ඔක්තෝබර් 02 සිට ඔක්තෝබර් 08 දක්වා

ඔක්තෝබර් 2, 2020

ඥාතීන් අතර සහයෝගය 

ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයක් වන අතර, සඳුගේ ගමන 11, 12, 1 යන භාවස්ථානවල සිදු වනු ලබයි. නිතර ගේ දොර කටයුතු පිළිබඳ සොයා බැලීමට සිදු වන බවක් පෙනේ. මෙතෙක් ආරවුල්කාරී ලෙස පැවැති පවුලේ ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි. ඥාතීන් අතර සහයෝගය ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙළඳ ව්‍යාපාර කටයුතුවල නියුතු වූ අයට මෙන්ම ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් ඇති අයට මේ සතිය සුබදායක බවක් පෙනේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නිතර සිත කය වෙහෙසා කරන කටයුතු අධික කරයි. 

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස -  බදාදා

හදිසි තීරණ 

වගකීම් බහුල කරමින් ආරම්භ වන මේ සතියේ කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරනු ඇත. යටපත් වූ කකුලේ ආබාධයක් නැවත මතු විය හැකි කාලයකි. නිතර වෙහෙසීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අසල්වාසීන් සමඟ ඇති කරගත් මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇත.

 නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. එමෙන්ම සමාජ සේවා කටයුතු සඳහා පදිංචියෙන් පිට වාසයට කරුණු ඇතිකරයි. දරුවෙකුගේ විවාහ ගිවිස ගැනීමකට කටයුතු සූදානම්වන කාලයකි. හදිසි තීරණ තමාට අවාසිදායක බවක් ඇති කරයි. 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස -  බදාදා

තනතුරු මාරුවක් 

ශාරීරික වෙහෙසීම් වැඩි කරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විශ්වාසවන්ත හිතවතෙකු මුණ ගැසීමට මඟ සැලසෙන කාලයකි. එහෙත් නිතර තමාට දෝෂාරෝපණවලට ලක් වීමට ඉඩ ඇති බවක් පෙනේ. මෙතෙක් තමාට හිමිවන්න තිබූ මුදලක් හිමි වන ලකුණු පෙන්නුම් කරයි. 

අමතර මුදල් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇති කාලයකි. සතිය මැද කාලයේ දී තනතුරු මාරුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. දුර ගමන් කීපයකට සහභාගි වන්න ඉඩ කඩ සැලසෙන කාලයකි. 

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස -  සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.