ඔක්තෝබර් 11 සිට ඔක්තෝබර් 17 දක්වා

ඔක්තෝබර් 11, 2019

උත්සව කටයුතු සංවිධානයක්

වෘෂභ ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. මේ සතිය සතුටුදායක අයුරින් ආරම්භ වනු ඇත. නොසිතු ලෙස දුර ගමන් කීපයක් යෙදෙන සතියකි.

සතිය මැද කාලය ආර්ථික කටයුතු සම්බන්ධව රැකියා හිමිවන ලකුණු පෙන්නුම් කරයි. තරුණ දරුවන්ගේ ආවේගශීලි කටයුතු වලට ඉක්මන් නොවන්න. ව්‍යාපාරික කටයුතු සම්බන්ධව දින කීපයක් නිවසින් බැහැරව සිටීමට සිදුවෙනු ඇත. සතිය ගෙවීයාමට පෙර ඥාතියෙකුගේ කටයුතු කීපයක් වෙනුවෙන් තමාට මුදලක් වැයකිරීමට සිදුවිය හැකියි. සති අන්තයේදී යොදාගත් පරිදි උත්සව කටයුතු කීපයක් සංවිධානය කරයි. සමහර අවස්ථාවලදී තමා ප්‍රධාන අමුත්තා ද වනු ඇත. අපලකාරි තත්ත්වය මඳක් සමනය වන ලකුණු පෙන්නුම් කරන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - සෙනසුරාදා

 

විදෙස් සංචාර

කන්‍යා ලග්න හිමි ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන හරහායි .පන්සල් භූමි ආශි‍්‍රත ශ්‍රමදාන කටයුතු ආදියට එක්වෙයි. නිතර නිතර ආගමානුකූල කටයුතු වලට සහභාගි වෙයි. යහපත් අයුරින් රැකියා ලාබ ගෙනදෙනු ඇත. තමාට උචිත සුදුසුකම් අනුව රැකියාව හිමි වේ. සතිය මැද කාලය හදිසි විදෙස් සංචාර සඳහා එකතු වෙයි. දෙමාපියන්ගේ කටයුතු වලට නිතර දායක වෙයි. තමාට නොගැලපෙන අය නිසා සිතට පීඩා ගෙනදෙන කරුණක් අසයි. විශේෂයෙන් මුදල් ගනුදෙනු සඳහා අන් අය විශ්වාසයට නොගන්න.

නාට්‍ය, ගීත, චිත්‍රපට ආදී නිෂ්පාදන කටයුතුවල නිරත වූවන්ට සුබ සිද්ධිය සැලසෙන කාලයකි. රාත්‍රි ගමන් බිමන් නවතා දමන්න. විශේෂයෙන් සතුරු සර්ප බිය ගෙන දෙන කාලයකි.

අය 01 - වැය 07

ජය අංකය - 03

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

ආදර සබඳතා තරවේ

මකර ලග්න ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් ගනිද්දී සතිය ආරම්භ වෙයි. දරුවනගේ කටයුතු සඳහා දින කීපයක්ම වෙන්කර ගැනීමට සිදුවෙනු ඇත. දරුවන්ගේ කටයුතු නිසා තමාට අසහනකාරී සිදුවීම් ගෙනදෙනු ඇත. සතිය මැද කාලය උදාවන්නේ දෙමාපියන්ගේ කටයුතු කීපයක් ඇති කරමිනි. ලිපි ලේඛන කටයුතු සඳහා වැඩි කාලයක් ගතකිරීමට කැමැත්තක් දක්වයි. ගුප්ත විද්‍යා කටයුතු කරන අයට විශේෂ ලාබගෙන දෙනු ඇත. ආගමික වතාවත් වල නිරත වීමෙන් තවත් සහනය ලද හැකිය.සතිය ගෙවී යාමට පෙර යාන වාහන ලාබයක් පෙන්නුම් කරයි. තරුණ තරුණියන්ගේ ආදර සබඳතා තරවෙයි. සතිය ගෙවීයද්දී රෝග බාධ තත්ත්වයක් නිසා දින කීපයක් නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

 

අය 05 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - සුදු

සුබ දවස - අඟහාරුවාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා රාජපක්ෂ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.