විෂ කන්‍යා යෝගය

ජනවාරි 13, 2023

විෂ කන්‍යා යෝගය භංග වන ආකාරයක් ද ඡ්‍යොතිෂයේ දක්වා තිබේ. 7 වැන්නාධිපති 07 සිටීම හා ලග්නයේ ශුභයකුවීමද නැතහොත් සඳු සමඟ ශුභයෙක් එක්වීම හරහා විෂ කන්‍යා යෝගය භංග වේ. ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු, බුධ, ගුරු, කිවි ඉතාම බලවත්ව සිටීම හරහා ද විෂ කන්‍යා දෝෂය භංග වන්නේ ය.

 

පොරොන්දම් පරීක්ෂාවෙන් පසු විවාහය සිදුවේ. සර්ව සම්පූර්ණ පොරොන්දම් ගැළපීම ධනාත්මක නිසා ලෞකිකමය සැප සම්පත් ලැබේය යන සිතුවිල්ල විවාහ වීමත් සමඟම සිතට කාන්දු වේ.

 

එහෙත් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි. මහා ධන කුවේරයෙක්ව සිටි සැමියා අන්ත අසරණ තත්ත්වයට පත්වේ. විශාල ව්‍යාපාරයක හිමිකරුවකු ක්‍රම ක්‍රමයෙන් එය පිරිහී බංකොලොත් වේ. සමහරුන්ගේ රැකියා අහිමි වී උන්හිටි තැන් පවා විනාශ වී අසරණ තත්ත්වයට පත්වේ.

ඊට පසු ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමෙන්ද ඵලයක් නොලබන්නේ තමාගේ කේන්ද්‍රය ඉතාම යහපත් යැයි පැවසූ විටය. ඡ්‍යෝතිෂ විද්‍යානුකූලව බලන විටදී බිරිඳගේ ජන්ම පත්‍රය බැලීම අනිවාර්ය වේ. ඇගේ ජන්ම පත්‍රයේ 7 වැන්න ලග්නය හා දෙවැන්න විශේෂ වන බැව් පෙනේ. විවාහක ස්ථානයේ අශුභ ග්‍රහ තත්ත්වයක් පිහිටීමෙන් සැමියාගේ භව බෝග සැප සම්පත් වැනසේ. සත් වැන්න සහකරු සහකාරිය නියෝජනය වන තැනකි. අපරදිග වෛද්‍ය විද්‍යාඥයින් මිනිස් සිරුරෙන් කිසියම් රශ්මි කදම්භයක් නිකුත්වන බැව් සොයා ගෙන තිබේ.

ක්ර්ලියන් පොටෝග්‍රැපි ලෙස දක්වන ඡායාරූප ක්‍රමය හරහා එවන් වර්ණ ජාලය දැක ගැනීමට හැකිවේ. අශුභ වූ රශ්මි ධාරාවක් බිරිඳගේ සිරුරෙන් පිටවේ නම් සැමියාට නිතැතින්ම එය අහිතකර වේ. මෙවන් අශුභ වර්ණ සැමියාගේ සිරුරට අවතීර්ණවීම හරහා මානසික හැසිරීම් රටාව අවුල්සහගත වේ. එය ශරීර සෞඛ්‍යයටද බලපානු ඇත. වර්ණ විද්‍යාව සෑම ජීව අජීවියකුටම බලපානු ඇත.

සෑම ස්ත්‍රී පුරුෂයකුගෙන්ම රශ්මි ධාරාවන් නිකුත් වේ. එය සුබ හෝ අසුබ වන බැව් ජන්ම පත්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව සොයා ගැනීමට හැකිවේ. එවන් අශුභ රශ්මි පිටකරන කාන්තාවක් හා යුගදිවියට ඇතුළුවීමෙන් පුරුෂයාගේ පිරිහීම ඇතිවන බැව් පර්යේෂණවලදී අනාවරණය වී තිබේ. අශුභ ග්‍රහ පිහිටීම් මෙයට මූලාශ්‍රය වේ. මෙවන් අශුභ ග්‍රහ රටාව අනුව බලනවිට එවන් කතුන් විෂ කන්‍යාවියන් ලෙස ඡ්‍යොතිෂයේ හඳුන්වනු ඇත.

8 වැන්න මේෂ හෝ වෘශ්චික වී එහි කුජ රාහු සමඟ යෝගවී ශුභ පෙනීමක් රහිත වී නම් ඇය සමඟ යුග දිවි අසාර්ථක වේ. කුජගේ දශාවල අට වැන්නේ ඒරාෂ්ටකය යෙදීමෙන් විශාල ලෙස කායික මානසික පීඩනයන්ට ගොදුරු වේ. කටකය 7 වැන්න වී අනතුරුව එකී හත් වැන්නේ කුජ සිටියදී ශනි හෝ රාහු ලග්න ගතවීම ඉතාම අයහපත් ය. විෂ කන්‍යා යෝගයකි.

