මේ සතියේ ඔබට

ජනවාරි 15 ජනවාරි 21 දක්වා
ජනවාරි 15, 2021

රැකියා හිමිකම්

 

පවුලේ සතුට සැනසුම වෙනුවෙන් පියවර කීපයක් ගනිමින් සිටින මේෂ ලග්න හිමි ඔබගේ උදාවන මේ සතියේ සඳුගේ ගමන 10,11,12,1 යන භාවස්ථානවල සිදුවනු ලබයි. මෙතෙක් ප්‍රමාද වු කටයුතු කීපයක් නැවත කර ගැනීමට මාර්ගය පෑදෙයි.

සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. දරුවෙකුගේ කටයුතු හේතුවෙන් පසුතැවිලිවීමට සිදුවේ. මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි රැකියාවක් හිමිවන ලකුණූ පෙන්නුම් කරයි. පවුලේ කටයුතුවලදී මූලික වීමට සිදුවන කාලයකි. සති අන්තයේදී විශේෂ ගමනකට කටයුතු සැලසුම් වන බවක් පෙනේ.

 

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

අලුත් ව්‍යාපාර

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 9,10,11,12 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. පවුලේ ළඟම ඥාතියෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. මව්පස ඥාතියෙකු පිළිබඳ සිත කළකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ.

සමාජ සේවා කටයුතුවලින් දෝෂාරෝපණයට ලක්වීමට සිදුවේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට මඟ සැලසෙන අන්දමේ කටයුතු කීපයක් සැලසේ.

 

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

හදිසි ලැබීමක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විශේෂ තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි.

නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදර ඇති කරයි. පවුලේ ඉදිරි පියවරක් වෙනස් කිරීමට සිදුවෙයි.

විදෙස් ගත හිතවතෙකුගෙන් උපකාරයක් හිමිකරයි. පවුලේ වැඩිහිටියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

හදිසි ලැබීමකට හිමිකම් ඇති කාලයකි. වාහන ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

උරහිසේ ආබාධයක්

 

ශාරිරික වෙහෙස මහන්සිය ගෙනදෙමින් සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාද කරන අතර, පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා අවධානයක් යොමු කළ යුතු කාලයකි. සතිය මැද කාලයේදී හදිස්සියේ හටගන්නා උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත.

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

විශේෂ උත්සවයක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර, අමතර මුදල් වැයවීම් ද වැඩි වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ වැඩිහිටි ඥාතියෙකු වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමට සිදුවෙයි.

නිතර තමා හමුවට එන කෙනෙකු පිළිබඳ කල්පනාකාරිවන්න. හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට පාඩු කීපයක් සිදුකරයි. මෙතෙක් තමාට හිමිවන්න තිබූ ණය මුදලක් ප්‍රමාද කරවන කාලයකි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවන්න අවස්ථාවක් හිමිකරයි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

ආගමික පිහිට

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල සිදුවනු ලබයි. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මඟ සැලසේ. නිතර ආගමික පිහිට පතන කාලයකි. තමා අතින් නොදැනුවත්ම සිදුවන වරදක් හේතුවෙන් පසුතැවීමට සිදුවේ.

පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට මඟ සැලසේ. ශාරිරික වෙහෙස ගෙනදෙන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි.

සතිය මැද කාලයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. මෙතෙක් තමාට අහිමිව තිබු දෙයක් නැවත හිමිවන ලකුණු පෙනේ.

අය 08 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

දරුවෙකුගේ ජයග්‍රහණයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වැඩකටයුතු කීපයක් අලුතින් ඇරඹීමට කටයුතු සැලසෙන සතියකි.

එමෙන්ම පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වරින්වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. දරුවෙකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන අතර, පවුලේ භෝජන සංග්‍රහයකට ද කටයුතු සැලසුම් සිදුවෙයි.

සති අන්තයේදී මෙතෙක් ප්‍රමාද වෙමින් තිබූ ණය ගනුදෙනුවක් හිමිවන ලකුණූ පෙන්නුම් කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ගේ දොර අලුත්වැඩියාවක්

අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භවන වාශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ.

දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් සිදුවන වෙහෙස මහන්සිය වැඩිකරයි. හදිස්සි වී ගන්නා තීරණයක් හේතුවෙන් පසුතැවිලි වීමට සිදුවේ.

ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවන කාලයකි. සති අන්තයේදී හදිස්සියේ තමා සොයාගෙන එන ඥාතියෙකු නිසා වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

හදිසි ලැබීමක්

ගතට සිතට සතුට සැනසීම උදාකරන කාලයක් වන අතර, සඳුගේ ගමන 2,3,4,5 යන භාවස්ථානවල සිදුවනු ලබයි. අලුත් ඥාතීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන සතියකි.

හදිසි ලැබීමක් හේතුවෙන් වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගනී. විදෙස් ඥාතියෙකුගෙන් ද උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා වගකීමක් ඇති කර ගනී. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි. රාත්‍රී ගමන් බහුල කාලයක් බැවින් කල්පනාකාරීවන්න. සති අන්තයේදී නිතර හටගන්නා හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

අය 08 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සහෝදර මත ගැටුමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවන සතියකි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. පවුලේ වැඩපිළිවෙළ නිසා නිතර කේන්ති යන ස්වභාවයක් ඇති කරයි. පැරණි හිතවතෙකුගේ හමුවීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වැඩිමහල් දරුවෙකු පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරීවන්න. සහෝදරයෙකු සමඟ සිදුවන ගැටලුවක් දුරදිගයාමට ඉඩ ඇත. ණයගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

හදිසි ගනුදෙනුවක්

එදිනෙදා කටයුතු අධික කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල සිදුවනු ලබයි. අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු සැලසෙන කාලයකි. නිතර තමා සොයා ගෙන එන කෙනෙකු නිසා කරදර ඇති කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන සතියකි. සතිය මැද කාලයේ දි හටගන්නා මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි ගනුදෙනුවකට අතගැසීමට කටයුතු සැලසෙන කාලයකි. සති අන්තයේදී දරුවෙකුගේ අසනීපයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

විවාහයට මව්පිය ආශිර්වාද

අවිවේකී සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. ගේ දොර වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවන සතියකි. එදිනෙදා ගමන් බහුල කරන අතර, හදිසි තීරණයක් හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාදවීමටද ඉඩ ඇත.

පියාගේ හෝ පියපස ඥාතියෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විවාහ බලාපොරොත්තුවකට මව්පිය ආශිර්වාදය හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

සති අන්තයේදී මෙතෙක් කරගෙන ආ සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - රතු

සුබ දවස - ඉරිදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.