ඔක්තෝබර් 22 සිට 28 දක්වා

ඔක්තෝබර් 22, 2021

මේෂ - පවුලේ සිත් නොහොඳකමක්

අවිවේකී උවත් සැලසුම් කීපයක් සාර්ථක කරගනිමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථාන වලයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරන කාලයක් වන අතර නොසිතූ ලෙස කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට ද මාර්ගය සැලසෙන බවක් පෙන්නුම් කරයි. නිතර වාහන ගමන් යෙදෙන කාලයක් වන අතර ගමන් බිමන් වලදී කල්පනාකාරී විය යුතු බවක් පෙන්වයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරන කාලයකි. සති අන්තයේදී පවුලේ කෙනකු නිසා සිත් නොහොඳ කමක් සිදුවිය හැකි කාලයක් බැවින් වෙනදාට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

සිංහ -ඇවිදිලි වැඩි කරයි

අවිවේකී ලෙස සතිය උදාවන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි.වෙනදාට වඩා තැන තැන ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. හදිස්සියේ ඇති වන පාදයේ වළලුකර ආශ්‍රිත ආබාධයකට රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට අවස්ථාව උදාකරන කාලයකි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු කරන අතර අත් වැරැද්දක් හේතුවෙන් පාඩුවක් සිදුවීමට ද ඉඩඇත. අඹුසැමි මතභේදකාරී බවක් දුරදිග යාමෙන් වැඩිහිටියකුගේ දෝෂාරෝපණයට ලක්වේ. නිතර ඉවසීමෙන් කටයුතු කළයුතු කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

ධනු -විශ්වාසය බිඳ වැටීමක්

අවිවේකී වුවත් වැඩකටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යාමට හැකියාවක් ඇති සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා අවදානයක් යොමු කළ යුතු කාලයකි. පවුලේ කෙනකු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. එහෙත් විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර දරුවකු පිළිබඳ වෙහෙස‍ිම් ඇති කරන කාලයකි. පවුලට අලුත් ඥාතියකු එක් වීමෙන් අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන කාලයක් වන අතර දුර ගමන් වලින් වැළැකී සිටීම යහපත් කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ- ආගමික සැලසුමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතිය ආරම්භය ඔබට නොසිතූ පාඩුවක් සිදුවිය හැකි බවක් පෙන්වයි. සඳු මේ සතියේ ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. නිතර පදිංචි ස්ථානය සම්බන්ධ ඇතිවන මතභේදකාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. උස් ස්ථාන සම්බන්ධ කටයුතු ජලය සම්බන්ධ කටයුතු ආදියෙන් මේ කාලය තුළදී පරිස්සමි වීම වැදගත් වේ. මේ කාලය තුළදී ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙන්වයි. එදිනෙදා කටයුතු වලදී සිත් රිදවීම් ඇති විය හැකි කාලයක් බැවින් වචන හුවමාරුවේදී දුරදිග බලා කටයුතු කරන්න.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා -අලුත් රැකියා හිමිකම්

නොසිතූ ගැටලුවකට මුහුණ දෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථාන වලයි. මෙතෙක් ලැබෙමින් තිබූ ආදායම් මාර්ග කීපයකට අවහිරතා මතු කරන සතියකි. පොරොන්දු ගිවිසුමක් කල් දැමීමට සිදුවීමෙන් හිතවතකු සමඟ මතභේදකාරී බවක් ඇති කරයි.

ප්‍රමාදතාවයක් සිදුවෙමින් පැවැති ඉඩම් ගනුදෙනුවක් සාර්ථක කරන සතියකි. සතිය මැද කාලය වන විටදී තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මකර -කොන්දේ අමාරුවක්

අලුත් සැලසුම් කීපයකට අත ගැසීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙනේ. යොදාගත් වැඩ පිළිවලක වෙනස්කම් රැසක් ඇති කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමකට වියදමක් දැරීමට සිදුවේ. වාහන ගනුදෙනුවක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර හදිසි වාහන මිලදී ගැනීමකට ද කටයුතු සැලසේ. නිතර තමා සොයා ගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. සති අන්තයේදී හදිසියේ හට ගන්නා කොන්දේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

මිථුන-අලුත් ඥාති සබඳතාවයක්

අවිවේකී ලෙස සතිය උදාවන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. එමෙන්ම අලුත් දේ මිලදී ගැනීමටද කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. අලුත් ඥාති සබඳතාවයකට සැලසුමක් සකස් වන කාලයකි. පවුලේ වැඩිමහල් දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට මග සැලසෙන සතියකි.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

තුලා -ණය මුදලකින් නිදහස සැලසේ

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථාන වලයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තමා ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස් වීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ආගමික සැලසුමක් සාර්ථක කර ගැනීමට නිතර වෙහෙසී වැඩ කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. කල් ගත වූ ණය මුදලිකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලය වන විටදී ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සති අන්තයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කුම්භ -ආගමික සහන පතයි

ශාරීරික වෙහෙසකාරී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. නිතර ආගමික සහන පතන කාලයක් වන අතර පවුලේ ගැටලුවක් දුර දිග යන බවක් ද පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ. පවුලට අලුත් ඥාතීන් දැන හඳුනා ගැනීමට මග සලසෙන සතියක් වන අතර දරුවකුගේ දුරස්වීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වැඩිමහල් සහෝදරයකු සමග ගනුදෙනුවක් සිදු කර ගැනීමට මග සැලසෙන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කටක - ඥාති උපකාරයක්

මෙතෙක් ප්‍රමාදතාවයක් ගෙන දුන් කටයුතු කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථාන වලයි. හදිසි විදෙස් ගත වීමක් පිළිබඳ සැලසුමක් සකස් වන කාලයක් වන අතර විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් ද හිමිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. වාහන ගමන් පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. සෙම් රෝග හුස්ම ගැනීමේ අපහසුතා ආදිය මතු විය හැකි කාලයක් බැවින් කෑමෙන් බීමෙන් මෙන්ම ජලය පරිහරණයෙන් ද පරිස්සම් වන්න.

අය 08 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික-දේපලක් හිමිවන ලකුණු

වෙදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු කාලයක් වන අතර පවූලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් ද අසන්න ලැබේ. ළඟම හිතවතකු සමඟ මුදල් ගනුදෙනුවකට කටයුතු සැලසෙන කාලයකි. එමෙන් ම විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර ගමන් යෙදෙන කාලයක් වන අතර රැකියාවේ වගකීම් ද වැඩි වන බවක් පෙන්නුම් කරයි. පරම්පරාගත දේපලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - රතු

සුබ දවස - සඳුදා

 

මීන- ගේ දොර අලුත්වැඩියාවක්

මෙතෙක් බාධා ගෙන දෙමින් පැවැති කටයුතු කීපයකින් නිදහස සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. මව් පස ඥාතියකු පිළිබඳ සතුටට පත් විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබෙන සතියකි. නිතර තමා සොයාගෙන එන මිතුරකු නිසා කරදරකාරීබවක් ඇති කරයි.

දරු ලාබ හිමිකම් ඇති අය වෙනදාට වඩා පරිස්සම් විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. යටපත් වු සෙම් රෝගයක් නැවත මතු වීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් වන්න.

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.