ඔබේ සම්පූර්ණ ජීවිතයම ඔය කේන්දරයේ සටහන් වෙලා තිබෙනවා

මාර්තු 17, 2023

කෙනෙක් ස්වකීය වාසනාවන්තකම මත මෙලොව උපදින වෙලාව සිට මෙලොව හැර යන දිනයත්, ඒ දිනය අතරතුර කාලසීමාවේ සිදුවන හැම දෙයක්ම නිවැරදිව හදාගත් කේන්දරයේ නැත්නම් හඳහනේ ලියා තිබෙනවා. තරු – ග්‍රහලෝක ගැන හා ඒවායේ වෙනස්වීම්, විශ්වයේ පවතින තත්වයන් ඉන් අපට සිදුවන යහපත. ඒ වගේම අයහපත මේකේ ඇතුළත්.

යමෙක් ස්වකීය වාසනාවන්තකම මත මෙලොව උපදින වෙලාව සිට මෙලොව හැර යන දිනයත්, ඒ දිනය අතරතුර කාලසීමාවේ සිදුවන හැම දෙයක්ම නිවැරදිව හදාගත් කේන්දරයේ නැත්නම් හඳහනේ ලියා තිබෙනවා. තරු – ග්‍රහලෝක ගැන හා ඒවායේ වෙනස්වීම්, විශ්වයේ පවතින තත්වයන් ඉන් අපට සිදුවන යහපත. ඒ වගේම අයහපත මෙහි ඇතුළත්. ඒක ඉතා ගැඹුරු විද්‍යාවක්.

 

දරුවකු උපන් වේලාව අනුව පැරණි පාරම්පරික ඡ්‍යෝතිර්වේදියා චර තිර, උභය හා තවත් කරුණූු පරික්ෂාවට ලක් කරල කියනවා. ඒ වෙලාවට උපදින්න ඕනෑ. පිරිමි දරුවෙක්ද, ගැහැනු දරුවෙක්ද, එහෙමත් නැත්නම් සතෙක්ද බව. එහෙම ප්‍රකාශ කරල නියම කේන්දරය හදනවා. අපි මේ ක්‍රමයට කියනවා කේන්දරයක් සුද්ධ කරනවා කියලා. ඒ අනුව නියම ලග්නය – නවාංශකය, දසාංශකය. නිවැරැදිව හදල දෙනවා. ඒ අනුව හදන ජන්ම පත්‍රය තමයි ඉතාම නිවැරදි එක වන්නේ. නමුත් පරිගණකයෙන් හදන කේන්දරයේ ඔය එකක් වත් නැහැ. එහෙම කේන්දරයක් බලාගෙන කොහොමද නිවැරැදි පලාඵල කියන්නේ. මේ ආකාරයට කොම්පියුටරයෙන් හදන බොහෝ කේන්දරවල නවාංශකය වෙනස් වන්නෙ ඒකයි. ලග්නයට වඩා නවාංශකයෙන් ගුණාගුණ කියන එක වඩා සූක්ෂමයි. වැරැදි නවාංශක දුන්නොත් කොහොමද නිවැරැදි පලාඵලයක් කියන්නේ අපි මේවා ටිකක් වටහා ගත්තොත් හොඳයි.

ඡ්‍යොතිර්වේදියාගේ දක්ෂකම තමයි, රාශි 12ක ඇතුළත් ග්‍රහයෝ නම දෙනකුගෙන් යුත් රූප සටහනක් බලාගෙන අතීතයත්, වර්තමානයත්, අනාගතයත් ගැන පලාඵල කියන එක. මේක කරන්න නිවැරැදි කරුණුූ රාශියක් හිතේ තබාගෙන, මැණිකක් එක එක පැතිවලට හරව හරවා බලලා කරුණු අවබෝධ කරගන්නාසේ හොඳට පරික්ෂා කරල කරන්න ඕනෑ දෙයක්. එහෙම පරික්ෂා කරලා ඊට හේතුවත්, කෙරිය යුතු පිළියමත් දන්වන්ට ඕනෑ. මේ ප්‍රතිඵලය දැන්වීමට ඡ්‍යෝතිෂයේ මූලික කරුණුූ, සිද්ධාන්ත, හෝරා නැකැත්, තිථි ආදිය ගැන හොඳ දැනීමක් තිබෙන්න ඕනෑ.

