දෙසැම්බර් 03 සිට දෙසැම්බර් 09 දක්වා

දෙසැම්බර් 3, 2021
 
මේෂ
 
ශාරීරික වෙහෙසීම් 
 
වෙනදාට වඩා අතමිට මුදල් සරුකරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10  යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මෙතෙක් තමා හිතවතකු සමඟ සිදු කළ ගනුදෙනුවක් පියවා ගැනීමට අවස්ථාව උදා කරයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති බවක් පෙනේ. 
විදෙස්ගත හිතවතකුගේ උපකාරයක් හිමි කරයි. නිතර ශාරීරික වෙහෙසීම් ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සති අන්තයේදී පවුලේ සතුට සමාදානය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවේ. 
අය 07 - වැය 04
ජය අංකය - 09
ජය වර්ූණය - නිල්
සුබ දවස - බදාදා
 
 
සිංහ 
 
දරුවකුගේ අභිවෘද්ධියට පියවරක් 
 
 
මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. පවුලේ අයගේ ප්‍රශංසා මෙන්ම පවුලේ කටයුතු කෙරෙහි මුල්තැනක් ද හිමි කරයි. එහෙත් සතිය මැද කාලයේදී ආර්ථික අතින් පාඩුවක් මෙන්ම සොරසතුරු බියක් ද ඇති කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් පසුබෑමක් සිදුවීමට ඉඩ ඇත. දරුවකුගේ අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂ පියවරක් ගැනීමට හේතු යෙදේ. නිතර ඇතිවන දුරගමන් මෙන්ම වාහන ගමන් පිළිබඳව සැලකිලිමත් වන්න. මවුපාර්ශ්වයේ අයකු පිළිබඳ කනගාටුදායක පුවතක් අසන්න ලැබේ. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන සතියකි. 
අය 06 - වැය 03
ජය අංකය - 02
ජය වර්ූණය - නිල්
සුබ දවස - සිකුරාදා
 
ධනු 
 
තනතුරු ලාබයක් 
 
හදිසි සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2  යන භාවස්ථානවල ගමන් කරයි. තමා සමීපයේ සිටි අයකුගෙන් නොසිතූ උපකාරයක් හිමි වීමට ඉඩ ඇත. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. රැකියාවේ තනතුරු ලාබයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් පසුබාමින් සිටි දරුවකු අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන කාලයකි. හදිසි වාහන ගනුදෙනුවකට අතගැසීමට අවස්ථාව සැලසේ. සති අන්තයේදී චර්මගත ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. 
අය 08 - වැය 04
ජය අංකය - 07
ජය වර්ූණය - කහ
සුබ දවස -  බ්‍රහස්පතින්දා
 
වෘෂභ
 
ඥාති උපකාරයක් 
 
තැන තැන ඇවිදිලි ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. තනි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකිය. මෙතෙක් තමා කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. අලුත් හිතවත්කම්වලට මග සැලසුනත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. ළඟම ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මග සැලසේ. එහෙත් ඥාතීන් අතර විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිත් කලකිරීමක් ඇති කරයි. 
අය 07 - වැය 04
ජය අංකය - 02
ජය වර්ූණය -  කහ
සුබ දවස -  සිකුරාදා
 
කන්‍යා 
 
ආදර සබඳතාවක් බිඳ වැටේ 
 
යෝජනා ස්ථිර වීමක් සාර්ථක කරමින් සතිය උදාකරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි. පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සූදානම් වන බවක් පෙන්වයි. ඔබ උසස් අධ්‍යාපන කටයුතු වල නියුතු අයෙක් නම් වෙනදාට වඩා ඒ පිළිබඳ උනන්දුවක් මෙන්ම උත්සාහයක්ද දක්වන බවක් පෙන්වයි. ඔබට නොසිතූ ලෙස පාදයේ ආබාධයකට මුහුණපෑමට සිදුවන සතියකි. පැවැති ආදර සබඳතාවයක් බිඳවැටී යන ලකුණුූ පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වේ. රැකියාවේ නොසිතූ වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. 
අය 07 - වැය 03
ජය අංකය - 09
ජය වර්ූණය - කහ
සුබ දවස -  සඳුදා
 
මකර 
 
දේපළ අලුත්වැඩියාවක් 
 
තනි තීරණයක් හේතුවෙන් පවුලේ අය අතර නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි. රැකියාවේ කටයුතු මානසික අවිවේකය ඇතිකරන කාලයක් වන අතර, නිතර බියෙන් සැකයෙන් කටයුතු කිරීමට ද හේතු ඇති කරයි. හදිසි වාහන ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා වගකීම් දැරීමට සිදුවේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ ඇතිවන මතභේදකාරි බවක් දුර දිග යයි. දේපළ අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. 
 
