මාර්තු 26 අප්‍රේල් 01 දක්වා

මාර්තු 26, 2021

මේෂ - නොගැළපෙන ඇසුරක්

විශේෂ තීරණයකට මඟ සැලසෙන සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සැලසෙන කාලයකි. මව්පස ඥාතියෙකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. අතරමඟ නවතා තිබූ ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. හදිස්සියේ මතුවන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් මතභේදකාරී බවක් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ - ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක්

ශාරීරික වෙහෙසීම් වැඩිකරන සතියක් වන අතර සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. ප්‍රමාද වූ කටයුතු කිපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසෙන කාලයකි. මුදල් පරිහරණයේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. පවුලේ මතභේදකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. දරු ලාබ හිමිකම් ඇති කාලයක් වන අතර ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කරරන්න. පවුලට සම්බන්ධ ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. වරින් වර ඇති කරන අසනීප ගති පැවැතුම් හේතුවෙන් කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරි්දා

 

ධනු - අමතර ආදායම්

මෙතෙක් මඟ හැරී තිබූ වගකීම් කීපයක් තමා පිට පැවරෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ.

පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. අමතර ආදායම් මාර්ගයකට ඉඩ කඩ ඇති සතියකි. මෙතෙක් යටපත් වෙමින් පැවැති පෙම් සබඳතාවයක් නැවත ඇරඹීමට මඟ සැලසේ.

විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට හැකිවන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා

 

වෘෂභ - වංචා ප්‍රයෝගයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. අතමිට මුදල් ගැවසුනත් මුදල් පරිහරණයේ දී වෙනදාට කල්පනාකාරී වන්න. සහෝදරයෙකුගේ දෝෂාරෝපණයට ලක්වෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර ඇවිදිලි වැඩිකරන කාලයක් බැවින් දුර ගමන්වලදී කල්පනාකාරීව හැසිරෙන්න. නොසිතූ ලෙස වංචා ප්‍රයෝගයකට ලක්වීමට සිදුවේ. දුර ඥාතියකු තමා සොයාගෙන එන කාලයකි. අසල්වැසියකු සමඟ සිදුවන බහින්බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. වගකීම් වැඩිවන කාලයක් වන අතර පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වැඩි උනන්දුවක් ඇති කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා - අජීර්ණ ආබාධයක්

පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදූවීමෙන් දෝෂාරෝපණයකට ලක් කරයි. එමෙන්ම දරුවකුගේ හිත්වක්කාර ගතිපැවැතුම් තමාට අසහනකාරී බවක් ඇති කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. සතිය මැද කාලයේ දී විදෙස්ගත ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. වාහන හුවමාරුවකට හෝ අලුත්වාහනයක් මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තු ඉටු විය හැකි යි. සති අන්තය වන විට දී කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයක් වන අතර නොසිතූ ලෙස අජීර්ණ ආබාධයක් ද ඇති කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

මකර - පදිංචි ස්ථානයේ වෙනස්කම්

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ සැලසුමක් ඇති කර ගන්නා සතියක් වන අතර, සඳුගේ ගමන 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. පදිංචි ස්ථානය සම්බන්ධ විශේෂ වෙනස්කම් රැසක් සිදුකරන කාලයකි.අලුතින් පවුලට එකතුවන ඥාතියකු නිසා නොසන්සුන්තාවයක් ඇති කරයි. විභාග අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. ප්‍රමාදවෙමින් පැවැති විවාහ යෝජනාවන් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

සතිය මැද කාලයේ දී වරින් වර ඇති කරන උගුරේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේ දී ගේ දොර උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන කාලයකි

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

මිථුන - මුදල් ලැබීම්

හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ ඇතිවන සිත් නොහඳකමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. දරුවෙකුගේ අසනීපකාරී බවක් හේතුවෙන් රෝහල්ගතවීමක් සිදුකරයි. සතිය මැද කාලයේ දී ආගමික සහන පතන දුර පළාතකට යාමට කටයුතු සැලසේ. පවුලේ කටයුතු සම්බන්ධව තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. තැන්පත් ධනය තරකර ගැනීමටද හේතු සැලසේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. සති අන්තයේ දී දේපල ගනුදෙනුවකින් වාසි සැලසෙන බවක් පෙනේ. සෙම් රෝග බහුල කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සදුදා

 

තුලා - අතමිට සරු කරයි

තැන තැන ඇවිදිලි ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 11, 12, 1 යන භාවස්ථානවල සිදුවේ. විශේෂ තරග විභාගයක් වෙනුවෙන් මුහුණදීමට කටයුතු ද සැලසෙන කාලයකි. වෙනදාට වඩා අතමිට සරුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ජලය සම්බන්ධ කටයුතුවලින් වෙනදාට වඩා පරිස්සම් විය යුතු යි.

අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් විශේෂ වෙහෙසීමක් සිදුකිරීමට සිදුවේ. රැකියා ස්ථානයේ ඇතිවන වෙනස්කම් රැසක් හේතුවෙන් යොදා ගත් වැඩ පිළිවළක් වෙනස් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - රතු

සුබ දවස - සිකුරාදා

 

කුම්භ - ණය මුදලක් පියවා ගැනේ

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. හදිස්සියේ සිදුවන ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමට මඟ සැලසෙන සතියකි. මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාවෙන් කටයුතු කරන්න. නොසිතූ දෝෂාරෝපණයකට ලක්වීමට සිදුවන කාලයකි. වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයක් බැවින් ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරී වන්න. පවුලේ ළඟම ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සති අන්තයේ දී ණය මුදලක් පියවා ගැනීමට හැකි බවක් පෙන්නුම් කරයි. පවුලේ කෙනෙකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කටක - තනතුරු මාරුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 2, 3, 4 යන භාවස්ථානවල සිදුවනු ලබයි. ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. පවුලේ වැඩිහිටියෙකුගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් පවුලේ මතභේදකාරී බවක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට කටයුතු සැලසෙන කාලයකි. මව්පස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. එමෙන්ම රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සති අන්තයේ දී විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘශ්චික - අලුත් ව්‍යාපාරයක් ඇරඹේ

අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයක් වන අතර සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට මඟ සැලසේ. නිතර දූ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සැලසෙන අතර, රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යටපත් වූ වාත අමාරුවක් නැවත මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි. සති අන්තයේ දී පවුලේ කෙනකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සදුදා

 

මීන - උෂ්ණාධික රෝග

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයකි. පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පැරැණි හිතවතකු තමා සොයාගෙන එන කාලයකි. මව්පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

ලේ විෂවීමේ රෝගී අවස්ථාවක් හෝ උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩා විඳින සතියකි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තය වන විට දී මෙතෙක් තමාට වෙන්න ගිය පාඩුවක් මඟහරවා ගැනීමට කටයුතු සැලසේ. නිතර ආගමික පිහිට පතන කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.