සැප්තැම්බර් 10 සිට 16 දක්වා

සැප්තැම්බර් 10, 2021

මේෂ-දේපලක නිරවුල්තාවයක්

නොගැලපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ කටයුත්තකට අත ගැසීමට සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා පදිංචියෙන් පිට වාසයට කරුණු සිදුකරයි. නිතර පවුලේ වැඩිහිටියන් සමඟ බහින් බස්වීම් ඇති කරගන්නා කාලයකි. සතිය මැද කාලය වන විටදී මෙතෙක් නීති ගැටලුවකට මැදිව තිබූ දේපලක් සම්බන්ධ නිරවුල්තාවයක් ඇති කරයි. සති අන්තය වන විටදී පවුලේ සතුට සාමයට හේතු ඇති වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ -විශේෂ ගනුදෙනුවක්

මෙ‌තෙක් පැවැති අවිවේකී බව මඟහැරී යමින් පවතින අතර මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථාන වලයි. නිතර පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට මෙන්ම එදිනෙදා කටයුතු වලට අත හිත දීමටද සිදුවෙයි. නිතර ඇවිදිලි ඇති කරන කාලයකි. අඹුසැමි විශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුත්තක් සිදුකරයි. මවගේ අසනීපකාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. දවසින් වැඩි කොටසක් පවුලේ බාල දරුවකුගේ කටයුතු වෙනුවෙන් යොදවයි. විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නීති ගැටලුවකට මැදි විමට ඉඩ ඇත.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

ධනු -විදෙස් උපකාර

පවුලේ වගකීම් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ගහයා මේ සතියේ 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. ප්‍රමාද වූ තීරණයක් නැවත ඉටුවන ලකුණු පෙන්නුම් කරන සතියකි. ගේ දොර අලුත් වැඩියාවක් වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවෙයි.

විදෙස් උපකාර හිමිවන සතියකි. මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ- නොසිතූ පාඩුවක්

සැලසුම් කීපයක් කල් දැමීමට සිදුවෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අතර රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිවන බවක් පෙනේ. පවුලේ වැඩිහිටි ඥාතියකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවන කාලයකි. නිතර අන් අයගේ දෝෂාරෝපණය‌ට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නොසිතූ ලෙස තමාට පාඩුවක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලදී පරිස්සම් වන්න.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා -වැය පස අධිකයි

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයක් වන අතර මේ සතියේ කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථාන වලයි. කල් ගත වු අසනීප තත්වයකින් සුවය ලැබෙන කාලයක් වන අතර පවුලේ අයගෙන් වෙන්ව වාසයට ද කරැණු ඇති කරයි. අලුත් ඥාති හිතවත්කම් වලට මග සැලසෙන කාලයකි. නොසිතූ ලෙස පදිංචිය පිළිබඳ ගැටලු කීපයක් මතු කරයි. දුර ඥාතියකු තමා සොයාගන එන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික කරන කටයුතු කීපයක් යෙදේ. ළඟින් ඇසුරු කළ හිතවතකුගේ දුරස් වීමක් සිදුකරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

මකර -හදිසි වාහන මිලදී ගැනීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස අධික කරන කාලයක් වන අතර මේ සතියේ මකර ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථාන වලයි. විශේෂ උත්සව අවස්ථාවක් කල් දැමිමට සිදුවන සතියකි. වෙනදාට වඩා විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයකි යෙදේ. හදිසි වාහන මිලදී ගැනීමකට කටයුතු සැලසෙන බවක් පෙන්නුමි කරයි. සතිය මැද කාලයේදී අසල්වැසියකු නිසා කරදරයට පත්වන අන්දමේ කටයුතු කීපයකි සිදු කරයි. නිතර වයසින් වැඩි අයකු සමඟ ඇසුරට කටයුතු සැලසේ. පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී වැඩිහිටි උපදෙස් පැතීම වැදගත්වේ.

අය 06 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මිථුන-අලුත් ඥාති හිතවත්කම්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 5,6,7 යන භාවස්ථාන වලයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී විය යුතු සතියකි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. අසල්වාසීන් නිසා ඇතිවන මතභේදකාරී බවක් දුර දිග යා හැකියි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

වෙළඳ ව්‍යාපාර කටයුතු වල නියුතු වූවන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. අලුත්ඥාති හිතවත්කම් වලට මග සැලසෙන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බදාදා

 

තුලා -විශේෂ තීරණයක්

විශේෂ තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 1,2,3 යන භාවස්ථාන වලයි. විශේෂ තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ කලබලකාරී බවක් ඇති කරයි. වාහන ගමන් පිළිබඳ පරිස්සම් විය යුතු සතියකි. උරහිසේ අමාරුවක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙන කාලයක්වන අතර නිතර ජලය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම් වීම ද වැදගත් වේ. සතිය මැදකාලයේදී පවුලේ වැඩිහිටියකු සමඟ සිදුවන බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නොකළ වරදකට දඬුවමක් හිමිකරන අතර නිතර ගමන් බිමන් වලින් වැළැකී සිටීම යහපත් කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - රෝස

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ -හදිසි ගනුදෙනුවක්

එදිනෙදා ගමන් වැඩි කරන සතියක් වන අතර පවුලේ කටයුතු වලට මූලික වීමට ද සිදුවන සතියකි. මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විවාහ ගිවිස ගැනීමකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. වැඩිහිටියකුගේ අසනීපකාරී බවක් හේතුවෙන් දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදී පවුලේ වැඩිහිටියකු සමඟ හදිස්සි ගනුදෙනුවක් සිදුකර ගනී. මුදල් වියදම් වැඩි කරන සතියකි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

කටක - කොන්දේ වේදනාවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ සතුට සමාදානය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන සතියකි. පවුලේ උත්සව අවස්ථාවක් කල් දැමීමට සිදුවෙයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු විය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලදී කල්පනාකාරි වන්න. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර මෙතෙක් ප්‍රමාදතා ඇති කළ යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්විය යුතු බවක් පෙනේ. පවුලේ කෙනකු වෙනුවෙන් නොසිතූ වියදමක් දැරීමට සිදුවන සතියකි.

අය 07 - වැය 08

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික-ගනුදෙනු වාසි

වෙනදාට වඩා කලබලකාරී ගති පැවැතුම් ඇති කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. වෙනදාට වඩා ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් වන්න. හදිස්සියේ සිදුවන ගනුදෙනුවකින් වාසි කිපයක් සැලසේ. සතිය මැද කාලයේදී දරුවකුගේ නොසන්සුන්කාරී කටයුත්තක් හේතුවෙන් පවුලේ මතභේදකාරී බවක් ඇති කරයි. විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන සතියකි. යටපත් වූ සෙම් රෝගී තත්වයක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර පැතීමට සිදුවේ. පවුලේ අයගේ විශ්වාසය බිඳ වැටෙන කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

මීන- හදිසි තීරණයක්

යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. පවුලේ බාල දරුවකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරිමට සිදුවන සතියකි. විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට අවාසි කීපයක් සිදුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු කාලයකි. සති අන්තයේදී පැරණි හිතවත්කමක් අලුත් වීමෙන් ගැටලු කීපයක් විසඳා ගැනීමට හැකිවෙයි.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.