අගෝස්තු 20 සිට 26 දක්වා

අගෝස්තු 20, 2021

මේෂ-නීති පිහිට

දේපල ගනුදෙනුවක් හේතුවෙන් අමතර මුදලක් වැය කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. නොසිතූ ලෙස නීති පිහි‌ට පැතීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම පවුලේ කෙනකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවන සතියකි. අමතර මුදල් වැය වීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විදෙස් ලැබීමක් වෙනුවෙන් වෙහෙසිම් වැඩි කරයි. සතිය මැද කාලය වන විටදී ළඟින් ඇසුරු කළ අයකු නිසා සිත් කලකිරීමක් ඇති කරයි. ශාරීරික වෙහෙස ගෙන කාලයක් වන අතර අතර මඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ.

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ -හදිසි තීරණ හේතුවෙන් අවාසි

අවවේකී ලෙස උදාවන මේ සතියේ සිංහ ලග්න හිම ඔබගේ සඳු 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. අලුත් රැකියා ලාභ හිමිවන කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වේ. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසි කීපයක් සිදුකරයි.

සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අඹුසැමි ගැටලුවක් දුර දිගයා හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. විදෙස් ගමනක් පිළිබඳ උනන්දුව ඇති කරන සතියක් වන අතර ඒ පිළිබඳ අමතර වෙහෙසීම් ද ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

ධනු -විදෙස් ලැබීමක්

ගනුදෙනුවක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගත කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි.වෙනදාට වඩා පවුලේ අය වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට සිදුවන සතියකි‍. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. මුදල් ගනුදෙනු කටයුතු වලදී කල්පනාකාරී වන්න. අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි අන්දමේ කටයුත්තක් සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර නිවසට යන ඒන අය පිළිබඳ කල්පනාකාරී වන්න. සති අන්තය වන විටදී විදෙස් ලැබීමකට හිමිකම් ඇති අතර දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ- වගකීමකින් නිදහස්

වගකීම් වැඩි කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 9,10,11 යන භාවස්ථාන වලයි. නිතර ඇවිදිලි වැඩි කරන සතියක් වන අතර පවුලේ වැඩිහිටියකු පිළිබඳ කැප වී කටයුතු කිරීමට සිදුවේ. ‌ගේ දොර කටයුතු වල වෙනස්කම් කීපයක් සිදුකරන කාලයක් වන දරුවකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ද ඇති වීමට ඉඩ ඇත.

සතිය මැද කාලයේදී හිමිවිය යුතු මුදලක් නොලැබී යන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස් වීමට අවස්ථාන සැලසෙන සතියකි. යටපත් වූ වාත වේදනාවක් නැවත හට ගැනීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කන්‍යා -අමතර ආදායම්

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 5,6,7 යන භාවස්ථානවලයි. විශේෂ ගනුදෙනුවකට මඟ සැලසෙන සතියකි. අමතර ආදායම් කෙරෙහි උනන්දුව වැඩි කරයි. පවුල‌ට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි.

පවුලේ කෙනකු සමඟ ඇතිකර ගන්නා මතභේදයක් දුර දිග යා හැකියි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. නිතර නිවසට යන එන කෙනෙකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සිකුරාදා

 

මකර -හදිසි වාහන මිලදී ගැනීමක්

කලබලකාරී ගති පැවතුම් තමාට පාඩුවක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි.වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු අධික වන සතියකි. දවසින් වැඩි කාලයක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට සිදුවේ. සතිය මැද කාලය වන විටදී ආගමික කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.නිතර හට ගන්නා කොන්දේ වේදනාවක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර සෙම් රෝග ද බහුල කාලයක් බව පෙන්නුම් කරයි. හදිසි වාහන මිලදී ගැනීමක් පිළිබඳ උනන්දුව ඇති කරන සතියකි. පිය පස ඥාතියකු නිසා සිත් කලකිරිමක් සිදුවීමට ඉඩ ඇත.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

මිථුන-අලුත් හිතවත්කම්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 8,9,10 යන භාවස්ථාන වලයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් හිතුවක්කාර කටයුතුවලින් ඈත් වී සිටීම යහපත් වේ. මෙතෙක් අමනාපයෙන් සිටි හිතවතකු තමා සොයාගෙන ඒන කාලයකි. ව්‍යාපාර කටයුතු සම්බන්ධ උනන්දුව අඩු වී යන සතියකි.

