ඔක්තෝබර් 25 සිට ඔක්තෝබර් 31 දක්වා

ඔක්තෝබර් 25, 2019

කෝපකාරී ගතිපැවතුම්
ශරීර පීඩාව හා වෙහෙසකාරී ගති පැවතුම් ඇතිවෙමින් කටයුතු ආරම්භ කරන මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 ගමන් කරයි. යොදාගත් කටයුතුවලට යම් යම් බාධා අවහිරතා මතුකරන කාලයකි. ගේ දොර කටයුතු ද අතපසු වීමට ඉඩ ඇත. නිතර ඇවිදිලි ඇති කරන කාලයකි. අත්‍යවශ්‍ය වියදම් ඉහළයාමෙන් ගැටලු කීපයක් පැන නැගේ. ගේ දොර කටයුතු මෙන්ම යුගදිවියේ කටයුතු ද අවුල් සහගත තත්ත්වයකට පත් වෙයි. වෘත්තීය අංශවලට බාධාකාරී බවක් ඇති කරයි. මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන කාලයකි. ඉක්මන් කෝපකාරී ගතිපැවතුම් හේතුවෙන් වචන පාවිච්චි කිරීමේදී කල්පනාකාරී වන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන බවක් පෙන්වයි.

අය 08 - වැය 07
ජය අංකය - 09
ජය වර්ූණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා

 


සෙම් අමාරුවක්
අතපසු වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානනවල ගමන් කරනු ලබයි. නොසිතූ ලෙස ස්ථාන වෙනස්කමකට කටයුතු සැලසෙන කාලයකි. එසේම මුදල් ආයෝජනයට සම්බන්ධ කටයුතුවලදී සැලකිලිමත් වන්න. සිය උත්සාහයේ හා කැපවීම මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වේ. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අලුත් ඥාති සබඳතාවලට මඟ සැලසෙන කාලයකි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතු වීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උත්සහවන්ත විය යුතු බවක් පෙනේ. සති අන්තයේ දී ආගම දහම වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට කටයුතු සැලසේ.

අය 07 - වැය 06
ජය අංකය - 07
ජය වර්ූණය - දම්
සුබ දවස - සඳුදා

 


වාහන ගනුදෙනුවක්
වගකීම් බහුල වෙමින් සතිය ආරම්භවන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන ලෙස කටයුතු කීපයක් සැලසෙන බවක් පෙනේ. පෙම් සබඳතාවයකට මව්පිය විරෝධය ඇතිවීමෙන් පවුලේ ආරවුල්කාරී බවක් ඇතිකරයි. වාහන ගනුදෙනුවකට අතගැසීමට මඟ සැලසෙන කාලයකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. දරුලාබ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාරී විය යුතු අතර නොසිතූ ලෙස රෝහල්ගතවීමකට ද කරුණු සැලසේ. විදෙස්ගත ඥාතියෙකු තමා හමුවීමට පැමිණෙනු ඇත. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

අය 07 - වැය 04
ජය අංකය - 02
ජය වර්ූණය - දම්
සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.