කතරගම දෙවියන් හා බැඳුණු ජනප්‍රවාද

දෙසැම්බර් 2, 2022

වල්ලි දෙවඟන හා කඳ කුමරුවන් වල්ලි දේවාලයට පැමිණෙයි

කතරගම වල්ලි දේවාලය යනු කතරගම මහා දේවාලය තරම්ම පැරණි, වල්ලි දෙවඟන වෙනුවෙන්ම ඉදි කළ ස්ථානයක්. කතරගම පෙරහැර මංගල්‍යයන් සිදුු කරන විට දී චාරිත්‍රය ඉටු කිරිම පිණිස දෙවියන් වැඩමවා ගෙන එනු ලබන්නේ වල්ලි දේවාලයට. කඳ කුමරුවන්ගේ ශ්‍රී ලාංකික බිරිඳ වන වල්ලි දෙවඟන නිසා තමයි කඳ කුමරුවන් ලංකාවේ පිහිටි කතරගමට පැමිණියේ.වර්තමානයේ පාරම්පරිකව වල්ලි දේවාලය බාරව සිටිනුයේ නිමල් ටී. රත්නායක කපු මහතායි. කතරගම දෙවියන් හා බැඳුණු ජනප්‍රවාදයක් පිළිබඳව ඔහු මෙසේ පැවසීය.

‘මෙම සිදුවීම වුයේ කෙම්මුර දිනයකයි. එදා අඟහරුවදා දිනයක්. කතරගම දෙවියන්ට මුලින්ම වල්ලි දෙවඟන හමු වු අවස්ථාවේ දී කෑමට දුන්නේ මී පැණි මිශ්‍ර තණ හාල් බත්. එම නිසා බැතිමතුන් වල්ලි දේවාලයට තණ හාල් මිශ්‍ර මී පැණි බත් පුජා කරනවා. එදා උදෙන්ම පුජාව සිදුකළා. දෙවියන්ට තණ හාල් මුලුතැන් දානය පුජා කිරීමෙන් පසුව ඒ බත් බැතිමතුන්ට දෙනවා කන්න. පුජාව ඉවර වෙලා නිමල් කපු මහත්තයා මේ තණ හාල් දානය පැමිණ සිටි අයට ටික ටික කන්නට දුන්නා. එක පාරටම අවුරුදු 05ක පමණ වයසින් යුතු පුංචි ගැහැනු ළමයකුත් පිරිමි ළමයකුත් ආවා. සෙනඟ තල්ලු කරගෙන! ඇඟේ නුූුල් පොටක් වත් නැහැ. මේ දෙන්නා වතුර පෙරමින් නාන ගමන් තමයි මේ ඇවිත් තියෙන්නේ. නිමල් කපු මහත්තයා මේ ලස්සන පුංචි දරුවෝ දෙන්නටත් අර තණහාල් බත් ටිකක් දුන්නා. මේ ළමයි දෙන්නා දිහා හැමෝම බැලුවා. අනේ ලස්සනයි. පොඩි උන් දෙන්නා එකම වයසේ. තනියම ඇවිත් තියෙන්නේ! මැණික් ගඟේ නාන ගමන් තමයි ඇවිත් තියෙන්නේ කියලා කවුරුත් කිවිවා. ටික වේලාවකට පසු මේ ළමයි දේවාලය අවට හටිියේ නැහැ. හැම තැනම බැලුවා. ඇඟේ තිබුණු වතුර වැටුණු තැන්වල ජලය බිංදුවක් වත් පේන්න නැහැ. වියළී ගිහින්. කීපදෙනක් ගියා ගඟටත්. කොහෙත්ම මේ දරුවෝ සොයා ගන්න කාටවත් බැරි වුණා.’ ඒ පැමිණ තිබෙන්නේ කතරගම දෙවියන් හා වල්ලී දේවියත් බව රත්නායක මහතා අදටත් විශ්වාස කරයි. කතරගම දෙවියන් හා වල්ලී දේවියත් තමන් ජීිවමානව දුටු සිද්ධිය තම ජිවිතයේ සුන්දරම දසුන බව ටී ආර්. නිමල් රත්නයාක කපු මහතා අදටත් පවසන්නේ සතුටිනි.

කේ ඩි දේවප්‍රිය

කතරගම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.