රවි–බුධ–මීන රාශි ගතවෙද්දී බුධ–නැප්චූන් යුද වදී රවි බුධ මීන රාශි ගත වීම හා බුධ – නැප්චූන් යුද්ධය පිළිබඳ සමාලෝචනයක්

මාර්තු 17, 2023

මීන රාශිය කටක නවාංශකය, පුවපුටුප 04 පාදය, උත්‍රපුටුප 01,02,03,04 රේවති 01,02,03,04 පාද ගුරු, ශනි, බුධ ග්‍රහයන් හිමිව අපි‍්‍රයෙල් 14 පස්වරු 02.59 දක්වා උත්තරායනය වසන්ත ඍතුවෙහි මැදින් මහේ අටවක තිථිය මීන රවි 01 භාගය මාර්තු 15 බුධ දින පෙරවරු 06.34 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති හිමි මීන රාශියට සූර්ය දිව්‍ය රාජයාණෝ කෝණමාසය ද උදා කරලමින් සංක්‍රමණය විය. නැඟෙනහිර ක්ෂිතිජයෙහි බ්‍රහස්පති හිමි මීන රාශි උදාවෙහි බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව රවි මිත්‍රශීලිව නැප්චූන් ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව ද යුරේනස් සමව සිකුරු සමව රාහු සතුරුව 02 වැන්නවූ ධනස්ථානගතව ද මාන්දි ග්‍රහයාගෙන් 03 වැන්නවූ වික්‍රමස්ථානයද සෙන්පති අඟහරු 04 වැන්නෙහි සතුරුවද කේතු සතුරුව 08 වැන්නවූ මෘත්‍යූ ස්ථානගතව ද චන්ද්‍රයා නීචව 09 වැන්නවූ භාග්‍යස්ථාන ගතවද ප්ලූටෝ සතුරුව අයස්ථානය වූ 11 වැන්නේද සෙනසුරු ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව බුධ සමව 12 වැන්නවූ වැය ස්ථානගතවද 04 -07 ට අධිපති බුධ ග්‍රහයා 07 වැන්නෙහි බාධක ග්‍රහයා ලෙසටද 03 -07 අධිපති බුධ ග්‍රහයා මාන්දි ග්‍රහයා මෙන්ම 22 වැනි මාරක දෙර්කාණාධිපති ලෙස ද විශ්ව තාරකා මන්දාකිණිය විද්‍යමාන විය.

මාර්තු 15 පෙරවරුවෙහි බ්‍රහස්පති හිමි මීන රාශියට රාජ්‍යකාරක රවි සංක්‍රමණය ද එලෙසම ඤාණකාරක බුධ මාර්තු 16 පෙරවරු 10.48 ට බ්‍රහස්පති හිමි මීන රාශියට නීචක්ෂේත්‍රව සංක්‍රමණය වීම ද මෙදිනම බුධ නැප්චූන් ග්‍රහ යුද්ධයක් රාත්‍රි 10.44ට නිර්මාණය වීමෙන් නැප්චූන්ගේ විජයග්‍රහණයක්ද සෞරග්‍රහ මණ්ඩලයෙහි ග්‍රහණය වෙන්නේය.

 

මෙම ග්‍රහ සංක්‍රමණය අනුව,

කාලගුණික, දේශගුණික විෂමතාවන් අනුව ගිනි කඳු, අයිස් කඳු කඩා වැටීම් භූ කම්පන , නායයෑම්, ගිලාබැසීම්, අකුණු ගැසීම් , ගංවතුර ගැලීම්, කුණාටු, චණ්ඩ මාරුත, දෙස් විදෙස්හි නිර්මාණය වී යාමෙහි ප්‍රවණතාවක් විශ්ව තාරකා මන්දාකිණිය ආශි‍්‍රත ගමන් මඟෙහි විද්‍යමාන වෙයි. චරිතවත් කුල කාන්තාවක් මූලිකව කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය ලබා දෙයි. සාමය, සමඟිය, මුවහත්වී යාමෙහි මාර්ග බහුල කෙරෙයි. සමස්ත පුරවැසි ජනතාවම ඔවුන්ගේ ප්‍රෞඪත්වය, පෞරුෂත්වය මත රැකීරක්ෂා ආදායම් මාර්ග, සම්පාදනය කර ගැනීම සිදු කරනු ලබයි. තර්ජන, වර්ජන, ගර්ජන, කැරලි කෝලාහල දෛනිකව ඉහළයයි. පෞද්ගලික ව්‍යාපාර , කර්මාන්ත ආශි‍්‍රතව අවරෝහණ ධාරිතාවක් උච්ඡ ස්ථානගත වෙයි. ප්‍රවාහනය, විදුලිය, ආශි‍්‍රතව ගැටුම්කාරි බවක් විද්‍යමාන කෙරෙන සුළුවෙයි.