උදාහරණයක් වශයෙන් සෑම දිනකම එකම පොදු රාහු කාලයක් ලිතේ සඳහන් වුණාට එහෙම පවතින්නෙ නැහැ. තවත් ක්‍රමයකට කිව්වොත් හැම සඳුදාවකම රාහු කාලය උදේ 7.30 සිට 9 දක්වාම නොවේ. එක විනාඩි ගණනකින් වෙනස් වනවා. කොටින්ම කිව්වොත් බුද්ධාගම, ඡ්‍යෝතිෂය ගැන කරුණූු ඉගෙන ගත්තට වඩා අවබෝධ කර ගන්න එක වටිනවා. අපේ බුදු සාදු චූල පන්ථකට නිවන් අවබෝධ කර දුන්නෙ. කිසා ගෝතමියට නිවන් අවබෝධ කර දුන්නෙ ඒ විදියටමයි.

කිසියම් කෙනෙක් කේන්දරයක පලාඵල විස්තරයක් දැනගන්න ආවාට ඉස්සෙල්ල මුදල් ගැන කතා නොකර ඔවුන්ගේ ප්‍රශ්න ටික. ඡ්‍යෝතිර්වේදියා වටහාගත යුතු වනවා. ඊට පසු ඒවා ඔවුන්ට වටහා දීලා අවශ්‍ය නම් පිළියම් කියාදීම ඔහුගේ යුතුකම වනවා.

කෙනෙකුගේ ලග්නය කිව්වේ ජන්මියා මෙලොව උපදින කොට නැඟෙනහිර ක්ෂිතිජයෙන් උදාවන රාශියට. ඒ වටා රාශින් 12ක් ගමන් කරනවා. ඒ රාශින්ට අයත් ග්‍රහලෝක 9ක් පවතිනවා. ඒ ඒ ග්‍රහයින් එක එක රාශින්ට වෙනස් විදියට බලපානවා. මේ එක රාශියක පරතරය අංශක 30ක් වනවා. මේ සරල කරුණුවත් නොදත් සමහර අය ඡ්‍යෝතිෂය කරන බව මම වගකීමෙන් කියනවා. අපි හොඳට දන්න කරුණක් තමයි වර්තමානයට වඩා අතීතයෛ් හිටි ඡ්‍යෝතිර්වේදියා දක්ෂ බව. ඒ කිසිවෙකුත් පරිගණකය පාවිච්චි කළේ නැහැ. නමුත් පරිගණකයට වඩා සූක්ෂම මොලේ පාවිච්චි කළා. ඡ්‍යෝතිෂ කරුණු, සිද්ධාන්ත දැන හිටියා. දැන් අය බොහෝ දුරට ශාස්ත්‍රයට වඩා සූස්තරය පාවිච්චි කරනවා.

ඉස්සර සිට පැවතෙන කතාවක් තමයි ඕනෑම කෙනකුගේ හතර කේන්දරය පාළුනම් මහණ කමට හැර වෙන කිසිවක් කරන්ට බැහැ කියන එක. ඒක ලොකුම මුසාවක්. හතර කේන්දරය පාලු එක මහණ යෝගයක් නොවේ.

මහණවන්න මහණ යෝග තිබෙන්න ඕනෑ. වැඩිපුරම මහණ යෝගය කිව්වේ කේන්දරයක 5 - 9 රාශි සම්බන්ධ කරගෙන බව දැනගන්න. කේන්දරයක ශනි, සඳු, සිකුරු එකට හිටියොත් නැත්නම් යෝග වුණොත් බලවත් මහණ යෝගයක් ඒකෙනුත් 4 -7- 9 පිහිටියොත් ඉතා බලවත් වනවා. මේවා යෝග පිහිටීම්.

අපේ සියලුම වගතුග මේ කේන්දරයේ සටහන්වෙලා තිබෙනව කියල කිව්වනේ. ඒක උදාහරණයක් සමඟ බලාගනිමුද? උදාහරණයකට මේෂ ලග්නය ගනිමු.

මේ රූපයේ පෙනෙන අයුරු ලග්නය අයිතිකාරයා අඟහරුවා. එයාට අයිති පළමු රාශිය හා 8 වැනි රාශිය. ඊළඟට සිකුරුට අයිති වන්නෙ 2 වැනි හා 7 වැනි රාශි වෙනවා. බුධට අයිති වන්නෙ 3 හා 6 වන අතර, ගුරුට අයිති 9 හා 12 රාශියයි.

