මානසික රෝග ඇති කරන ග්‍රහ පිහිටීම්

ජනවාරි 6, 2023

ලංකාවේ මේ වන විට විශාල ජන සංඛ්‍යාවක් සමලිංගික සේවනයට සහ විකෘති කාම සේවනයට යොමු වී ඇත. එසේ වීමට ප්‍රධාන හේතුව වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයයි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා මනස විකෘති වන අතර ඒ හේතු කොටගෙන පුද්ගලයාගේ කාම සේවනයද අස්වාභාවික වෙයි. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය සහ අස්වාභාවික මෙවුන්දම අතර ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් වන අතර එය කල්යත්ම ජන්මියා මානසික රෝගියෙක් බවට පත්කිරීමට හේතු

වන්නේය.

 

අප රටේ අතීතයේ ජීවත්වූ ජනතාවට වඩා වර්තමාන සමාජයේ ජීවත්වන ජනතාව විවිධ වූ මානසික රෝගවලින් පීඩා විඳිති. එසේ වීමට හේතු සාධක කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න නම් මත්ද්‍රව්‍ය භාවිතයයි. ඒ අනුව මේ වන විට ලංකාවේ විවිධ වූ මත්ද්‍රව්‍ය සුලභව පවතින නිසා පාසල් සිසුන් ද ලක්ෂ පහක් පමණ අයිස් නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇත. මෙරට මත්ද්‍රව්‍ය භාවිතයට තරුණ තරුණයින් විශාල පිරිසක් ඇබ්බැහි වී ඇති අතර, ඒ හේතු කොට ගෙන තරුණ තරුණයින් විශාල සංඛ්‍යාවක් මානසික රෝගීන් බවට පත්ව ඇත. දෙවෙනි කාරණය නම් සමලිංගික සහ විකෘති කාම සේවනයයි.

 

ලංකාවේ මේ වන විට විශාල ජන සංඛ්‍යාවක් සමලිංගික සේවනයට සහ විකෘති කාම සේවනයට යොමු වී ඇත. එසේ වීමට ප්‍රධාන හේතුව වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයයි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා මනස විකෘති වන අතර ඒ හේතු කොටගෙන පුද්ගලයාගේ කාම සේවනයද අස්වාභාවික වෙයි. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය සහ අස්වාභාවික මෙවුන්දම අතර ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් වන අතර එය කල්යත්ම ජන්මියා මානසික රෝගියෙක් බවට පත්කිරීමට හේතු වන්නේය. තෙවෙනි කරුණ නම් ආර්ථික හා සාමාජික ප්‍රශ්න හේතුකොට ගෙන මානසික රෝගියෙක් බවට පත්වීමයි. සිවුවැන්න නම් මානසික දුර්ලතා සහිතව උපත ලැබීම හෙවත් මන්ද බුද්ධිකයෙක් ලෙස ඉපදීම සඳහන් කළ හැකිය. ඒ අනුව මානසික රෝගියෙක් බවට පත්වීමට හේතු භූත වන කරුණු කවරේද? යන්න පිළිබද ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව කරුණු විමසා බලන කළ ලග්න කේන්දරයක බුද්ධිය නිවේදනය කෙරෙන 1 -5 යන භාවයන් සහ එහි අධිපතියනුත්, එමෙන්ම ලග්න කේන්දරයක ජන්මියාගේ සිත ගැන කරුණු හෙළිදරව් කරන සඳු ග්‍රහයාත් සඳු ග්‍රහයාට අයත් කටක රැසත් එසේම ඤාණ කාරක රාශින් වන මිථුන,කන්‍යා, ධනු, මීන රාශින් එහි අධිපතියන් වන බුධ, ගුරු යන ග්‍රහයනුත් පීඩා වූ කළ කේන්දර හිමියා මානසික රෝගියෙක් බවට පත් වන්නේය. ඒ අනුව යටකී සාධකයන් වැඩි සංඛ්‍යාවක් ලග්න කේන්දරයක දුර්වලව සිටියදී චිත්තකාරක සඳු ග්‍රහයා කුජගෙන් පීඩා වූ කළ අධික කෝපයද, බුධගෙන් පීඩා වූ කළ අස්ථාන ගත භයද,රවිගෙන් පීඩා වූ කළ අහංකාරකමද ගුරුගෙන් පීඩාවූ කළ දෙවි දේවතාවන්ගේ ඇල්මත්, බැල්මත් නොමැතිව ආගම ධර්මය කෙරෙහි ඇති දැඩි බැඳීම සහ ඇදැහිල්ලද සිකුරුගෙන් පීඩා වූ කළ ලිංගික ආශාවන් පිළිබද අසහනයද ශනිගෙන් පීඩා වූ කළ හේතුවක් නැතිව සිතේ ඇතිවන කනගාටුවද, රාහුගෙන් පීඩාවූ කළ විකාර සිතුවිලිද කේතුගෙන් පීඩා වූ කළ සිතේ කිසිදු හේතුවක් නොමැතිව ඇතිවන භයද යන මානසික රෝග ඇති වන්නේය. කරුණු මෙසේ වන හෙයින් යට විග්‍රහ කළ කරුණූු පිළිබඳව නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට අපි පහත දැක්වෙන උදාහරණ කේන්දරය අධ්‍යයනය කරමු.

