ජුනි 18 ජුනි 24 දක්වා

ජුනි 18, 2021

මේෂ - උෂ්ණාධික රෝගයක්

මෙතෙක් අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භවන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. නොදැනුවත්කම නිසා අත්වැරදීමක් හේතුවෙන් පවුලේ අයගේ අප්‍රසාදය ඇති කරයි. නිතර ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර පදිංචියෙන් පිට ස්ථාන වලද වාසය කිරීමට සිදුවේ.

උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩා ඇතිකරන සතියකි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සති අන්තයේ දී ණය මුදලක් පියවා ගැනීමට කටයුතු සැලසේ.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ - දේපල මිලදී ගැනීමක්

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, යන භාවස්ථානවල ගමන් කරයි. යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ. ගනුදෙනුවලදී වෙනදාට වඩා කල්පනාකාරී වන්න. සතිය මැද කාලයේ දී බලාපොරොත්තු කීපයක් අතහැර දැමීමට සිදුවන බවක් පෙනේ. අලුත් දේපල මිලදී ගැනීමක් සම්බන්ධ කටයුතු කීපයක් ඉටුකර ගැනීමට මඟ සැලසේ. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. උගුරේ ආබාධායක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරන සතියකි. එමෙන්ම හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාකාරී වන්න.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු - රැකියා ස්ථිරවීමක්

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධව තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු කාලයකි. එමෙන්ම ශාරීරික වෙහෙසීම් වැඩිකරන අතර, පවුලේ කටයුතුවලදී මුල් තැනක් ගැනීමට ද සිදුවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවන අතර රැකියා ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ද ඉටු කරයි. සති අන්තයේ දී දේපල සම්බන්ධ ගැටලුවකට මුල පිරෙන බවක් පෙනේ. වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ඇතිකරන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ - නොගැළපෙන ඇසුරක්

තැන තැන ඇවිදිලි ඇතිකරමින් සතිය ආරම්භවන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. සතිය ආරම්භයේදීම නොගැළපෙන ඇසුරකට පැටලීමෙන් පවුලේ අය සමඟ ඇතිවන මත ගැටුමක් දුරදිග යයි. එමෙන්ම තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට පෙළඹේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවීමට ඉඩ ඇත. පවුලට සම්බන්ධ ඥාතියකු පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තයේ දී වරින් වර හට ගන්නා සෙම් අමාරුවක් හේතුවෙන් පීඩා විඳීමට සිදු වේ.

අය 07 - වැය 06

ජය අංකය - 07 ජය

වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

කන්‍යා - ගනුදෙනුවකින් නිදහස්

ශාරීරික වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2, 3, යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ ගැටලු කීපයක් සමතයකට පත්කර ගැනීමට හැකිවන කාලයකි. මෙතෙක් අමනාපයෙන් සිටි කෙනෙකු සමඟ මිතුරුවීමට මඟ සැලසේ. මේ සතියේ ජලයෙන් මෙන්ම ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු බවක් පෙනේ. සහෝදරයකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයකට මුහුණ පෑමට සිදුවේ. මෙතෙක් අසහනකාරී බවක් ඇති කළ ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් බව පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

මකර - ගුප්ත කටයුතුවලින් පිහිට

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11, යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. දණහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි. නිතර ඥාතීන් සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන අතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරාගැනීමට වෙහෙසීම් ඇති කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න. නිතර නිවසට යන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

මිථුන - තනතුරු මාරුවක්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වගකීම් කීපයක් තමාපිට පැවරෙන සතියකි. ගේ දොර අලුත්වැඩියාවක් සැලසුම් කර ගැනීමට මඟ සැලසේ. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදර සහිතයි. විදෙස්ගත ඥාතියකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සති අන්තයේ දී වරින් වර හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකින් පීඩා විඳින සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

තුලා - දරුවකු පිළිබඳ සතුටක්

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 12, 1, 2, යන භාවස්ථානවල සිදුවනු ලබයි. අලුත් හිත මිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. අත්වැරදීමක් හේතුවෙන් නොසිතූ පාඩු කීපයක් සිදුකරයි. එමෙන්ම වංචා ප්‍රයෝගයකට ද හසුවීමට ඉඩ ඇති කාලයකි. සතිය මැද කාලයේ දී හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. සති අන්තයේ දී හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් නොසිතූ වාසියක් සැලසේ.

අය 08 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කුම්භ - දරුවකු වෙනුවෙන් අමතර මුදලක්

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, යන භාවස්ථානවල ගමන් කරයි. නිතර ඇවිදිලි ඇති කරන කාලයකි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට නොසිතූ අලාභයක් ඇති කරයි. සතිය මැද කාලයේ දී තම උපකාර පතන ඥාතියකුගේ පැමිණීමක් සිදුකරයි. දරුවකු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවන සතියකි. පදිංචි ස්ථානය සම්බන්ධ මතුවන ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. සති අන්තයේ දී වරින් වර ඇති කරන සෙම් අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

කටක - සහෝදර මතගැටුමක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් ඇති කරන බවක් පෙනේ. වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ මේ සතියේ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. සහෝදර මත ගැටුමකට කරුණු යෙදෙන සතියකි. සති අන්තයේ දී ළඟම ඥාතියකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික - විදෙස් උපකාර

ශාරීරික වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12, 1, යන භාවස්ථානවල ගමන් කරයි. විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිකරන කාලයක් වන අතර අතර මඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ඇරඹීමට මඟ සැලසේ. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි කාලයක් බැවින් කරන කියන කටයුතු කෙරෙහි කල්පනාකාරී වන්න. හදිසි දේපල ලැබීමකට හිමිකම් ඇති කරයි. උරහිසේ හටගන්නා ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේ දී විභාග ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමෙන් ගැටලු කීපයක් මතු වීමට ඉඩ ඇත.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මීන - පින්දහම් කටයුතුවල නියැලේ

මිශ්‍රඵල දායක ලෙස උදාවන මේ සතියෙ සඳුගේ ගමන 7, 8, 9 යන භාවස්ථානවල සිදුවනු ලබයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. වරින්වර මතුවන දරුවකුගේ ගැටලුවක් හේතුවෙන් මානසික අසහන ඇති කරයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයකි. උගුරේ අමාරුවක් සෙම් අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

අමතර මුදල් ලැබීමක් ප්‍රමාද කරන සතියකි. ළඟම හිතවතෙකු සමඟ මුදල් හුවමාරුවක් කර ගැනීමට අවස්ථාව සැලසේ. වාහන අලුත්වැඩියාවක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.