විෂ කන්‍යා යෝගය යෙදෙන ආකාරය 12 වැනි තිථිය සහිත ඉරිදා දිනක අස්ලිස සියාවස, කැති යන නැකතක උපත ලැබීම දෙවැනි තිථිය සහිත කුජ දින අස්ලිස හෝ සියාවස නැකතින් හෝ හත්වැනි තිථිය සහිත දිනක සියාවස හෝ විසා නැකතින් උපත ලැබීම දෙවැනි තිථිය යෙදී ඇති සෙනසුරාදාවක අස්ලිස නැකතින් හෝ හත්වැනි තිථිය සහිත සෙනසුරාදා කැති නැකතින් ඉපිද ඇති බවද ඉරිදා, අඟහරුවාදා යන දිනයක උපත ලැබී නම් එය 2, 7, 12 යන තිථියක් යෙදී ඇති අස්ලිස, විසා, සියාවස හා කැති නැකතට සබඳතා ඇද්දැයි බැලිය යුතු වේ. පහත දැක්වෙන වගුව හරහා තේරුම් ගත හැක. ඉරිදා 12 වැනි තිථිය නැකත් කැති අස්ලිස අඟහරුවාදා 2 වැනි තිථිය සියාවස අඟහරුවාදා 7 වැනි තිථිය විසා සියාවස සෙනසුරාදා 2 වැනි තිථිය අස්ලිස සෙනසුරාදා 7 වැනි තිථිය කැති නැකත වන්නේ ය.

විෂ කන්‍යා යෝග යෙදෙන වෙනත් අවස්ථාවන් ලග්නයේ ශනි කුජ 9 සිටීම, මේෂ ලග්න කේන්ද්‍රයේ ශනි ලග්නයේද කුජ කේතු සිටීමත් මේෂ ලග්න කේන්ද්‍රයක කුජ ලග්නයේ රවි රාහු 6 සිටීමද මේෂ ලග්න කේන්ද්‍රයේ රාහු ලග්නයෙත් කුජ, ශනි 6 සිටීමද සිංහ ලග්න කේන්ද්‍රයේ ශනි ලග්නයේත් රවි කේතු 06 වීමද මේෂ ලග්න කේන්ද්‍රයේ රාහු ලග්නගතවද රවි - ශනි 10 වීමද යන්නයි.

තවද විෂ කන්‍යා යෝගය භංග වන ආකාරයක් ද ඡ්‍යෝතිෂයේ දක්වා තිබේ. 7 වැන්නාධිපති 07 සිටීම හා ලග්නයේ ශුභයකුවීමද නැතහොත් සඳු සමඟ ශුභයෙක් එක්වීම හරහා විෂ කන්‍යා යෝගය භංග වේ. ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු, බුධ, ගුරු, කිවි ඉතාම බලවත්ව සිටීම හරහා ද විෂ කන්‍යා දෝෂය භංග වන්නේ ය.

උච්ච බලයෙන් හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් තොරව සඳු, කුජ, ශුක්‍ර පාපී පෙනීමක් ලැබීමෙන් ඇගේ චරිතය ඉතාම දූෂිත එකක් වේ. 7 වැන්නේ යෙදීමෙන් යුගදිවිය කඩා වැටේ. කාල සර්ප යෝගය ඇත්නම් වඩාත් උග්‍ර වේ. 7 වැන්න අධිපතියා පාපියෙක් ව 8 හෝ 12 අධිපතියා සමඟ යෝගවී ලග්නයේ හෝ 2 වැන්නේ වී නම් අනිටුඵල ලැබේ. 7 සිංහය වී කුජ නීච වී යෙදීම අයහපත් ය. 7 අධිපතියා 8 අධිපතියා සමඟ සංයෝගව 6 හෝ 12 වැන්නේ සිට පාපී දුෂ්ඨි ලැබීමෙන් ගැටලුකාරී තත්ත්වයක් උදාවේ.

මෙයට අමතරව ඇය උපන් දවස තිථිය හා නැකත මුල් කොටගෙන යෙදෙන තවත් විෂ කන්‍යා යෝග කීපයක් ඇත. ශනි දින 2 වැනි තිථියේ අස්ලිස නැකත කුජ දින 7 වැනි තිථියේ සියාවස නැකත ඉරිදා දොළොස්වැනි තිථිය. විෂ කන්‍යා යෝගයේ ප්‍රතිඵල අහිතකර වේ. ප්‍රථම මල්වරය සිදුවීමෙන් තවත් උග්‍රවේ. ගෙදරින් පිටත මල්වර වීම අවඅමාවක හෝ සැටවක අශුභ තිථි යෙදී ශනි දින සිදුවීම ඉතාම අයහපත්ය. ඉන් ලැබෙන ප්‍රතිඵල ඉතාම අහිතකරයි. විෂ කන්‍යා යෝග කාරක අයකු සමඟ විවාහ දිවියට ඇතුළුවීමෙන් සැමියාට ඉතාම අහිතකර තත්ත්වයක් උදාවන බැව් ඡ්‍යොතිෂයේ දක්වා ඇත්තේ ය. විවාහ දෝෂ 20 අතර විෂ කන්‍යා යෝගයද 9 වැනි තැනට පැමිණ ඇත.

 

ඡ්‍යොතිෂ සහ වාස්තුවිද්‍යාවේදී

දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.