ජුනි 25 ජූලි 01 දක්වා

ජුනි 25, 2021

මේෂ - රැකියාවේ වරප්‍රසාද

සැලසුම් සහගත කටයුතු කිපයකට සම්බන්ද වෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර දුර දිග බලා කටයුතු කරන සතියක් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට ද මඟ සැලසේ. සතිය මැද කාලයේදී තමාට නිතිමය ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති කර ගන්න. විදෙස් ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

සිංහ - වගකීම් පැහැර හැරීමක්

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර පවුලේ කෙනෙකු පිළබඳ වෙහෙසිම් ඇති කරන සතියකි. ළඟින් ඇසුරු කරන අයකුගේ කේළාම් බස් හේතුවෙන් පවුලේ ආරවුල්කාරි බවක් ඇති කරයි. නිතර කේන්ති යන කාලයක් වන අතර එදිනෙදා කටයතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් ද පෙනේ. නිතර ඇතිවන අසහනකාරි බව හේතුවෙන් වගකිම් පැහැර හැරීමක් සිදුවිය හැකියි. සති අන්තය වන විටද පවුලේ අය නොරුස්සන අයුරින් කටයුතු කරයි. මෙතෙක් අහිමිව තිබු ලැබීම් කිපයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

ධනු - දරුවන්ගේ දියුණුව

පැවැති වගකීම් කීපයක් අඩු වන කාලයක් වන අතර මේ සතියේ ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා1, 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ .හදිසි තීරණ ගැනීමෙන් තමාට පාඩු සිදුවන කාලයක් වන අතර කෝපකාරී සිතිවිලි පාලනය කර ගන්නා කාලයකි. සතිය මැද කාලයේදී අඹුසැමි සහයෝගයෙන් කටයුතු කරන බවක් පෙනේ. එමෙන්ම හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් විවිධ පියවර කීපයක් ගන්නා කාලයකි. රැකියා ස්ථිරවිමක් පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ගත වුවන්ට සුබදායක බවක් පෙනේ. සති අන්තයේදි අලුත් කටයුත්තක් ඇරඹීමට මඟ සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ - අඹුසැමි සුහද තාවය බිඳ වැටේ

ශාරිරික වෙහෙසක් ගෙන දෙන සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. හිතුමතයට කටයුතු කිරීමෙන් පවුලේ ගැටලුකාරී බවක් ඇති කරයි. අඹුසැමි සුහදතාවය බිඳ වැටි යන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර තනිව කටයුතු කිරිමට සිතන කාලයකි.මෙතෙක් කර ගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අතර මඟ නවතා දැමීමට සිදු වන ලකුණු පෙන්නුම් කරයි.සතිය මැද කාලයේදී වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අලුත් ඥාති හිතවත්කම් වලට මඟ සැලසෙන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ද වෙනදාට වඩා සැලකිලිමත් වන්න .

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

කන්‍යා - ගුප්ත කටයුතුවලින් පිහිට

අවිවේකි වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කර ගෙන යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයකි. දරුවකුගේ හිතුවක්කාර ගති පැවතුම් තමාට අසහනකාරි බවක් ඇති කරයි. විදෙස්ගත ඥාතියකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. මව හෝ මව් පස ඥාතියකු පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදි විවාහය සම්බන්ධ කටයුතුවලදී දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. සති අන්තයේද දතක ආබාධයකට ප්‍රතිකාර කිරිමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

මකර - පවුලේ අයගේ ප්‍රශංසාව

මිශ්‍ර ඵලදායක ‌‌ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. නැති වු දෙයක් නැවත ලබා ගැනීමට හැකිවන සතියක් වන අතර මෙතෙක් පැවැති කරදරකාරි බවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේදි පවුලේ අයගේ ප්‍රශංසාව හිමිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ .උස් ස්ථාන සම්බන්ධ කටයුතු වලින් මෙන්ම ජලය සම්බන්ධ කටයුතු වලින් ද පරිස්සම් විය යුතු කාලයකි. සතිය මැද කාලයේදි පවුලේ ධානමය වැඩ සටහනක් පිළිබඳ සැලසුමක් ඇති කර ගන‍ි. පාදයේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

