ජූලි 09 ජූලි 16 දක්වා

ජූලි 9, 2021

මේෂ - ගුප්ත කටයුතු වලින් පිහිට

ආර්ථික අතින් යහපත් සතියක් වනඅතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි ප්‍රමුඛත්වයක් දෙමින් කටයුතු කරන සතියකි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීම් ඇති තරයි. යටපත් වූ තුනටියේ වේදනාවක් නැවත මතු විය හැති බවක් පෙනේ. සතිය මැද කාලයේදී ප්‍රභු අය හා ඇසුරට අවස්ථාව සැලසෙනු ඇත. ළඟින් ඇසුරු කළ අයකු හා අමනාපකමක් සිදු වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. මෙතෙක් කර ගෙන ආ වැඩ පිළිවලක් අතර මඟ නවතා දැමීමට සිදුවෙයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් පරිස්සම් වීම වැදගත් වේ.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ - දරුවකු පිළිබඳ සතුටක්

ශාරීරික වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර පවුලේ වැඩිහිටියකු කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියකි. අසල්වැසියකු නිසා නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩඇත. වැරදි ආරංචි මාර්ගයක් හේතුවෙන් සිත්තැවුලකට ලක් කරයි. දේපල කටයුත්තක් කෙරෙහි වෙහෙසීම් ඇති කරයි.

සතිය මැද කාලයේදී දරුවකු පිළිබද සතුටට පත් වියහැකි අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. විවාහ අපේක්ෂිතයන්ට ඒතරම් සුබදායක කාලයක් නොවන අතර පොරොන්දු ගිවිසුමක් කල් දැමීමට සිදුවෙයි.

අය 06 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

ධනු - හදිසි මුදල් ලාභයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර පවුලේ කටයුතු වල ද වෙනස්කම් රැසක් සිදුවීමට

ඉඩ ඇති කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කෙනකු නිසා හට ගන්නා සිත්තැවුලක් දුර දිග යන කාලයක් වන අතර නිතර තනිව කටයුතු කිරීමට ද සිතන කාලයකි. නිතර තමා හමුවට ඒන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. මෙතෙක් මගහැරී තිබූ චර්මාබාධයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී තමාට හදිසි මුදල් ලාභයකට හිමිකම් ඇති බවක් පෙනේ.

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු විය හැකි කාලයක් බැවින් සැලකිලිමත් වන්න.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ - පවුලේ මත ගැටුමක්

ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් වෙහෙස‍ිම් ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් පාඩු ගෙන දෙමින් පැවැති කටයුත්තක් දියුණු කර ගැනීමට පියවර කීපයක් ගනී. ඉවසිලි වන්ත භාවය අඩුවී යන සතියකි. ඒමෙන්ම ගේ දොර කටයුතු කෙරෙහි පවතින උනන්දුව අඩු වී යන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් කරගෙන ආ ගනුදෙනු කීපයක් හේතුවෙන් පාඩු විඳීමේ අවදානමක් ඇති කරයි. පවුලේ මත ගැටුමක් දුර දිග යන ස්වභාවයක් ගනී. අමතර ආදායම් මාර්ග වලට බාධා ගෙන දෙන කාලයකි. දුර දිග බලා කටයුතු නොකිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. එදිනෙදා කටයුතු කෙරෙහි වෙනදාට වඩා කල්පනාකාරී වන්න.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කන්‍යා - විශ්වාසය බිඳ වැටීමක්

අවිවේකී සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 10,11,12 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. මෙතෙක් පැවැති විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති වන අන්ද‌මේ කරුණු සිදු කරන සතියකි. ඒමෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයකට ද

ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ.

සතිය මැද කාලය වන විටදී වාහන හා ඉඩම් ලාභයක් ද සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන සතියකි.

