අප්‍රේල් 23 අප්‍රේල් 29 දක්වා

අප්‍රේල් 23, 2021

මේෂ - අලුත් ඥාති සබඳතා

 

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 5,6,7,8 යන භාවස්ථානවල සිදුවෙයි. ගැටලුවක් නිරවුල් කරගැනීමට නීති පිහිට පැතීමට සිදුවන අතර, නිතර දුර දිග සිතා බලා කටයුතු කළ යුතු බවක් ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී දරුවකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. අලුත් ඥාති සබඳතාවලට මඟ සැලසෙන සතියකි. යටපත් වූ උගුරේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. සති අන්තයේදී තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

සිංහ - අතමිට මුදල් ගැවසේ

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 1,2,3,4 යන භාවස්ථානවල සිදුවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි. මෙතෙක් හිමිවන්න තිබූ මුදලක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සතිය මැද කාලයේදී සොරසතුරු උවදුරකට මුහුණපෑමට සිදුවන කාලයක් වන අතර, එදිනෙදා කටයුතුවලදී පරිස්සම් වන්න.

පවුලේ වැඩිහිටියකු සමඟ සිදුවන බහින්බස්වීමක් දුරදිග යාමට ඉඩ ඇත.

කකුලේ වළලුකර ආශි‍්‍රත අසනීපකාරි බවක් හේතුවෙන් පීඩාකාරී වෙයි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. දේපල ලාබයකට හිමිකම් ඇත.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

ධනු - තනතුරු මාරුවක්

ගතට සිතට පීඩාකාරි සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් ගෙන තිබූ සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙන සතියකි. පවුලේ වැඩිහිටියකු සමඟ සිදුවන බහින් බස්වීමක් දුරදග යයි.

නිතර වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී වාහන මිලදී ගැනීමක් හෝ හුවමාරුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි. රැකියාවේ තනතුරු මාරුවකට හිමිකම් ඇති කාලයකි. සති අන්තයේදී දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - බදාදා

 

වෘෂභ - ඉඩම් ගනුදෙනුවක්

සමාජ සේවා කටයුතු කෙරෙහි දවසේ වැඩි කාලයක්, ශ්‍රමයක් වැය කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. විදෙස් ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් දුරදිග යයි. වාහන ගමන් පිළිබඳ පරිස්සම් විය යුතු කාලයකි.

මවගේ අසනීප තත්ත්වයක් දුරදිග යන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ඉඩම් ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. සති අන්තයේදී අජීර්ණ ආබාධ හේතුවෙන් පීඩා විඳින අතර කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා - පෙම් සබඳතාවයක් අලුත් කරයි

මෙතෙක් යොදාගත් සැලසුමක් අතරමඟ නවතා දැමීමට සිදුවන සතියක් වන අතර, සඳුගේ ගමන මේ සතියේ 12,1,2,3 යන භාවස්ථානවල සිදුවෙයි. දේපළ හිමිකාරිත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

පවුලේ වැඩිමහල් සහෝදරයකුගේ කලබලකාරි ගතිපැවතුම් හේතුවෙන් පාඩු විඳීමට සිදුවේ. අලුත් හිතමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසුනත් ඔවුන් ඇසුරේදි කල්පනාවෙන් පසුවන්න. සති අන්තයේදී පැරණි පෙම් සබඳතාවයක් අලුත් වන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

මකර - ගේ දොර අලංකාරය

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වගකීම් පැහැරහැරීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර ගේදොර අලංකාරය වෙනුවෙන් කාලයත් , ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. ශාරිරික වෙහෙසීම් වැඩි කරන සතියකි.

මවගේ හෝ මවුපස ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

නිතර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ. තනි තීරණයක් හේතුවෙන් තමාට නොසිතූ පාඩුවක් ඇති කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන - අලුත් සාමාජිකයෙක්

එදිනෙදා කටයුතු පිළිබඳ සැලසුමක් ඇති කර ගනිමින් සතිය ආරම්භ වන අතර, සඳුගේ ගමන මේ සතියේ 3,4,5,6 යන භාවස්ථානවල සිදුවෙයි. ණය ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසය කිරීමට කටයුතු සැලසෙන අතර, පවුලේ අය අතර බහින් බස්වීමකට ද කටයුතු සැලසෙනු ඇත.

සතිය මැද කාලයේදී හදිසියේ තමා සතු දෙයක් නැතිවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙනේ. සති අන්තයේදී රැකියා ස්ථානයේ ඇතිවන ගැටලුකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 02

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

තුලා - හදිසි උත්සවයක්

හදිසි කටයුතු කීපයකට මඟ සැලසෙමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 භාවස්ථානවල ගමන් කරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කාලයකි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකි බැවින් කල්පනාකාරි වීම වැදගත් වේ. හිතවතකු නිසා නීති ගැටලුවකට වෙහෙසීම් ඇති කරයි. හදිසි උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන සතියකි. මවගේ අසනීපකාරි බවක් හේතුවෙන් පීඩා ඇති කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බදාදා

 

කුම්භ - සෙම් රෝග

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි.

නිතර ශාරිරික වෙහෙසීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් , ශ්‍රමයක් වැය කිරීමට සිදුවේ. නිතර ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදා කරයි. යටපත්වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් ළඟම ඥාතියකු සමඟ සිත් නොහඳකමක් ඇති කරගනී.

අය 08 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බුහස්පතින්දා

 

කටක - ශාරිරික වෙහෙසීම්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන 2,3,4,5 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් නොසිතු ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇත. වෙළඳ ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට සුබදායක සතියකි. මවගේ මවුපස ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

සතිය මැද කාලයේදී අලුත් දේපළ මිලදී ගැනීමක් සම්බන්ධ ප්‍රශ්නයක් විසඳා ගැනීමට මඟ සැලසේ. ශාරීරික වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර, දුරගමන්වලින් වැළැකී සිටීම සුබදායකය.

අය 08 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික - ආගමික සහන

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. පෙම් සබඳතාවයකට මුල පිරෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. දරු ලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාකාරි වන්න. රැකියා ස්ථානය ඇතිවන ගැටලු කීපයක් දුරදිග යන බවක් පෙනේ. සතිය මැද කාලයේ ආගමික සහන පතා දුර පළාතකට යාමට කටයුතු සැලසේ. එමෙන්ම වාහන ගමන් පිළිබඳවද සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක බවක් ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

මීන - විදෙස් ලැබීම්

විශේෂ කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන කාලයකි. මවගේ කටයුතු වෙනුවෙන් අමතර කාලයක් වැය කිරීමට සිදුවේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් පෙනේ. සති අන්තයේදී අහම්බෙන් හමුවන හිතවතකු නිසා වාසි කීපයක් සැලසේ. අතපසුවු කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.