මිථූන නවාංශක

උපත 1987.08.06 මුල නැකතේ

පළමු පාදයෙන්, සඳු හෝරාවේ

සඳු පංචමයෙන්

ඉහත කේන්දර හිමියා මිථූන ලග්නයෙන් උපත ලබා ඇත. වර්ගෝත්තම ලග්නයක් වුවත් ලග්නාධිපති බුධ 22 වැනි දෙර්කාණාධිපති වීමත්,බුධ සිත ට අධිපති සඳුගේ රැසක් වන කටකයේ සතුරුව පතිත වීමත් එම බුධ රෝග ස්ථානාධිපති සතුරු කුජ සමඟ දුෂ්ට භාවයක් වන 12 වැන්නාධිපති සතුරු සිකුරු සමඟ යෝගව 10 වැන්නේ සිටින රාහුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වීමත් සඳු ග්‍රහයා රාහු කේතුගේ කේන්ද්‍රය දෘෂ්ටියන් පීඩා වීමත් සඳු ගණ්ඩ මූල නැකතක උප්පත්තියේදී පතිත වීම හේතුකොට ඉහත දැක්වෙන මිථුන ලග්න කේන්දර හිමියා මානසික රෝගියෙක් බවට පත්ව ඇත. එය උපතින්ම ඇති වූ රෝගි තත්ත්වයක් වන අතර මෙහිදි ආත්මකාරක රවි යටකී චතුර්ය ග්‍රහ යෝගයට සම්බන්ධ වීමෙන් පෙනී යන්නේ එකී රෝගී තත්ත්වය ඉපදෙන්නට පෙර ආත්මයෙහි කරන ලද බලවත් අකුසල කර්මයක් හේතු කොට ගෙන ඇති වූවක් බවයි. මෙහිදී ලග්නයට යෝගකාරක ග්‍රහයන් වන බුධ, සිකුරු, දුර්වල නිසා එකී රෝගිතාවය සුව කළ නොහැකිය. ඒ අනුව මෙම මිථුන ලග්න කේන්දර හිමියාට, කෝපය අස්ථානගත බිය, කාම ආශාවන් පිළිබඳ අසහනය වැනි මානසික රෝග ලක්ෂණ විද්‍යමාන වූ අතර, මෙකි රෝගී තත්ත්වය 2020/05/21 දී ආරම්භ වූ සඳු මහ දශාවේ සඳු අන්තරයේ ලග්න අෂ්ටම සහ ජන්ම ඒරාෂ්ටක අපල කාලයේදී උත්සන්න වීම හේතුවෙන් උම්මත්තකාගාරයට ඇතුළු කිරීමට සිදු විය.

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

උදම් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.