ශ්වසන රෝග ඇති කරන ග්‍රහ පිහිටීම්

මාර්තු 10, 2023

 

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පෙර අපරදිග බොහෝ රටවල් කාර්මිකකරණයට ලක්වීම හේතු කොට පෘථිවියේ බොහෝ රටවල්වල වායුගෝලය දූෂණය වීම නිසා ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ජන කොටසක් ශ්වසන රෝගවලට ගොඳුරු විය. ඒ අනුව එලෙස ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ශ්වසන රෝගවලින් පීඩා විඳින හෙයින් අන් රෝගවලට වඩා ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට පුහුණුව ලැබූ වෛද්‍යවරුන් වැඩි සංඛ්‍යාවක් සිටින අතර, අන් රෝගවලට වඩා ශ්වසන රෝග සඳහා ඔසුහල්වල බෙහෙත් වර්ග රාශියක් ඇත.

 

ඡ්‍යෝතිෂය ශාස්ත්‍රයට අනුව ශ්වසන රෝග වැලඳීමට හේතු භූත වන ග්‍රහ බල පිළිබඳව කරුණු විමසා බැලීමේදී මනුෂ්‍ය ශරීරය කොටස් 12කට බෙදා දක්වා ඇති කාල පුරුෂ කේන්දරයෙහි ශ්වාසනාලය මෙන්ම පෙණහැල්ලේ උඩ කොටස නිවේදනය කෙරෙන තුන්වැන්න වන මිථුන රැසත් එහි අධිපති වන බුධ ගැනත් එමෙන්ම පෙණහැල්ලේ පහළ කොටස නිවේදනය කෙරෙන කාල පුරුෂ කේන්දරයේ සිවුවැන්න වූ කටක රැසත් එහි අධිපති සඳු ගැනත්, ලග්න කේන්දරයක තුන්වැන්න සහ එහි අධිපති ගැනත් 4 වැන්න සහ එහි අධිපති පිළිබඳව කරුණු පරීක්ෂා කර බැලිය යුතුය. මෙය තවදුරටත් පැහැදිලි කළහොත් ලග්න කේන්දරයක මිථුන රැසත් එහි අධිපති බුධ ගේ බල දුබලතා ගැනත් කටක රැස සහ එහි අධිපති සඳුගේ බල දුබලතා ගැනත් ලග්න කේන්දරයේ තුන්වැන්න සහ එහි අධිපතිගෙත් 4 වැන්න සහ එහි අධිපතිගේත් බල දුබලතා ගැනත් පරීක්ෂා කළ යුතුය. ඒ අනුව යටකී සාධකයන්ගෙන් වැඩි හරියක් පීඩා වී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා ශ්වසන රෝගියෙක් වන්නේය. ඒ අනුව තවදුරටත් කේන්දරයක යටකී සාධකයන් වැඩි හරියක් 6,8,12 යන දුෂ්ට භාව අධිපතියන්ගෙන් හෝ නීච, සතුරු අස්ත බව ලැබූ රවි, කුජ, ශනි, රාහු, කේතු යන සහජ පාපින් වැඩි දෙනෙක්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා වී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්ද්‍ර හිමියා ශ්වසන රෝගියෙක් බවට පත් වන්නේය. යට විග්‍රහ කළ කරුණු පිළිබඳව වඩාත් පැහැදිලිවූත්, නිරවුල් වූත් අවබෝධයක් ලබා ගැනීමට ශ්වසන රෝගයෙන් පීඩා විඳින ජන්මියකුගේ කේන්දර සටහනක් අධ්‍යයනය කරමු.

උපත 1984.04.05 සවස 54.07 කළුබෝවිලදීය.

