‍‍සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 දක්වා

සැප්තැම්බර් 27, 2019

වගකීම් වැඩිකරයි

වගකීම් පැහැර හැරීමක් සිදුවෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වියදම් වැඩිවන කාලයකි. එමෙන්ම තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක්ද සිදු කරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වැඩි වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. පවුලට සම්බන්ධ කෙනෙකු නිසා සිත් අමනාපකමකට මුල පිරේ. හදිස්සියේ හටගන්නා යම් බඩේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අසල්වැසි ආරවුලක් දුරදිග යන අන්දමේ කරුණු කීපයක් සිදුවන අතර නොසිතූ ලෙස නීති පිහිට පැතීමටද සිදුවෙයි.

අය 06 - වැය 05
ජය අංකය - 09
ජය වර්ූණය - ලා කහ
සුබ දවස - බදාදා




පවුලේ උත්සවයක්

සැලසුම් කීපයක් වෙනසකට ලක්කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ හැල හැප්පිලිවලට භාජනය වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. යන එන ගමන් පිළිබඳ කල්පනාකාරී විය යුතු කාලයකි. දරුවෙකුගේ ඉදිරි සැලැස්මක් වෙනුවෙන් ගන්නා පියවර කීපයක් වෙනස් කිරීමට සිදුවේ. නිතර හමුවන කෙනෙකු නිසා එදිනෙදා කටයුතුවලට බාධාකාරී බවක් ඇති කරයි. සතිය මැද කාලයේ දී පවුලේ කෙනෙකුගේ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු සැලසේ. විදෙස්ගත හිතවතෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ ළඟම ඥාතියෙකු පිළිබඳ සිත්කලකිරීමක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

අය 06 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - කහ
සුබ දවස - බදාදා




පවුලේ වගකීම්


එදිනෙදා කටයුතු කරගෙන යාමේ දී අවහිරතාවලට මුහුණ පෑමට සිදුවන කාලයක් වන අතර සඳුගේ ගමන 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. වරින් වර ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. එමෙන්ම පවුලේ වැඩිහිටියෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. වැය පස අධික වීමෙන් තැන්පත් ධනය වැය වීමක්ද සිදුවන ලකුණු පෙනේ. පවුලේ වගකීම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් සැලසීමට ඉඩ ඇත. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධව තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සති අන්තයේදී කොන්දේ අමාරුවක් හේතුවෙන් රෝහල් ගතවීම් සිදු කරයි.

අය 07 - වැය 05
ජය අංකය - 03
ජය වර්ූණය - නිල්
සුබ දවස - බදාදා


 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.