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

අලුත් හිතවත්කම් වලට මඟ සැලසෙන කාලයක් බැවින් ඇසුරු කරන අය පිළබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - ලානිල්

සුබ දවස - සඳුදා

 

තුලා -වැඩ පිළිවලක වෙනසක්

දුර ගමන් බහුල කාලයක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථාන වලයි. පවුලේ කටයුතු කෙරෙහි පවතින උනන්දුව අඩු වී යන කාලයක් වන අතර පොත පත අධ්‍යාපන කටයුතු කෙරෙහි පවතින උනන්දුව ද අඩු වී යන බවක් පෙන්නුම් කරයි. විදෙස් හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි. නිතර පවුලේ අයගේ දෝෂාරෝපනයට ලක් වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් නිතර ජලයෙන් මෙන්ම සීතල කෑම බීම වලින් පරිස්සම් විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදී මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවලක් වෙනසකට ලක් කරයි. දරුලාභ හිමිකම් ඇති අයට සුබදායක සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ -පවුලේ දානමය කටයුත්තක්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. දරුවකුගේ ඉදිරි අනාගතය පිළිබඳ තීරණයකට එළඹීමට සිදුවන සතියකි. හදිස්සියේ තමා සොයාගෙන එන කෙනකු නිසා නොසිතූ සිත් තැවුලකට ලක්වීමට ඉඩ ඇත. වාහන ගමන් පිළිබඳ පරිස්සම් විය යුතු කාලයකි. සතිය මැද කාලය වන විටදී පවුලේ දානමය කටයුත්තකට සැලසුමක් සකස් වන බවක් පෙන්නුම් කරයි. හදිසි කෝපය තමාට නොසිතූ පාඩුවක් සිදුකරයි. යටපත් වූ මූත්‍ර අමාරුවක් නැවත මතුවිය හැකි අතර නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සඳුදා

 

කටක - වාහන ගනුදෙනුවක්

මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් අතර මග නවතා දැමීමට හේතු යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. ඥාතීන් අතර ඇතිවන බහින් බස් වීමක් දුර දිග යන සතියකි. නිතර පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගෙන කටයුතු කිරීමට සිදුවේ.

ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් බැවින් යොදාගත් සැලසුමක් වෙනසකට ලක් කරයි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. සතිය මැද කාලයේදී තමාට හිමිවන්න තිබූ දේපලක් අහිමි වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී රැකියාවට අමතර ලැබීම් හිමි කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික-ණය මුදලක් හිමිකරයි

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන වාශ්චික ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථාන වලයි දේපල ගැටලුවක් හේතුවෙන් ඇතිවන සිතේ නොසන්සුන්තාවය මඟ හැරී යන ලකුණු පෙන්නුම් කරයි. තරග විභාගයක් හේතුවෙන් ඇතිවන වෙහෙසීම් වැඩි කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. දරුලාභ හිමිකම් ඇති වෙනදාට වඩා පරිස්සම් විය යුතු කාලයකි. අවිවේකී වුවත් සැලසුමක් සාර්ථක අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තයේදී කලකින් නොදුටු හිතවතකු හමු වීමට අවස්ථාන උදා කරයි.

අය 09 - වැය 08

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

මීන- බලාපොරොත්තු ඉටු කරයි

අවිවේකී උවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. දරුවකුගේ හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩ ඇති සතියකි. නිතර තමාට පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වෙළඳ ව්‍යාපාර කටයුතු වල නියුතු වූවන්ට එතරම් යහපත් කාලයක් නොවන අතර ඒ සම්බන්ධ කටයුතු අතර මග නවතා දැමීමට ද සිදුවේ. අවිවාහකයන්ගේ බලාපොරොත්තුවක් ඉටු වන අතර ප්‍රමාද වූ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.