ග්‍රහ මණ්ඩලය යළි කැලැඹේ 28 දා බුධ තෙවන වරටත් යුද වදී

බුධ - ගුරු ග්‍රහ යුද්ධයෙන් බුධගේ ජය ඔබට සුබදායකද?
මාර්තු 24, 2023

 

උත්තරායනය වසන්ත සෘතුවෙහි මීන රවි 14 භාග බක් මහේ පුර සතවක තිථිය ලත් මාර්තු 28 වැනි කුජ දින දහවල් 12.22 ට සෞරග්‍රහ මණ්ඩලයෙහි බුධ ගුරු දැවැන්ත සංග්‍රාමයෙකි. බුධ ගුරු දෙදෙනා බුධ හිමි මිථුන රාශියෙහි එකිනෙකා අභිබවා ගමන් කිරීමෙහි උත්සාහ දැරීමක් සිද්ධ වෙන්නේ ය. මෙහිදී ග්‍රහයන්ගේ අශුභවාදී කිරණ පෘථිවිය කෙරෙහි ග්‍රහණය කෙරෙන්නේ ය.

අඟහරු හිමි මේෂ රාශි විශ්ව ග්‍රහ චාරයෙහි මෙන්ම රවි හිමි සිංහ රාශි ශී‍්‍ර ලාංකේය ජනරජ කේන්ද්‍ර සටහනෙහි ග්‍රහචාරය ද සමතුලිතව දැඩි අවධානයකට පාත්‍රය කරලීමේදී පෙනී යන්නේ විශ්ව ජන ජීවන රටාව කෙරෙහි විපරීත ග්‍රහ බලපෑමක පසුබිමක් විද්‍යාමාන වන බවය. අඩු ආදායම්ලාභිහූ ගොඩමඩ ඉඩකඩම් ද සමඟ අප්‍රමාණ ධනස්කන්ධයකට උරුමකරුවන් ලෙස සමාජගත වන බව පෙනේ. ප්‍රයෝගකාරී කාල සීමාවක් ද වන්නේය. බුද්ධිමතුන්ගේ කළ එළි බැසීමක් ද සිද්ධ වන්නේ ය. මේ ග්‍රහ යුද්ධය ඔබ ලග්නයට බලපාන්නේ මෙසේ ය.

මේෂ රාශිය - හිස, උරහිස, යටිබඩ, දණහිස්, පාද ආශි‍්‍රතව රෝගාබාධ රැකී රක්ෂා ආදායම් මාර්ග, අධ්‍යාපනය, සෞඛ්‍යය නීති රීති, ජීවත්වීමේ සටන බලගැන්වෙන පසුබිමක් නිර්මාණය කෙරෙයි. සමාජයේ වංචාව, ප්‍රයෝගය, කපටි කෛරාටික බව ඉස්මතුවන බැවින් පරිස්සමින් කටයුතු කළ යුතු වේ.

වෘෂභ රාශිය - රැකියා ආදායම් මාර්ග තැම්පත් දේපළ, වස්තු, පෞද්ගලික ව්‍යාපාර ආදායම් මාර්ග කොන්ත්‍රාත්කරන රටාව ආදී ක්ෂේත්‍රයන් සමඟ ධනවාදී රාමුව ප්‍රශස්ත කෙරෙන සුළු ග්‍රහගැටුමෙකි. සමානුපාතික ප්‍රබන්ධයෙහි අසීමිත විපරීත සම්ප්‍රදායන් නිර්මාණය වෙනසුළු වෙයි.

මිථුන රාශිය - නොසන්සුන් මානසික බවක් යෙදුන පසුබිමකින් උදරාබාධ හිසෙහි රුදා, වේදනා, කොන්ද තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රත වූ රෝගාබාධ රැසක් මෙකී ග්‍රහ ගැටුමෙන් පසුව විද්‍යාමාන වෙනු ලබයි.

කටක රාශිය - පපුව, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස් පාද ආශි‍්‍රත වූ රෝගාබාධක, අව නීතියෙහි අශුභවාදී විපාක අසාමාන්‍ය තීරණ තීන්දු සහිතව ගත කෙරෙනු පෙනී යන පසුබිමකි. උත්තරීතර මානුෂිකබව අත්කරලීමකි.

