ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 04 දක්වා

ඔක්තෝබර් 29, 2021

මේෂ-අන්සතු වස්තු ලාභයක්

ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු යෙදෙන සතියක් වන අතර මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි. තමාගේ පදිංචි ස්ථානය සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුකරන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරගමන් යෙදෙන කාලයකි. ඥාතියකුගේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි. ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ -හිතවතකු හමුවේ

හදිසි ගනුදෙනුවකට අත ගසමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවෙයි. දරු ලාභ හිමිකම් ඇති අය වෙනදා වඩා පරිස්සම් විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදී කලකින් නොදුටු හිතවතකු හමුවීමට මග සැලසේ. විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සූදානම් වන සතියකි. සතිය මැද කාලයේදී යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු විය හැකි කාලයක් බැවින් කල්පනාකාරී වන්න.

අය 08 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

ධනු -හදිසි මුදල් ලාභයක්

අවිවේකී උවත් යොදා ගත් සැලසුම් කීපයක් සාර්ථක ලෙස නිමාවට පත් කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ඟ්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ අය පිළිබඳ වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතු කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ. පවුලේ විවාහ උත්සවයක් පිළිබඳ සූදානමකට කතිකාවතක් ඇති කර ගනී. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසි මූදල් ලාභයකට හෝ ලොතරැයි ජයග්‍රහණයක් පිළිබඳ දිණුමක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ- ප්‍රභු ඇසුරක්

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථාන වලයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ විවාහ යෝජනාවකට පවුලේ ආශිර්වාදය හිමිවන බවක් පෙන්නුම් කරයි. හදිසි ආදායම් මාර්ග හිමිවන කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසේ. එහෙත් තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන අතර නිතර ප්‍රභූ අයහා ඇසුරට අවස්ථාව ඇති කරයි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - රෝස

සුබ දවස - බදාදා

 

කන්‍යා -තැන්පත් ධනය වැයවීමක්

අවිවේකී උවත් වැඩ කටයුතු සාර්ථක ලෙස කරගෙන යන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථාන වලයි. හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ ගැටලුකාරී බවක් ඇති කරයි. මව්පස ඥාතියකු නිසා සිදුවන්නට ගිය කරදරයක් මගහරවා ගැනීමට කටයුතු උදාකරයි‍. සතිය මැද කාලය වන විටදී වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. වරින් වර ඇති කරන කොන්දේ අමාරුවක් හේතුවෙන් රෝහල් ගත වි ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ් පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න.

අය 08 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මකර-ගනුදෙනු අලාභයක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරගනිමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථාන වලයි. අසල්වැසිකු සමඟ සිදුවන මුදල් ගනුදෙනුවකින් නොසිතූ අලාභයක් සිදුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. තමා උගත් දෙයින් ප්‍රයෝජනයක් ලබා ගත හැකි කාලයකි.

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. ළඟින් ඇසුරු කරන හිතවතකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදුකර ගැනීමට මග සැලසේ. පවුලේ වැඩිහිටියකුගේ දෝෂාරෝපණයට ලක් විය හැකි කාලයක් බැවින් ඒදිනෙදා කටයුතු පිළිබඳ සැලකිල්ලෙන් පසු වන්න.

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

මිථුන-උරහිසේ වේදනාවක්

අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයාමේ සතියේ ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථාන වලයි. නිතර ඇවිදිලි ඇති කරන කාලයක් වන අතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. ඒමෙන්ම ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන සතියකි. ළඟම හිතවතකු නිසා මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවලක් වෙනසකට ලක් වීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී අඹුසැමි විශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. යටපත් වූ උරහිසේ වේදනාවක් නැවත මතු විය හැකි කාලයකි.

අය 07 - වැය 02

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා -විදෙස් උපකාරයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථාන වලයි. පදිංචිය පිළිබඳ ගැටලු කීපයක් මතුකරන සතියක් වන අතර අත් වැරදීමක් හේතුවෙන් පාඩුවක් ද විඳීමට සිදුවේ. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති මංගල යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම්කරයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. මෙතෙක් පැවැති සහෝදර සිත් අමනාපකමක් මග හැරී යන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී මව් පිය උරුමයක් වෙනුවෙන් පැවැති මතභේදකාරී බවක් සමතයකට පත් වන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කුම්භ -සැලසුමක් කල් දමයි

ඇවිදිලි වැඩි කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. යොදාගත් සැලසුමක් කල් දැමිමට සිදුවන සතියකි. ඒමෙන්ම ‌ගේ දොර අලුත් වැඩියාවකට මග සැලසෙන සතියකි. නිතර රැකියාවේ කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. සතිය මැද කාලය වන විටදී හදිසි කැපුම් කෙටුම් වැනි අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

පවුලේ වැඩිමහල් දරුවකූගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයාබලා තීරණ ගත යුතු කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

කටක - ශාරීරික වෙහෙස

සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා වගකීම් බහුල කරන කාලයකි. ආගමික කටයුත්තක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. පවුලේ වැඩිහිටියකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සතිය මැද කාලයේදී දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. මව් පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයක් බැවින් පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මග සැලසේ.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික-ගනුදෙනුවකින් නිදහස්

අවිවෙීකී ලෙස උදාවන මේ සතියේ වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. නිකරුණේ කරන වියදම් වැඩි වන කාලයකි. එමෙන්ම තැන තැන ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී අලුත් වාහනයක් මිලදී ගැනීමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නොසිතූ ලෙස පවුලේ අයගෙන් ඈත් වී සිටීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. හිතවතකු සමඟ සිදුකර ගත් මුදල් ගනුදෙනුවකින් නිදහස් වීමට මග සැලසෙන සතියකි. හදිස්සියේ හටගන්නා පාදයේ වළලුකර ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 05

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

මීන- චර්ම ගත ආබාධයක්

සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථාන වලයි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට මග සැලසෙන සතියකි. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත් විය හැකි බවක් පෙනේ. ලේ විෂ වීමක් හෝ චර්ම ගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. නිතර නිවසට යන ඒන අය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදී රැකියාවට අමතර ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසි සහගත බවක් ඇති කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.