අප්‍රේල් 30 මැයි 06 දක්වා

අප්‍රේල් 30, 2021

මේෂ - අතක ආබාධයක්

අවිවේකී වුවත් යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. සතිය ආරම්භයත් සමඟ පවුලේ කෙනකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම වරින්වර හට ගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හිතවත්කම් අලුත් කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුවකුගේ කටයුතු හේතුවෙන් මානසික අසහනකාරි බවක් ඇති කරයි. සති අන්තයේදී ගේදොර උත්සව අවස්ථාවකට කටයුතු සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ - අලුත් සාමාජිකයෙක්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් හදිසි වියදම් කීපයක් ද යෙදෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් පැවැති සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙන කාලයකි. පවුලේ වැඩිහිටියකුගේ කලබලකාරි ගති පැවතුම් හේතුවෙන් තමාට පාඩු කීපයක් සිදුකරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව උදාකරන කාලයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි බවක් පෙනේ. අන්සතු වස්තු ලාබයකට ද හිමිකම් ඇති සතියකි. මවගේ හෝ මව්පස ඥාතියකුගේ අසනීපයක් දුරදිග යන ලකුණු පෙනේ. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර ප්‍රමාදවූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බදාදා

 

ධනු - ශාරීරික වෙහෙසීම්

මෙතෙක් පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. වෙළඳ ව්‍යාපාරවලින් විශේෂ ලාබ හිමිකම් ඇති කාලයකි. පවුලේ ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතුය.

ශාරිරික වෙහෙසීම් වැඩිකරන සතියක් වන අතර වරින්වර ඇති කරන කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. දරුවෙකුගේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් වන්න.

අය 06 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ - මානසික අසහනය

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. එමෙන්ම නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ විමසිල්ලෙන් පසුවන්න. තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු කාලයකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. තැන තැන ඇවිදිලි ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. අන්සතු වස්තු ලාබයකට හිමිකම් ඇතිකරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසේ.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කන්‍යා - තැන්පත් ධනය වැයවීමක්

හදිසි දේපළ ගනුදෙනුවකට අතගැසීමට සිදුවන සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර ඇවිදිලි වැඩිකරන සතියක් වන අතර පවුලේ කටයුතුවල ප්‍රමාදතාවයක් ද සිදුකරයි. එමෙන්ම ශාරිරික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ළඟින් ඇසුරු කරන අයෙකුගේ දුරස්වීමක් සිදුකරයි. නොසිතූ ගැටලුවක් හේතුවෙන් තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සති අන්තය වන විට තෑගිභෝග හිමිකම් ඇති කාලයකි. එමෙන්ම වරින්වර හට ගන්නා මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර - දුර ගමනක්

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් ද කටයුතු කිරීමට සිදුවේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මඟ සැලසෙන සතියකි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

හදිස්සියේ සිදුවන දුර ගමනක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ කටයුතු කීපයක් ආරම්භ කරයි. නැතිවූ දෙයක් නැවත හිමිවීමට ඉඩ ඇත.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

මිථුන - දරුවකුගේ ජයග්‍රහණයක්

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසට පත්කරන සතියක් වන අතර සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ හිතවතකුගේ හමුවීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසේ. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සතිය මැද කාලයේදී ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. අසල්වැසි හිතවත්කම් අලුත් කරන කාලයකි. දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණුූ කීපයක් සිදුකරයි. යටපත්වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. සති අන්තයේදී දේපළ ගනුදෙනුවකින් වාසි අත්කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

තුලා - යටි බඩේ වේදනාවක්

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ආදායම් මාර්ගවලට ඉඩකඩ සැලසෙන සතියකි. එහෙත් ගනුදෙනුවලදී වෙනදාට වඩා කල්පනාකාරි වන්න. නිතර ඇසුරු කරන අයකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. නිතර සමාජසේවා කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන සතියක් වන අතර, පදිංචි ස්ථානයෙන් පිට වාසයට ද කරුණු සැලසේ. සතිය මැද කාලය වන විටදී වරින්වර ඇතිකරන යටිබඩේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කුම්භ - විදෙස් හිමිකම්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වගකීම් වැඩි කරයි. නිතර තමා හමුවට එන අය පිළිබඳ විමසිලිමත් වීම වැදගත් වේ. එමෙන්ම විශේෂ අයගේ හමුවීමක් සිදුකරයි. යටපත්වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලදී පරිස්සම් වන්න. විදෙස් හිමිකම් ඇති කාලයකි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරයි. දේපළ හිමිකමක් පිළිබද බලාපොරොත්තුවක් ඉටුවීමට ඉඩ ඇත. සති අන්තයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි අන්දමේ කටයුතු කීපයක් සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කටක - වැඩිහිටි උපකාරයක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන කාලයකි. නිතර හට ගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අහම්බෙන් හමුවන හිතවතකුගේ වාසි කීපයක් සැලසේ.

අලුත් ගේදොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. පවුලේ වැඩිහිටියකුගේ උපකාරයක් හිමිකරයි. නිතර යන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

සති අන්තයේදී රැකියාවේ කටයුතු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - රතු

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික - විභාග ජයක්

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවසථානවල ගමන් කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන කාලයක් වන අතර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ද ඇතිකරයි. දරුලාබ හිමිකම් ඇති අයට සුබදායක කාලයකි. අසල්වැසි සහාය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. තරග විභාගයකින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මීන - දරු ලාභ

 

නීති කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගෙන කටයුතු කිරීමට සිදුවේ. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පැරණි හිතවත්කමක් අලුත්වන බවක් පෙන්නුම් කරයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයකි. දරුලාබ හිමිකම් ඇති අයට සුබදායක කාලයකි. අසල්වැසි සිත් අමනාපකමක් මඟ හැරී යාමෙන් ගැටලු කීපයක් විසඳා ගැනීමට හැකිවේ. සති අන්තය වන විටදී හදිසි ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

 

ධම්මිකා රාජපක්ෂ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.