හදිස්සියේ ඇති වන මූත්‍ර ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

මකර - ණය මුදලක් පියවා ගැනේ

මෙතෙක් පැවැති අවිවේකී බව මගහැරී යන කාලයක් වන අතර මේ සතියේ මකර ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථාන වලයි.පවුලේ ආගමික සැලසුමකට කටයුතු සූදානම් වන කාලයකි. නිතර ඇවිදිලි වැඩි කරන කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදු කරන සතියකි. ණය මුදලක් පියවා ගැනීමට කරුණු සැලසේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ.පැරණි හිතවත්කමක් අලුත් වීමෙන් ගැටලු කීපයක් මගහරවා ගැනීමට හැකි වෙයි.සති අන්තයේදී ජලය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම් වීම වැදගත් වේ.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

මිථුන - නොසිතූ දෝෂාරෝපණයක්

අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගනිමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. තමාට හිමි වන්න තිබූ ණය මුදලක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳ වැටී යන කාලයකි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයූතු කීපයක් යෙදේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන සතියකි. මව හෝ මව් පක්ෂයේ ඥාතියකු පිළිබද විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. නිතර වයසින් අඩු අය සමග ඇසුරට කටයුතු සැල‌සෙන අතර නොසිතූ දෝෂා රෝපණයකට ද ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. දරු ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අපේක්ෂාවෙන් සිටින අය සැලකිලිමත් වීම වැදගත් වේ.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

තුලා - විවාහ බලාපොරොත්තුවක් ඉටු කරයි

මිශ්‍ර ඵලදායක ලෙස උදාවන මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11

යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුත අධික කරන කාලයකි. පවුලේ වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරීමට ඉඩ ඇති බවක්

පෙනේ. තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇත කාලයක් බැවින් එදිනෙදා ගමන් වලදී සැලකිලිමත් වීම වැදගත් වේ.

සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට නොසිතූ වියදමක් දැරීමට සිදුවෙයි. මෙතෙක් ප්‍රමාද කරමින් පැවැති විවාහ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 03

ජය අංකය - 7

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

කුම්භ - තැන්පත් ධනය වැය වීමක්

වගකීම් වැඩි කරන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 5,6,7 යන භාවස්ථාන වල

ගමන් කරයි. මෙතෙක් යොදාගත් කටයුතු කීපයක් වෙනසකට ලක් කරයි. නිතර තමා හමුවට ඒන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන කාලයකි.

වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසින් වැඩි කාලයක් යොදවන අතර නොසිතූ මුදලක් ද වැය කිරීමට සිදුවෙයි. නිතර ආගමික සහන පතන කාලයකි.

තැන්පත් ධනය වැය වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - රතු

සුබ දවස - සඳුදා

 

කටක - විදෙස් උපකාරයක්

කටක ලග්න හිමි ඔබ නිතර සමාජ සේවා කටයුතු වලට සම්බන්ද වන කාලයක් වන අතර

මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. දේපල හිමිකමක් සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවෙයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩඇත. වෙනදාට වඩා යන ඒන ගමන් පිළිබඳ සැළකිලිමත් වීම වැදගත් වේ.

හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ කටයුතු වල ප්‍රමාදතාවයක් සිදුකරයි. මවට හෝ මව් පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන සතියකි. ආදායම් මාර්ග වල වෙනසක් සිදුවිය හැකි කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික- ණය මුදලක් හිමි කරයි

ආගමික සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් වැය කරමින් සතිය ආරම්භ වන වෘශ්චික

ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරන සතියකි.

එමෙන්ම පවුලේ සතු‌ට සමාදානයට හේතු සැලසෙන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට හැකිවීමෙන් සිතේ සතුටක් ඇති කරයි. තමාට හිමි වන්න තිබූ ණය මුදලක් හිමි වන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යන ලකුණු පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

මීන - ප්‍රභූ ඇසුරක්

යොදා ගත් සැලසුමක් වෙනසකට ලක් කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු

ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික කරන කාලයකි. හිතවතකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමක් සිදුකරයි‍.ප්‍රභූ

ඇසුරකට කටයුතු සැලසීමෙන් තමාගේ බලාපොරොත්තු කීපයක් ඉටු කරයි. විදෙස් ගමනක් වෙනුවෙන් ලිපි ලේඛන සකසා ගැනීමට වෙහෙසක් දරණ සතියකි. නිතර ගුප්ත කටයුතු

වලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී යටපත් වූ දණහිසේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - ලානිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.