සෙනසුරුට 10,11 රාශි වන අතර, සඳුට හා රවිට 4 හා 5 රාශි අයිති වනවා.මෙම පිහිටීම උඩ ඔබේ කේන්දරයට අනුව ඒ වෙලාවට බලපාන්නෙ කොහොමද කියලත් දැනගන්න ඕනෑ. එහෙනම් මේ ශ්ලෝකයට ආදේශ කර බලාගමු. ලග්න ස්ථාන 1 – ධනස්ථාන 2, සහජ 3, බන්දු 4, පි‍්‍රයඞ ශුභ 5 – ශත්‍රෘ 6 – කලත්‍රංච 7 , මුත්‍රංච 8 – ධර්ම 9, කර්ම 10 – අයඞ 11 – වැයඞ 12

ඔබේ තත්කාල කේන්දරයට අනුව මහ දසාව හා අතුරු දසාව ගෙවන්නෙ කාටද කියල බලාගෙන ඒ රාශියට ග්‍රහයාගේ බලපෑම බලාගෙන ප්‍රතිඵල දැනගන්න ඒ වගේම උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම මත ලැබෙන්නෙ නියත ප්‍රතිඵල වුණාට තත්කාල කේන්දරයට අනුව අනියත ග්‍රහ බලපෑම් ද ඇති වනවා. ඔය අඟහරුවා තත්කාල කේන්දරයේ 6 -9 වැනි රාශිවලට හෝ 11 වැනි රාශියේ නපුරට පිහිටියොත් ඒ පිහිටීම ජන්මියාට සුබදායක වන්නේ නැහැ. ඒ වගේම රවි තත්කාල කේන්දරයේ නපුරට පිහිටියොත් තත්ත්වය නරකයි. රවි ඔළුවේ ස්නායු වලට අධිපතියා. අංශභාගේ හදන්නෙ මෙයා.

ඔබගේ පුතා හෝ දුව පාසැල් යන වයසේදී විශේෂයෙන්ම අපොස විභාග ගන්නා කාලයට ගුරු මහ දසාවේ සිකුරු අතුරු හෝරාව ආවෝත් කිසියම් ආදරබර ඇසුරක් ඇති කරලා ඉගෙනීම කඩනවා. කසාද බදින වයසේ නම් සිකුරු මහ දසාවේ ගුරු අතුරු හෝරාව නම් ඉගෙනීම සම්බන්ධව මොකක් හරි ගෙනල්ලා විවාහයට බාධා ඇති කරනවා. මේ දෙකටම පිළියම් හදන විට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොකද ගුරු ශුක්‍රෝ සදා වෛරඞ කියලයි ශ්ලෝකයේ තිබෙන්නේ.

සෙනසුරු ගැනත් ටිකක් කියන්නද? සෙනසුරු ඕනෑම හොඳ දේවල් හැම එකක්ම වගේ ප්‍රමාද කරනවා. ප්‍රමාද කරලා ඒක කරදෙනවාමයි. විශේෂයෙන් විවාහය අනික සෙනසුරු තරම් දෙන ග්‍රහයෙක් මේ සෞරග්‍රහ වළල්ලේ නැහැ. හැබැයි දෙන්න ගත්තාම ඕන කරන එකයි එපා කරන එකයි දෙකම දෙනවා. අර එපා කරන ඒවා ගත්තාට අපි ඉබේටම නරක් වනවා. අන්ත දුගී තත්ත්වයටම පත්වනවා. එනිසා අපිට මොනවා හරි ලැබෙන කොට අවශ්‍ය දේ විතරක් රැගෙන එපා දේ ප්‍රතික්ෂේප කරන්න සෙනසුරුගෙන් ඉගෙන ගන්න.

ඕනෑම කේන්දරයක 2,5,8,11 තිර රාශි බව දන්නවනේ . එහෙනම් මේ තිර රාශියකට අයිති ග්‍රහයෙක් ධර්ම – කර්ම ස්ථානවල දුර්වල වුණොත් ඔබ රජෙක් වුණත් මැරෙන්න ඔබට අයිති නැති ස්ථානයක් වන රෝහලක අනාථ මැදුරක, එහෙමත් නැතිනම් පාළු බස් නැවතුමක බව දැනගත්තොත් හොඳයි.

 

 

පාරම්පරික ඡ්‍යෝතිෂවේදී /ගුප්ත විද්‍යාධර

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.