විවාහ දෝෂ හැ‍ෙදන හැටි

මාර්තු 3, 2023

 

කුජගේ භෞම දෝෂය ඇත්තේ මේෂ ලග්නයට 2 වැන්නේ පමණයි. වෘෂභයට දෝෂ නැත. මිථුනයට 4 දී දෝෂ හට ගනී. කටකයට දෝෂ නැත. සිංහයට නැත. කන්‍යාවට නැත. තුලාවට 8 වැන්නේ ද වෘශ්චිකයට 8 වැන්නේ ද ධනුවට 7 වැන්නේ ද මකරයට දෝෂ නැත. කුම්භයට දෝෂ නැත. මීනයට 4 හා 7 පමණක් දෝෂ ඇත.

 

මේ හරහා බලනවිට 1, 2, 4, 7, 8, 12 කුජගේ භෞමදෝෂ යෙදී ඇතත්, මෙම දෝෂ භංග වන්නේ ගුරු, රවි සහ ශනිගෙන්ය. අපේ රටේ පවතින සංස්කෘතිකම ජීවන රටාව හරහා බලන විට ඍජුවම කතා කළ නොහැකිය. වයස 50 /60 දක්වා පසු වුවත් විවාහයෙන් සාර්ථක ප්‍රතිඵල නොලද ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සිටින බැව් ප්‍රසිද්ධ රහසකි. පොතේ දක්වන පරිදි විවාහ දෝෂ 20ක් පමණ තිබේ. ඒවා එකින් එක විග්‍රහ කිරීමට පත්‍ර පිටු විශාල සංඛ්‍යාවක් ලිවීමට අවශ්‍ය වේ. විවාහයක් වන විට දී මෙම ලකුණු හරහා ම ස්ථිර වී යුග දිවියක් ඇරඹීමට යෑමෙන් සමහර විට වරදින තැන් අතිවිශාලයි. අද අපි මේ ගැන ගැඹුරින් කතා කරන්නට අවශ්‍ය වේ. දෙදෙනාගේම ග්‍රහ හැසිරීම අනිවාර්ය වේ. විවාහවීම පහසු වුවත් එම විවාහය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ග්‍රහ ප්‍රතිපාදනයන්ද දෙදෙනාටම තිබිය යුතුයි.

සමහරවිට නාඩි පොරොන්දම තුළ පවතින පූර්ව මධ්‍ය අන්තය නොගැළපේ නම් රජ්ජු පොරොන්දම ගැන බැලීමක් සිදුවේ. පොරොන්දම්වලට පමණක් මුල් තැන දී ක්‍රියා කරන්නේ නම් එය එතරම් යෝග්‍ය නොවන බැව් දක්වමු. කේන්ද්‍ර දෙකෙහිම 7 වැන්නාධිපති 8 වැන්නේ ද 8 වැන්නාධිපති 7 වැන්නේ ද සිටින පරිවර්තන යෝගයක් ඇත්නම් ඒ ගැනත් බැලීම වැදගත්ය. මෙම පිහිටීම සාර්ථක යුග දිවියක් ගෙවීමට නොහැකි බැව් ඔප්පු වී ඇත. ශනි මංගල, චන්ද්‍ර මංගල, විෂ කන්‍යා විෂ පුරුෂ කඩහන්දි නාශාංශක මන්දායුෂ්ක ඒරාෂ්ටක දෝෂ වැනි විවාහයට අහිතකර ග්‍රහ දෝෂ යෙදී ඇත්නම් කොපමණ හොඳ වුවත් පොරොන්දම් ගැළපීම් විවාහයට හිතකර නොවේ. ප්‍රබලතම විවාහ දෝෂ තිබියදී යුගදිවියක් ඇරඹීමෙන් වන්නේ යුගදිවිය අතරමඟ කඩාවැටීමයි. දැන් ඔබට වැටහෙනවා ඇති. උඩින් පල්ලෙන් කේන්ද්‍ර බලා කෙරෙන විවාහයක් සාර්ථකත්වයට පත් වන්නේ කෙසේද කියා. වසර 60ක ආසන්න කාලපරාසයක් තුළ පොරොන්දම් අතිවිශාල සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමෙන් ලද අත්දැකීම් හරහා මෙවැන්නක් සටහන් කරමු.

----------------------

උතුරට හිස දමා නිදා ගැනීම අසුබයි

මේ වන විට බොහෝ දෙනෙක් දන්නෙ නිදා ගන්නා විට බස්නාහිරට හිස දැමීම හොඳ නෑ කියන කතාව. බෞද්ධයන් අතර මෙය පැතිරිලා තියෙනවා. එය මෘත්‍ය දේහය ගැන කියන කතාවක් නිසා. උතුරට හිස දමා නිදාගන්න එක අයහපත් වෙනවා. පිරිනිවන් මංචකයේ දී බුදුන් වහන්සේ වදාරා ඇත්තේ ආනන්දය උතුරට දෙපට සිවුර දමා මට සයනය කිරීමට සූදානම් කරන්න යැයි යන පුරාවෘත්තය.