ඉහත කේන්දරය හිමි කාන්තාව ශ්වසන රෝගයකින් පීඩා විඳීම නිසා කෘත්‍රිම ශ්වාස නාලයක් බද්ධ කරන ලද තැනැත්තියකි. ඒ අනුව ඉහත දැක්වෙන ඇගේ කේන්දරයට අනුව ඇයට ශ්වසන රෝගයකින් පීඩා විඳීමට හේතු භූත වූ ග්‍රහ බල කවරේද? යන්න පිළිබඳව ඉහත කේන්දරයට අනුව කරුණු විමසා බැලීමේදී ලග්නාධිපති මෙන්ම පෙණහලුවලට කාරක ග්‍රහයෙක් වන බුධ ග්‍රහයා සෙමට කාරක ග්‍රහයෙක් වන 11 වැන්නාධිපති සඳු ග්‍රහයා සමඟ යෝගව, දුෂ්ට භාවයක් වන 8 වැන්න වූ මේෂ රැසෙහි තැන්පත්ව සිටීමත් එහි අධිපති කුජ ශ්වසනයට සම්බන්ධ රැසක් වන 3 වැන්න වූ වෘශ්චිකයේ ස්වක්ෂේත්‍ර බලය ලැබුවද ලග්න කේන්දරයට අනුව 22 වෙනි මෙන් 64 මෙන්ම නවාංශකාධිපතිවන රාහු/ කේතුගෙන් පීඩා වී සෙනසුරු රාහු බාධක ස්ථානාධිපති ගුරු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරීව සිටීම තදබල බරපතළ ශ්වසන රෝගයකට ගොදුරුවන බව පෙන්වා දෙන ග්‍රහ බලයකි. මෙහිදී සිවුවැන්නේ එනම් පෙණහැල්ලේ පහළ කොටස නිවේදනය කෙරෙන සිවුවැන්න වූ ධනු රැසෙහි ගුරු ග්‍රහයා හංස යෝගය උදා කරමින් යෝග කාරක බුධ සහ සිකුරු ගේ ශුභ බලපෑම ගුරුගෙන් 2/12 යන රාශිවල ලැබීමෙන් එම ගුරු තවදුරටත් ශුභ කර්තරිහ යෝගයකට මැදිව සිටීම නිසා එකී ශ්වසන ආබාධය හේතුකොට ගෙන පෙණහලුවල පහළ කොටසට තද බල හානියක් ඇති නොවන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේය. මෙහිදී විශ්ව කේන්දරයට අනුව මිථුන, සහ කටක රාශිවලට ඇති වූ පාප බලපෑම ගැන කරුණු විමසා බැලීමේදී කන්‍යා ලග්නයෙන් 10 වැන්න වූ මිථුනයේ අධිපති බුධ 22 වෙනි දෙර්කාණාධිපති මෙන්ම 64 වෙනි නවාංශකාධිපති ගේ රැසක් වන මේෂයේ පතිත වීමත් 2 වැන්නේ සිටින උච්ච නමුත් වක්‍ර බලය ලැබ නීච වූ රෝග ස්ථානාධිපති ශනිගේ සප්තම දෘෂ්ටියට ලක්වීමත්, කේතු කුජ,රවි, රාහු යන ග්‍රහයන්ගෙන් පාප කර්තහරීය වීමත්, මිථුන රැස රවි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරීහ වීම එකී ශ්වසන රෝගී තත්ත්වය (අසාත්මිකතාවය) හේතු කොට ගෙන ශ්වාසනාලය සහ පෙණහලුවල උඩ කොටස පීඩා වීමට හේතු වී ඇත. මෙහිදී තුන්වැන්නට අඟහරු, රාහු,කේතු ගේ බලපෑමට ලක්වීම ශ්වාස නාලයෙන් කොටසක් ශෛල්‍යකර්මයක් මඟින් ඉවත්කොට කෘති‍්‍රම ශ්වාසනාලයක් බද්ධ කිරීමට හේතු වී ඇත. ඉහත සඳහන් කළ පෙණහලුවලට සම්බන්ධ කටක රැසට යෝගකාරක සිකුරුගේ සහ බුධගේ දෘෂ්ටිය වැටීම නිසා පෙණහලුවල පහළ කොටසට යටකී රෝගී තත්වය නිසා පීඩාවක් නොවූ නමුත් සඳු, සඳුගේ බලය පිරිහෙන නරකම ස්ථානයක් වන 8 වැන්නේ බුධ මෙන් රවි, රාහු, කුජ කේතු යන ග්‍රහයන්ගෙන් පීඩාවීම හේතුකොට රුධිරය දූෂණය වීම නිසා ශ්වසනය කිරීමට අපහසුවන පරිදි ශ්වසන නාලය තුළ සෙම බැඳීමක් ඇති විය. ඒ අනුව ඉහත කේන්දරය හිමි කාන්තාවට යට විග්‍රහ කළ පරිදි තදබල ශ්වසන රෝගය ඇගේ ආයුෂ කෙටි කරන බව මාරක ස්ථානයේ එනම් අට වැන්නේ පතිත පාප පීඩිත ලග්නාධිපති බුධ සහ සඳු යන ග්‍රහයන්ගෙන් පැහැදිලි වන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.