ග්‍රහ යුද්ධය අනුව කුණාටු සහ භූමිකම්පා ආශි‍්‍රතවද ආරාවුල් මතභේද ගැටුම්කාරී බව ආදි භේදභින්නකම් හි නැප්චූන් ප්‍රධානත්වය දරයි. පෘථිවියෙහි ජීවාත්මක බලය විපරීත විකෘතිකර බවට පාත්‍ර කෙරෙනුයේද නැප්චූන් නම් පෙරළිකාර ග්‍රහයාගේ විස්මිත ක්‍රියාකාරකම්හි බලපෑමෙනි. 1846දී යුරේනස්ගේ ග්‍රහ ගමන්මඟ දැඩි පරීක්ෂාවට එකල විද්‍යාඥයන්ගේ අවධායට තුඩු දුන්නෙකි.

මෙහිදී වෙනත් ග්‍රහයකුගේ ආශි‍්‍රතයෙහි සංඥාවන් පිළිබිඹු වූයේය. එනම් මෙම නැප්චූන් ග්‍රහයා පිළිබඳවයි. මහා පරිමාණ ව්‍යාපෘති සමාරම්භයේදී නැප්චූන්ගේ බලපෑම නොඅඩුව හිමිවේ.

එලෙසම වයිරස්, වසංගත ඇතිවීමේ ප්‍රවණතාවද ඇතිවේ. මෙම සියළු ග්‍රහ තත්ත්වයන් ඔබේ ලග්නයට බලපාන්නේ මෙලෙසයි.

 

මේෂ රාශිය

පදිංචිය, යුගදිවිය, රැකියා, ආදායම් මාර්ග ආශි‍්‍රතව යම් යම් ආකූල ව්‍යාකූල බවක් උද්ගත විය හැකි ය. අධ්‍යාපනය, අධිකරණය, සෞඛ්‍යය, ජීවන තත්ත්වය අනුව කෙබඳු ආකාරව විසඳාගත හැකි බවක්ද නොපෙනෙන ජීවන වියදම් පැතිකඩ උත්සන්න බවක් පෙනී යයි. මානසිකව දැඩි අසහනකාරි බවක් ද පෙනෙයි.

 

වෘෂභ රාශිය

මන්දගාමි බවකින් ද සොර සතුරු ආශි‍්‍රතවද ලැබීම් මාර්ගයන්හි විවිධ හැලහැප්පිලි බාධක අවහිර දුෂ්කරතා මීන රවිය බුධ නීචයද බුධගේ පරාජයද අනුව වෘෂභ රාශි තත්ත්වය දුර්වල විය හැකිය. යුගදිවි සබඳතා හවුල් කාර්යභාරයන් ආශි‍්‍රතව දැඩි නොසන්සුන් බවක්ද ආරම්භ විය හැකිය. බුද්ධිමත්ව දූරදර්ශිව ක්‍රියාකාරිවීම ශුභවාදීය.

 

මිථුන රාශිය

පෞද්ගලික ජීවිතය, ව්‍යාපාරික ක්ෂේත්‍රය සාර්ථකත්වය කරා පා තබයි. රෝගාබාධ සතුරු කරදර අනතුරු ඇතිවිය හැකිය. සමාරම්භක කාර්යභාරයන් කෙරෙහි අවහිර බාධක දුෂ්කරතා හමුවනු ඇත. ඉවසිලිවන්තව ක්‍රියාකිරීම වැදගත් වේ.

 

කටක රාශිය

සබඳතා, අධ්‍යාපනය, විභාග, තුරඟ තරග ඉහළින්ම විජයග්‍රහණය කරා තුඩුදෙයි. ප්‍රභූ ජනතාව ඇසුර පි‍්‍රය මනාප වෙයි. පෞද්ගලික ව්‍යාපාරික පසුබිම උසස් තත්ත්වයක් ගනියි. සමාරම්භක ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික ජීවන ගමන් මඟෙහි ක්‍රියාකාරකම් උසස් ආකාරව සාර්ථකත්වයක් මත ප්‍රතිඵල ගෙනදෙනු ලබයි.