 

මිනිස් සිරුරේ 80% වතුර තියෙන්නෙ H.O  කියන හයිඩ්‍රජන් පරමාණු 2 යි ඔක්සිජන් පරමාණුවයි සම්බන්ධවෙලා හැදෙන්නෙ.

ජල අනුවක් 104.5 කෝණයකින් තමයි පරමාණු 3 සම්බන්ධවෙලා තියෙන්නේ. උතුර ඔළුව දමා රාත්‍රියට නිදාගත්විටදී හදවතට රුධිරය දෙන්න අපහසු වෙනවා. අනික් දිසාවලට හිස දමා නිදාගත් විට මෙම සිද්ධිය වන්නේ නෑ. උතුරේ පවතින කාන්දම් ශක්තිය වැඩියි. නැඟෙනහිර සිට බටහිරට එන්නේ “කොස්මික්” කිරණ ශක්තිය. මෙම විද්‍යාත්මක ක්‍රමය නිසා උතුරට හිස දමා සෑහෙන කාලයක් නිදාගැනීමෙන් ශාරීරික රෝගවලට බලපානු ඇත. ඉතාම අසුබයි. මේ ගැන අපි කවුරුත් දැනුම්වත් විය යුතු වේ.



----------------------------
කුම්භ ලග්නයේ ඔබට උදා වූ සස යෝගය

 

1993 මාර්තු මස 06 වැනි ශනිදින සවස 04.55 ට ශනි (සෙනසුරු) කුම්භ රාශියේ සිටි අතර පුෂ නැකැත උදා වී තිබිණි. වසර 30කට පසු 2023 ජනවාරි 17 වැනි දින ශනි කුම්භ රාශි ගත වී 23 වැනි දින ශුක්‍ර පැමිණ සස යෝගය නිර්මාණය විය.

 

විශ්වයේ ආලෝක පැත්තේ සුබවාදී ග්‍රහයන්ගේ හැසිරීම හරහා කුම්භ ලග්න හිමියන්ට වසර 2 1/2ක්ම සුබවාදී ජීවන ගමනට යහපත් වන බැව් දක්වමු. කුම්භ ලග්නයට ශනි පැමිණීමෙන් ඒරාෂ්ටකයක් වූවත් ශනි උච්ච ක්ෂේත්‍රවීම නිසා එහි ඇති අසුබ ප්‍රතිඵල ඍණ පැත්තට හැරෙනු ඇත. ඉදිරි කාලසීමාව සිය දෛනික වැඩ කටයුතුවලට යහපත් වන අතර වෙළඳ ව්‍යාපාර කටයුතුවලින් ධනාත්මක පැත්තට නැඹුරුවීම ඉතාම සුබයි. 2 වැනි ධනස්ථානයේ ගුරු මීනයේ වීමද තවත් සුවිශේෂි ග්‍රහ හැසිරීමකි. පසුගිය කාලය තුළ 12 වැන්නේ මකරයේ ශනි සිටීමෙන් ලද යම් යම් හීනතාවයන් මග හැරී නව මාවතකට පිවිසීමට හේතු කාරකයක් බවට පත්වේ.

තවද ශනි කුම්භ ලග්නයේ මූල ත්‍රිකෝණයි. ඉතාම සුබ පිහිටීමකි. මිත්‍ර රැසක්ම හමුවේ. කරදර අඩුවේ. උසස් රැකියාවක් හා ව්‍යාපාර කටයුතු දියුණු වේ. තවද යහපත් යුග දිවියකට පත්වේ. සාරවත් වේ. පෙම් සබඳතාවලට ධනාත්මක පැතිකඩක් ශුක්‍ර එකතුවීමෙන් සස යෝගය නිසා ඇතිවේ. ඉදිරි වසර දෙක හමාර තුළ මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති විවාහය සිදුවීමට සුබවන අතර යුග දිවියේ සෞන්දර්යවත් ආලය ආදරය ප්‍රේමය හා ළෙන්ගතුකම වර්ධනය වනු ඇත. විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියන්ට වසර 30කින් තමාවෙත පැමිණි ශනි හා සිකුරුගේ සස යෝගය උදාවී තිබෙන මෙම යහපත් කාලයෙන් දිරිමත්ව ක්‍රියාකර ජීවිතය ජය ගන්නා ලෙස ඡ්‍යෝතිෂමය තෙවැනි ඇසින් දක්වමු.


ඡ්‍යෝතිෂවේදී දේශබන්ධු, - හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.