අය 06 - වැය 07
ජය අංකය - 05
ජය වර්ූණය - කොළ
සුබ දවස - ඉරිදා
 
මිථුන
 
සෙම් රෝග 
 
දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් කරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර හට ගන්නා වාත වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. දේපළ ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම ඇතිකරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. 
තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති වීමට ඉඩ ඇත. අලුත් ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් පවුලේ කටයුතු වල වෙනසක් සිදුවේ. දතක ආබාධයකට ප්‍රතිකාරගැනීමට සිදුවේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. 
 
අය 07 - වැය 04
ජය අංකය - 04
ජය වර්ූණය - දම්
සුබ දවස -  සඳුදා
 
තුලා 
 
සැලසුමක් සාර්ථකයි 
 
වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 1,2,3,4  යන භාවස්ථානවලයි. මවු පාර්ශ්වයේ ඥාතියකු සමඟ ඇතිවන සිත් අමනාපකමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ඔබ සමීපයේ සිටි හිතවතකු නිසා යොදාගත් සැලසුමක් සාර්ථක කරගැනීමට හැකි වේ. කලාවට සම්බන්ධ වූ අයගේ බලාපොරොත්තු ඉටුකරයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්වයි. යටපත් වූ උදරාබාධයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයිි. මුදල් පරිහරණයේදී වෙනදාට වඩා කල්පනාකාරි වන්න. දේපළ ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුවක් යටපත් වන බවක් පෙන්වයි. 
 
අය 08 - වැය 06
ජය අංකය - 04
ජය වර්ූණය - ලා නිල්
සුබ දවස - බදාදා
 
කුම්භ 
 
දේපළ ආරවුලක් 
 
විශේෂ කටයුතු කීපයකට මග සැලසෙමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන සතියකි. හදිසි මුදල් වැය වීමකට කටයුතු සැලසෙන සතියකි. සතිය මැද කාලයේදී අලුත් ඥාතිමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට මඟ සැලසේ. දුර ගමන් බහුල වන කාලයක් වන අතර ඒ පිළිබඳ කල්පනාකාරිව කටයුතු කරන්න. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු යෙදෙන සතියකි. දේපළ ආරවුලකට නීති පිහිට පැතීමට සිදුවේ. හදිසි ආදායම්මාර්ග කීපයක් හිමිවන ලකුණූ පෙන්නුම් කරයි. සති අන්තයේදී දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. 
 
අය 07 - වැය 04
ජය අංකය - 09
ජය වර්ූණය - දම්
සුබ දවස -  සඳුදා
 
 කටක 
 
ආර්ථික වාසි මෙන්ම අලුත් ආදායම් 
 
විශේෂ තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. හිතවතකු සමඟ සිදුවන සංවාදාත්මක කථාවක් හේතුවෙන් සිත් අමනාපකමක් ඇතිවීමට ඉඩ ඇත. නිතර පූජ්‍ය පක්ෂය හා ඇසුරට කටයුතු සැලසෙන සතියකි. 
ප්‍රමාදවූ විවාහයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී ආර්ථික වාසි මෙන්ම අලුත් ආදායම් ඉපයීමේ මාර්ග පෑදෙනු ඇත. දරුවකුගේ කටයුතු නිසා වාසි මෙන්ම ගරුනම්බු නාමද හිමිවනු ඇත. 
 
අය 08 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - දම් 
සුබ දවස -   බදාදා
 
වෘශ්චික
 
රැකියාවේ ගැටලුවකින් නිදහස් 
 
 
මෙතෙක් ප්‍රමාදතා සිදුකළ විදෙස් ගමනක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3   යන භාවස්ථානවල ගමන් කරයි. අහිමිව තිබූ දේපළක් නැවත හිමිවන ලකුණු පෙනේ. වෙනදාට වඩා ඥාති හිතවතුන්ගේ උදව් උපකාර හිමිවන බවක් පෙන්වයි. රැකියා ස්ථානය අතර පැවැති ගැටලුකාරි බවකින් නිදහස් වීමට හේතු සැලසේ. සතිය මැද කාලයේදී නිතර පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ විමසිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. සති අන්තයේදී විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් හේතුවෙන් මෙතෙක් ප්‍රමාද කළ කටයුත්තක් සාර්ථක කර ගනී. 
 
අය 06 - වැය 05
ජය අංකය - 09
ජය වර්ූණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
 
මීන
 
 උරහිසේ ආබාධයක් 
 
දුරගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ආදායම්මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්වයි. පවුලේ වැඩිමහල් ඥාතියකුගෙන් කරදර සහිත කාලයකි. සතිය මැද කාලයේදී උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණූ පෙන්නුම් කරයි. නිතර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ  සැලකිලිමත් විය යුතු කාලයකි. කෑමෙන් බීමෙන් මෙන්ම ජලයෙන්ද පරිස්සම් විය යුතු බවක් පෙනේ. සති අන්තය වන විටදී ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. 
 
අය 07 - වැය 05
ජය අංකය - 09
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස -  බ්‍රහස්පතින්දා
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.