මකර රවිය රාජ්‍ය පාලනයට කෙසේ බලපායිද?

ප්‍රබල දේශපාලනඥයකුට මාරක අපල
ජනවාරි 20, 2023

ලංකා කේන්දරය වන කුම්භ ලග්නයෙහි 7 අධිපති වන රාජ්‍ය කාරක රවි ග්‍රහයා ජනවාරි මස 14 වැනි සෙනසුරාදා රාත්‍රී 8.44 ට තමාට සතුරු භාවයක් වන 12 වැන්න වූ මකර රැසට පිවිසියේ ය. මෙකී මකරයට පැමිණෙන රවි දැනට ලංකා කේන්දරය වන 3 වැන්න වන මේෂ රැසෙහි ගෝචරය වන සතුරු රාහු සහ 9 වැන්න වූ තුලාවේ ගෝචරය වන සතුරු කේතු කේන්ද්‍රය දෘෂ්ටියෙන් පීඩා වීමත් රවි එසේ පිවිසෙන මකර රැස උප්පති රවි හෙවත් ජන්ම රවිගේ රැසක් වීමත් එකී රැසෙහි සූර්ය ඒරාෂ්ටක අපලයක් උදා කරමින් සෙනසුරු රවි සමඟ සිටීමත් හේතු කොටගෙන මෙරට පාලනය දුර්වල වීමට හේතු විය හැකිය. මෙකී ග්‍රහ ගෝචරය සීහුම් දින 3ක් ගත වූ පසු එනම් ජනවාරි මස 17 වැනි අඟහරුවාදා සවස 06.03ට ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ අධිපති ශනි ග්‍රහයා ලග්නයට පැමිණ ඇති බැවින් සූර්ය ඒරාෂ්ටක අපලයේ අවසන් අදියරය උදා වන්නේ ය. එසේ ලග්නයට පැමිණි සෙනසුරු සප්තම දෘෂ්ටියෙන් නිදහස් කේන්දරයේ 7 වැන්නේ සිටින රාජ්‍ය ස්ථානාධිපති කුජගේ පූර්ණ දෘෂ්ටියෙන් 10 වැන්නේ නිදහස් කේන්දරයේ 10 වැන්නේ සිටින නීච 6 අධිපති සඳුත් 2 - 11 අධිපති ගුරුවත් දකියි. එවිට 10 වැන්නාධිපති හෙවත් රාජ්‍ය ස්ථානාධිපති කුජ ගෝචරයෙන් ස්වකීය දිග් බල රාශිය වන 10 වැන්නෙන් 7 වැන්න හෙවත් මහජනතාව නිවේදනය කෙරෙන සිවුවැන්නේ කුජ දීප්ත යෝගයක් උදා කරමින් සිටියි. එය මෙරට සිටින මහජනතාව මෙන්ම, විවිධ දේශපාලන කණ්ඩායම්, සහ විවිධ පාර්ශ්වයන් මැතිවරණයකට යාමට බලපෑම් කරන ග්‍රහ බලයකි. විශේෂයෙන් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇත. මෙකී කාල සීමාව තුළ කුජ ග්‍රහයා සතුරු රාහුගෙන් දෙවැන්නේ ගෝචරයෙන් ගමන් ගැනීම තරුණ ජනතාව අතර මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම සිදුවිය හැකිය. පාතාල කල්ලි වෙනදාට වඩා ක්‍රියාශීලිවීම මන්දයත් රවි ග්‍රහයා ඉහත විග්‍රහ කළ පරිදි දුබල වීම හේතු කොට ගෙන රට තුළ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමට බාධා පැමිණීමයි. මෙරට ප්‍රබල දේශපාලනඥයෙක්ට මාරක අපල විපත් ඇති කරන්නට ද මෙම ග්‍රහ මාරුව සමත් විය හැක.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.