මිථුන - තීරණ නිසා අලාභයක්

පවුලේ කටයුතු පිළිබඳ විවිධ වෙනස්තම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 ය යන ව භාවස්ථාන වල ගමන් කරයි. මේ සතිය මුලදී පවුලට අලුත් සාමාජිකයෙක් ඒක් විය හැකි බවක් පෙනේ. එමෙන්ම පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. හිතවතකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදු කර ගැනිමට අවස්ථාව සැලසෙන කාලයකි. හදිසි වී තීරණ ගැනීමෙන් නොසිතු අලාභයක් සිදුකරයි. ශාරිරික වෙහෙස ගෙන දෙන සතියකි. සති අන්තයේදි ලේ විෂ විමේ අසනිපයක් හෝ චර්මාබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවෙයි.පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරිමට සිදුවන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා - රැකියා ලාභ

පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6, යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර ඇවිදිලි වැඩි කරන කාලයකි. වගකීම් පැහැර හැරිමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තමාට පි‍්‍රය අයගෙන් වෙන්ව කටයුතු කිරිමට සිදුවෙයි.දරුවකුගේ විශේෂ ජයග්‍රහණනයක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ.සතිය මැද කාලයේදි දේපල ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහි‌ට පැතීමට සිදුවෙයි. වරින් වර ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ පුවතක් අසන්න ලැබෙන අතර හදිසි මුදල් ලාභයකට ද හිමිකම් ඇතිබවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ - සැලසුම් අතර මඟ නවතී

නිකර ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර පවුලේ කටයුතු පිළිබඳ විවිධ වෙනස්කම් රැසක් ද සිදු කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. අතපසු වු කටයුතු කිපයක් සපුරා ගැනිමට අවස්ථාව උදා කරයි. නිතර වාහන ගමන් මෙන්ම වාහනයක අඩුපාඩු කීපයක් වෙනුවෙන් ද වෙහෙසිම් මෙන්ම මුදල් වැය වීම් ද සිදුකරයි. සතිය මැද කාලයේදි නිතර නිවසට යන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. සැලසුම් කිපයක් අතර මඟ නවතා දැම්මට සිදුවෙයි. වරින් වර ඇති කරන මුත්‍ර ආබාධයකට ප්‍රථිකාර ලබා ගැනිමට සිදුවෙයි. ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කිපයක් යෙදෙන සතියකි.

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක - ඥාතියකු පිළිබඳ සිත් කලකිරිමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. දේපල ගනුදෙනුවක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. මුදල් සම්බන්ධ කටයුතු පිළිබඳ වෙනදා‌ට වඩා සැලකිලිමත් වන්න.ළඟම ඥාති‌යකු පිළිබඳ ඇතිවන සිත් කලකිරිමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදි පවුලේ දානමය කටයුත්තකට සම්බන්ධ වීමට මඟ සැලසෙන කාලයක් වන අතර ඒ සම්බන්ධ කටයුතුවලට දුර පළාතකට යාමට ද අවස්ථාව උදා කරයි. නිතර සිත කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබෙන සතියකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා උනන්දු වන්න.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - සුදු

සුබ දවස - සඳුදා

 

වෘශ්චික - නීති ගැටලුවක්

නොසිතු ගැටලු කිපයකට මැදිවෙමින් සතිය ආරම්භ වන වාශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. යෝජනා ස්ථීර වීමක් කල් දැමිමට සිදුවන සතියකි. නිතර තමාගේ ශරිර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. වරින් වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනිමට සිදුවේ. ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. පවුලේ කටයුතු සමිබන්ධ අවිවේකී බවක් ඇති කරයි.දරුවකුගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති කර ගන්න. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ. නීති ගැටළුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිලිබඳ සැලකිලිමත් වන්න.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - ලා රෝස

සුබ දවස - ඉරිදා

 

මීන - විදෙස් ලැබීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වෙහෙසීම් ඇති කරන බවක් ද පෙන්නුම් කරයි.සඳු මේ සතියේ 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. මානසික අවිවේකයට හේතු යෙදෙන සතියකි. පෙම් සබඳතාවයක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයක්ට ලක් විමට ඉඩ ඇත. දුර ඥාතියකුගේ පැමිණීමක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබු ගැටලුකාරී බවක් සමතයකට පත් කර ගැනීමට හැකිවෙයි.වරින් වර මතු කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සති අන්තයේදි පවුලේ කෙනෙකු පිළිබද සිත්තැවුලක් අසන්න ලැබේ.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - රෝස

සුබ දවස - බදාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.