්, හිරගෙවල්, ආරෝග්‍ය ශාලා ආදියෙහි රැකියා මොවුන්ට හිමි වේ.

 

ලග්නය වූ කුම්භයත් දසවැන්න වූ වෘශ්චිකයත් තිර රාශි බැවින් මොවුන්ට ස්ථිර රැකියා හිමිවිය හැකි වේ. ලග්නයත්, දසවැන්නත් ජලයට සම්බන්ධ බැවින්, විදේශයක, සාගරයක, නැවක වැනි ජල ආශි‍්‍රත රැකියාවල යෙදෙන්නන් කුම්භ ලග්න හිමියන්ගෙන් බිහි වේ.

කුම්භ ලග්න හිමියන්ගේ ඉගෙනීම ගැන බැලීමේදී අධ්‍යාපන කාරක හා පස්වැන්නාධිපති බුධ ගැන බැලිය යුතු වේ. බුධගේ බලය තිබූ තැන හොඳ උසස් රැකියාවක් කිරීමට හැකි වේ. ආරෝග්‍ය ශාලාවල, හිරගෙවල්වල, ප්‍රධානීන් බවට පත්වේ. උසස් ඉගෙනීමක් නොතිබූ තැන එහි සාමාන්‍ය සේවකයන් බවට පත්වේ. ඕනෑම වෘත්තියක් දරා සිටින ග්‍රහයා වන්නේ සෙනසුරුය. ඉගෙනීම උසස් නම් සෙනසුරු ග්‍රහයාට හෝ දසවැන්නාධිපති ග්‍රහයාට අයත් උසස්ම රැකියාව ලබාදේ. රාජ්‍ය කාරක රවිගේ පිහිටීමත් චිත්ත කාරක සඳුගේ පිහිටීමත් ඕනෑම ජන්මියකුගේ රැකියා තත්ත්වය බලන විට බැලිය යුතු වේ. මොවුන්ගෙන් බලවත්ම ග්‍රහයාට හිමි රැකියාව ජන්මියාට සහජයෙන්ම උරුම වේ.

කර්ම පාලන ග්‍රහයන් වන රාහු හා කේතුගේ බලපෑම සෑම ලග්නයකට වගේම කුම්භ ලග්න හිමියාගේ රැකියාව තීරණය කිරීමට බලපායි. රාහු සිටින රාශියේ අධිපතිගේ කාරකත්වයට අයත් රැකියාවක් ජන්මියාට හිමි විය හැකි වේ. ඒ වගේම මෙම උපග්‍රහයන් දෙදෙනා සිටින නැකත් නැකත් හිමියාගේ පිහිටීමත් රැකියාවට බලපෑම් කරයි.

කුම්භ ලග්න හිමියාගේ ලග්නාධිපති වන ශනිගේ පිහිටීමත් දස වැන්නාධිපති වන කුජගේ පිහිටීමත් මොවුන් නියෝජනය කරන නැකතක් අධ්‍යාපන කාරක බුධගේ පිහිටීමත් රාජ්‍ය කාරක රවිගේ පිහිටීමත්, චිත්ත කාරක සඳුගේ පිහිටීමත් රාහු හා කේතු ග්‍රහයන් නියෝජනය කරන නැකතත් සිටින ස්ථානයත් දසවැන්නේ සිටින ග්‍රහයනුත් බලා මෙයින් වඩාත්ම බලවත් ග්‍රහයාට හිමි රැකියාව ජන්මියාට උරුම වේ.

චතුරිකා දිල්හානි ගමආරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.