සිංහ රාශිය - අසමතුලිත කළමණාකරන රටාව ජීවත්වීමෙහි ඉමහත් බාධක රැල්ලකට මඟ ගෙන දීමකි. අභිමානවත් ජීවිත පසුබිම සැළසුම්කරන රටාව, දැඩිලෙස ඉමහත් පරිහානිය කරා පාත්‍රවීයාමෙහි දෙගුණ තෙගුණ වෙයි.

කන්‍යා රාශිය - සුවිශේෂී බවක් විද්‍යාමාන වෙමින් ආත්ම ලාභය වංචාව ද සමඟ සම්‍යයක් ප්‍රයෝග රැල්ල උත්සන්න කෙරෙයි. ආනයන අපනයන කොන්ත්‍රාත්කරණයෙහි යාවජීව දැවැන්ත ඉපයීමේ ප්‍රවණතාවය දියුණු තියුණු වී යයි.

තුලා රාශිය - සාධාරණය, සමාජගත සුහදතාවක, මහා පරිමාණ වූ ශුභවාදී චින්තනය ක්‍රියාකාරීවෙන කාල පරාසයකි. ධනය, බලය, ශක්තිය ප්‍රකට කෙරෙන යුග කාලීන වූවක් බවට පාත්‍ර කෙරෙයි. එකතු කිරීම වැඩි කිරීම බහුල වෙන භාග්‍යමත් කාල පරාසයකි.

වෘශ්චික රාශිය - උත්සාහය, උනන්දුව, අවරෝහණය කෙරෙහි ගැටුම් අරගලකාමී සමාජගත ජීවන ගමන් මඟ වරින්වර විපරීත කෙරෙන කනස්සලුබවක් ගනු ලබයි. පීඩිත පන්තියෙහි ජීවන රටාව අතිශය දුර්වලබවක් ගනු ලබයි. සීමිත පිරිසක් අසීමිත සම්පත් භුක්ති විඳිනු පෙනී යයි.

ධනු රාශිය - අධ්‍යාපනය, සෞඛ්‍යය අධිකරණය, ක්ෂේත්‍රයන්හි නියැලෙන්නට යහපත් කාලයකි. ජීවන ගමන් මඟ තව දිශානතියකට යොමුවන බව පෙනී යයි. සාහිත්‍ය කෙරෙහි යොමු වෙයි.

මකර රාශිය - පදිංචිය, රැකි රක්ෂා ක්‍රමවත් වෙයි. ධනෝපායන ක්‍රමවේද පටිපාටිය ආරෝහණව පවතියි. ත්‍රිකාලය වූ අතීත, වර්තමාන, අනාගත තත්ත්වය තුළින් අනාගත පැවැත්ම සරුසාරබවක් පෙන්නුම් කරයි.

කුම්භ රාශිය - රැකී රක්ෂා ආදායම් මාර්ග ගොඩමඩ ඉඩකඩම් දේපළ වස්තු රැස්වෙන දියුණුව ගෙන දෙන ශක්තිමත් කාල පරාසයකි. සාමාන්‍ය ජනතාව මූල්‍ය කලමනාකරණය මෙන්ම සැළසුම්කරණය ආශි‍්‍රත උසස් වැදගත් බවකට දැවැන්ත ප්‍රබල බවකින් අනූන වෙයි.

මීන රාශිය - මෙකී ග්‍රහචාරය මත පදිංචි ස්ථාන, ව්‍යාපාරික ආයතන නවීකරණය වීමද පදිංචිය රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව හදිසි ආපදාවිපත්ති නිර්මාණයවීමද විෂමාචාර ග්‍රහචාරයෙන් පෙනී යයි. අවටින් සිටින බහුතරයක් පිරිස මවිතයට පාත්‍ර කරවමින් අභියෝග මර්දනය කෙරෙමින් පෙරමුණ බලා කි‍්‍රයා කරයි.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.