කතරගම දෙවියන් හා බැඳුණු ජනප්‍රවාද කඳසුරිදු මල් මාලයේ හාස්කම

නොවැම්බර් 25, 2022

කතරගම දේවාලය පසුබිම් කර ගෙන පුදුම දේවල් සිද්ධ වෙනවා. කතරගම දේවාලය මුල් කර ගෙන සෑම වසරකදීම පෙරහැර මංගල්‍යයන් තුනක් පැවැත් වෙනවා. ඒ පෙරහැරට අලි ඇතුන් රැසක් එක් කර ගෙන අපුරුවට කාව්‍ය, මොණර නැටුම් ඇතුළු අංග රැසක් එක්කර කතරගම දෙවියන් වැඩමවාගෙන මේ පෙරහැර පැවැත් වෙනවා.

ඇතා පිටින් දෙවියන් වැඩම වන කරඩුව ඇතුල් මාලිගයට වැඩම කරපු ගමන් දෙවින් වැඩම වන ඇතා අසළට කොල්ලේ කුරුට්ටෝ එකතු වෙනවා. එතනට එකතු වෙන අය අතර හරියට නොමිලේ දෙන කෑම ගන්න එන අය වගේ පොරයක් සිද්ධ වෙනවා. ඒ අය මේ විදිහට පොර කන්නේ දෙවියන් වැඩමවපු කරඬුවට දමපු මල් මාලයක් ගන්නයි.

මල් මාල 30ක් විතර මේ කරඬුුවට දමනවා. ඒක ගන්න 100ක් විතර පොර කනවා. සමහර අයට මල් මාලයක් ලැබෙන්නේ නැහැ. මල් මාල කැඩුණු කැල්ලක් තමයි අතට අහුවෙන්නේ. ඒ ලැබෙන මල් මාල කැබැල්ල බැතිමතුන් ගෙදර අරන් ගිහින් බුදුන් ගේ පහන අසළ හෝ දෙවියන්ට පහන් තබන ස්ථානයේ මේ මල් මාලය තියලා වැදුම් පිදුම් කරනවා.

මේ මල් මාලයක් කපු මහතකුගේ ආධාරයෙන් පිලියන්දල ප්‍රදේශයේ පවුලක් රැගෙන ගිහින් තිබුණා. ඒ මල් මාලය කතරගම දෙවින්ට පහන් තබන තැන තමයි මේ අය තියලා තිබුණේ.

මේ අයට හිටියා එක් පුතෙක්. දවසක් මේ පුංචි පුතා මහා රෑක බඩ අඹර අඹරා මහා හයියෙන් අඬන්න වුණා. ඒ වෙලාවේ ගෙදර තිබෙන බොහෙත් දුන්නා. එත් පොඩි එකාගේ ඇඬිල්ල නම් නැවතුනේම නැහැ. පස්සේ අම්මයි තාත්තායි ගමේ ඉන්න වෙද මහත්තයෙක් ළඟට දරුවා එක්ක ගෙන ගියා. වෙද මහත්තයා දරුවා පරික්‍ෂා කරලා බඩ පිපුණ නිසා කියලා බෙහෙතක් දුන්නා. ඒ බෙහෙතත් දරුවට පෙව්වා. අම්මයි තාත්තයි හිතුවේ පුංචි එකාගේ ඇඬිල්ල නතර වෙලා සනිපවෙයි කියලයි. එත් දරුවාගේ ඇඬිල්ල නම් නැවතුණේම නැහැ.

දැන් දෙගොඩ හරියක් වුණා. දරුවගේ ඇඬිල්ලට අහල පහල අයත් මේ ගෙදරට ආවා. එක ගැහැනු කෙනෙක් අඬන ළමයාගේ අම්මාට කිව්වා කතරගම දෙවියන්ගේ පහන පත්තු කරලා පඬුුරක් ගැට ගහලා බාරයක් වෙන්න කියලා. ඒක කියපු නිසා පහන තියන තැනට ගිහින් ළමයාගේ අම්මා පහන පත්තු කරලා පඬුරක් ගැටගැහැව්වා. ඕන්න එක පාරටම මහා සුළඟක් ආවා. එතන තිබුණු පැන් වීදුරුවට කතරගමින් ගෙනආ මල් මාලයේ වියළී ගිය මල් කැබලි ටිකක් වැටුණා. අම්මාට පුදුමයි. වීදුරුවට මල් මාලයේ කැළි වැටුණාට පස්සේ සුළඟ නැවතුණා.

අම්මා මේ පැන් වීදුරුව ගෙට අරන් ගිහින් පැන් ටිකක් අතට අරන් දරුවාට පෙවලා මුහුණේ ගැවා. අඬපු පොඩි ළමයාට එකපාරටම බඩ බුරුල්වී ගියා. මේ දරු පැටියා අඩල තිබුණේ බඩ වියළිලා මලපහ වෙන්නෙ නැති නිසා. දරුවට මළපහ වුණු ගමන් හිනා වෙලා නිදා ගත්තලු. ඒ වගේ දෙවියන්ගේ කරඬුවට දමන මල් මාලයෙත් පුදුම බළයක් තියෙන නිසා කවුරුත් මේ මල් මාලය ගන්න පොර කනවා. එයට ගෞරව කරනවා.

 

කේ ඩි දේවප්‍රිය

කතරගම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.