 

සිංහ රාශිය

ප්‍රධානින්ගේ මන්දගාමි ගමන්මඟ ව්‍යාපාර ආයතන කෙරෙහිද බලපානු ලබයි. තුරඟ තරඟ නඩුහබවලින් විජයග්‍රහණය ගෙනදෙනු ලබයි. ප්‍රධානීන්ගේ ක්‍රියාකාරකම් මන්දගාමි බවක් උසුලයි. තිරසර සිතැඟියාවන් අනුව උණුසුම් අරමුණූ සාර්ථක කෙරෙනු ඇත.

 

කන්‍යා රාශිය

 

නව ජීවන ගමන් මඟක් සමාරම්භ කෙරෙයි. පෞද්ගලික ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාර්ථකත්වයට පාත්‍ර කෙරෙයි. වරින්වර සමාරම්භක කටයුතු තවදුරටත් කල්තැබීමට සිදුවනු ඇත. සබඳතා විවාහ කටයුතු සාර්ථකත්වය කරා ගමන් කරයි. සමාජගත ක්‍රියාදාමයන් කෙරෙහි අතහිත දෙයි. සංස්කෘතික මෙන්ම සුබසාධන සේවා ආශි‍්‍රතව උපරිම කැපවීම් කෙරෙනු ඇත.

 

තුලා රාශිය

 

බලාපොරොත්තු රහිතව දෙස් විදෙස් සංචාරක සේවා මෙන්ම දිගුකාලින වූ හෝ හදිසි ආබාධිත වූ තත්ත්වයන් මර්දනයෙහි කාර්යශීලිව ක්‍රියා කරනු ලබයි. උත්සව ආදි ක්‍රියාකාරකම් යෙදෙනු ඇත. සබඳතා විවාහ මංගල කටයුතු සාර්ථකත්වයට පමුණුවයි.

 

වෘශ්චික රාශිය

බලාපොරොත්තු රහිත ක්‍රියාකාරකම් මානසික මෙන්ම ශරීරික රෝගාබාධ පෙන්වයි. පදිංචි නිවාසය භූමිය ආශි‍්‍රතවද පෞද්ගලික ව්‍යාපාරික ක්‍රියාකාරකම්ද බොහෝ දුරට ඇනහිටිය හැකි බැවින් සන්සුන්ව සියලු කාර්යයන්හිදී පෙරමුණ ගත යුතුය.

ධනු රාශිය

පදිංචි ස්ථානය භූමිය ආශි‍්‍රතව නව ආදායම් මාර්ග වර්ධනය කෙරෙයි. හවුල් කටයුතු මෙන්ම විවාහ කටයුතු සාර්ථක කෙරෙයි. මංගල උත්සව පි‍්‍රයසම්භාෂණ පදිංචි ස්ථානය ආශි‍්‍රතව සමාරම්භ වෙයි. රෝගාබාධ ආදිය කල්ගත වෙයි. ශාරීරික පීඩා ගෙන දිය හැකි බැවින් කල්පනාකාරීව ක්‍රියා කළ යුතු කාල පරාසයකි.

 

මකර රාශිය

මීන රවිය නැප්චූන්ගේ විජයග්‍රහණය බුධ මීන රාශියට සංක්‍රමණය වීම මත බොහෝදුරට නිර්මාණශීලි බැව් වැඩි දියුණු වෙයි. විශ්ව මේෂ රාශි කේන්දර සටහනට අනුව ජීවිතයෙහි කඩිනම්ව අධිවේකගීව ක්‍රියාකළ යුතු භාග්‍යමත් කාල පරාසයකි. මන්දගාමී බැව් මඟැහරී යනු ඇත.

 

කුම්භ රාශිය

දිගුකාලීන සිතැඟියාවන් බහුතරයක් සාර්ථකත්වයට පමුණුවා ගත හැක. මන්දගාමී බවක් නිතර මානසිකව පහළ කෙරෙන බවක් ද නිර්මාණය වෙනු පෙනීයයි. සබඳතා විවාහ මංගල කටයුතු සාර්ථක කෙරේ. රැකියා ආදායම් මාර්ග අවස්ථාවන්ද උද්ගත වනුඇත.

 

මීන රාශිය

සමාරම්භක කාර්යභාරයන් හි බාධා අවහිර දුෂ්කරතාවලින් දුරුව ඉටුකර ගැනීමෙහි අවස්ථාව සැලසෙයි. ව්‍යාපාරික මය ගනුදෙනුවලදී සුබවාදී බවක් මතු කෙරේ. උත්සව මංගල කටයුතු ආදියෙහි සහභාගිත්වයද සැලසෙයි. රැකියා ආදායම් මාර්ගයන්හි දී සතුටුදායක බවක් මතු කෙරෙනු ඇත. ප්‍රභූ ජනයා ඇසුරට ලැබේ.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.