මැයි 14 මැයි 20 දක්වා

මැයි 14, 2021

 

මේෂ ඥාතීන්ගෙන් උපකාර

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 2,3,4,5 යන භාවස්ථානවල සිදුවනු ලබයි. විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු සැලසෙන සතියක් වන අතර ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද හිමිවන බවක් පෙන්නුම් කරයි. රැකියාවට අමතර බාහිර කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. සතිය මැද කාලයේදී අජීර්ණ ආබාධයක් හේතුවෙන් වරින් වර පීඩා ඇතිවීමට ඉඩ ඇති බැවින් ආහාරපාන ගැනීමේදී සැලකිලිමත්වන්න. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විශේෂ ගනුදෙනුවකට අතගැසීමට මඟ සැලසෙන සතියකි.

අය 07 - වැය 03

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ ගුප්ත කටයුතුවලින් පිහිට

සැලසුම් කීපයක් ප්‍රමාද කරමින් සතිය ආරම්භවන අතර මේ සතියේ සඳුගේ ගමන 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. අඹුසැමි බහින්බස්වීමක් දුරදිග යන අතර ඉවසිලිවන්තභාවය අඩුකමින් ප්‍රශ්න කීපයක් දුරදිග යයි. හදිස්සියේ ඇතිවන මවගේ අසනීපකාරි බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

ඉඩම් ගනුදෙනුවක් පිළිබද වෙහෙසීම් ඇතිකරන සතියකි. යටපත් වූ උගුරේ ආබාධයක් නැවත මතුවිය හැකිය.

වරින්වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙනේ. දරුලාබ හිමිකම් ඇති අයට සුබදායක කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

ධනු සහෝදර උපකාරයක්

විශේෂ සැලසුමකට අත ගසමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ ගන්නා තීරණ කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. එහෙත් විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇත.

එදිනෙදා කටයුතුවලින් අමතර ආදායම් මාර්ග හිමිකරයි. වරින්වර හටගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. සහෝදර යකුගෙන් උදව් උපකාර හිමිකරන කාලයකි. සති අන්තය වන විටදී හදිසි මුදලක් වැය කිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

වෘෂභ හදිසි වියදමක්

හිතවත්කම් අලුත් කරමින් සතිය ආරම්භවන වාෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්තාන වල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට සරුවන කාලයක් වන නමුත් හදිසි වියදමක් සිදුවීමට ද ඉඩ ඇති බවක් පෙනේ. දූ දරුවන්ගේ කටයුතු හේතුවෙන් විවේකය අඩුවන බවක් පෙනේ. රැකියාවේ කටයුතු පිළිබඳ සුබවාදී පුවතක් අසන්න ලැබේ. එහෙත් සමාජ සේවා කටයුතු වලින් තමාට දෝෂාරෝපන එල්ල විය හැකි කාලයක් බැවින් ලියකියවිලිවලට අත්සන් තැබීමේදී කල්පනාකාරි වන්න. පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට මඟ සැලසෙන අතර. පදිංචි ස්ථානයේ වෙනස්කම් රැසක් ද සිදුකරනු ලබයි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා දතක ආබාධයක්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 9,10,11,12 යන භාවස්ථානවල සිදුවනු ලබයි. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් වෙහෙසීම් ඇතිකරන සතියකි. දරුවකුගේ කටයුතු පිළිබද තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. වාහන හුවමාරුවක් හෝ ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. වරින්වර ආගමික නායකයන්ගේ සහය පතන බවක් පෙනේ. රැකියාවේ තනතුරු වෙනසකට හේතු ඇතිකරයි. සමාජසේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන සතියකි. අසල්වාසින් සමඟ සිත් නොහොඳකමකට මඟ සැලසෙනු කාලයකි.

අය 06 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මකර මංගල යෝග

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 5,6,7,8 යන භාවස්ථානවල සිදුවනු ලබයි. විශේෂ කටයුතු කීපයක් වෙනුවෙන් අත ගැසීමට මඟ සැලසෙන සතියකි. එමෙන්ම වාහන හුවමාරුවකට හෝ අලුත් වාහනයක් මිලදී ගැනීමක් සම්බන්ධ කටයුතුවලින් අවිවේකී බවක් ඇති කරයි. දරුවකුගේ අසනීපකාරි බවක් හේතුවෙන් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක සතියකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති මංගල යෝගයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තය වන විට සම ආශි‍්‍රත රෝගයක්, ලේ විෂ වීමක් වැනි රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විදීමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මිථුන තනතුරු මාරුවක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භවන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්තානවල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන කාලයකි. ඉඩම් ගනුදෙනුවක් හේතුවෙන් වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයකි. සතිය මැද කාලයේදි කකුලේ හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සිදුවේ.

අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට අවස්ථාව උදාකරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. සති අන්තයේදී ළඟින් අසුරු කරන අයකු සමඟ විශ්වාසය බිදවැටීමක් සිදුකරයි.

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා විදෙස් ලැබීමක්

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියක් වන අතර, සඳුගේ ගමන 8,9,10,11 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. පවුලේ කටයුතු සම්බන්ධ පැවැති උනන්දුවත්, උත්සාහයත් අඩුවී යන බවක් පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකින් පීඩා විදීමට සිදුවේ. එමෙන්ම හදිස ිවී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. විදෙස් ලැබීම්වලට හිමිකම් ඇති කාලයකි. සති අන්තයේදී පවුලේ කෙනකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

කුම්භ සෙම් රෝග බහුලයි

වෙනදාට වඩා අතමිට සරු කරන සතියක් වන අතර මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන අතර තමාට අන් අයගේ ප්‍රසාදය ද හිමිවන බවක් පෙන්නුම් කරයි. එහෙත් ඉක්මන් කෝපය තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරයි. ගේදොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන කාලයකි. පවුලේ කෙනෙකුගේ රෝගී තත්වයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇතිකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ පරිස්සම් වන්න. සති අන්තයේදී ප්‍රමාදවූ මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

කටක අවිවේකී බවක්

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවස්තානවල ගමන් කරයි. පවුලේ කෙනෙකුගේ අසනීපකාර බවක් දුරදිග යන සතියකි. වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් ද යෙදේ. ණය මුදලක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ.

නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ කටයුතු කීපයක් කල්දැමීමට සිදුවේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියකි. දරුවකුගේ හිතුවක්කාරි කටයුත්තක් හේතුවෙන් මානසික අසහනය ඇතිකරයි.

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික වාහන ගනුදෙනුවක්

ප්‍රමාදවූ සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. පැරණි හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති අතර එදිනෙදා කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදි සැලකිලිමත් වන්න. ජලයෙන් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති කාලයකි. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ මතභේදකාරී බවක් ඇති කරයි . වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන බවක් පෙනේ. සති අන්තය වනවිටදී මෙතෙක් ගත් තීරණ කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මීන ආගමික සැලසුමක් කල්යයි

අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. මෙතෙක් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අතර මඟ නවතා දැමීමට සිදුවේ. එහෙත් වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන කාලයකි. සතිය මැද කාලයේදී වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආගමික සැලසුමක් කල්දැමීමට සිදුවන සතියකි. සති අන්තයේදී මෙතෙක් දුරස්ව සිටි ඥාතියකුගේ හදිසි පැමිණීමක් සිදුකරයි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - ඉරිදා

 

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.