2022 ඔ‍බෙග් ලග්නයට ‍ෙකෙස්ද?

ජනවාරි 7, 2022
මෙම වසරේ ග්‍රහපිහිටීම් අනුව පසුගිය වසරට වඩා සුබදායක වේ. වසංගත රෝගද ක්‍රමයෙන් පහවී යයි. පාලක පක්ෂය රටේ ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරයි. යම් පිබිදීමක් ද රට තුළ ඇති වේ. අධ්‍යාපන සෞඛ්‍ය අංශවලද දියුණුව ඇතිවේ. රැකියාවල වර්ධනය වීමක් ද ඇති කරයි. ආර්ථිකය වර්ධනය වේ. රාගික හැඟීම් වැඩිවීමෙන් අපරාධ දූෂණ වංචා ප්‍රචණ්ඩ ක්‍රියා ද ඇතිවේ. සියලු දෙනා දැහැමිව ජීවත්වන්නේ නම් රටේ අභිවෘද්ධිය ඇතිවේ. ධර්මයට අනුව කටයුතු කළ යුතු ලග්න අනුව සෑම ලග්නයකටම සුබදායක වේ. 
 
මේෂ- රැකියා දියුණුව 
නව වසර ආරම්භයේදී ලග්නාධිපති කුජ, කේතු, සඳු සමඟ අට වැන්නේද රාහු ධනස්ථානයේද, රවි සිකුරු නව වැන්නේ බුධ ශනි කර්මස්ථානගතවද ගුරු අයස්ථානගතවද ගමන් කරයි. ගුරුගෙන් වාසනාව භාග්‍ය උදාකරන අතර කුජ සඳු කේතු අටේ ගමන් කිරීම සුබ නැත. ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල සුබ කටයුතු ආරම්භ කිරීම සුබදායක වේ. එයින් බාධා අවහිර මඟ හරවා ගත හැකි ය. 
ධනයට අධිපති සිකුරු නවයේද ධන කාරන ගුරු අයස්ථානයේ යෙදීම සුබයි. ආර්ථික  තත්ත්වය යහපත්වන අතර ව්‍යාපාරයේ යෙදීම සුබයි. ආර්ථික තත්ත්වය යහපත් වන අතර ව්‍යාපාර කටයුතු ද දියුණු කර ගැනීමට හැකි වේ. කෙසේ වුවත් ව්‍යාපාර ඇතුලු වැදගත් කටයුතු වසරේ මුල් මාස තුනේ දී ආරම්භ කිරීමට ඉතා සුබදායක වේ. විදේශ සබඳතා මත කරන ව්‍යාපාරවලටද සුබයි. වියදම් කිරීමේ දී සිතා බලා කටයුතු කළ යුතු නැති නම් වැය පස ඉහළ යාමට ඉඩ තිබේ. නවීන භාණ්ඩ මෙන්ම කලා අංශවලට අයත් ව්‍යාපාරද යෝග්‍ය වේ. 
හතර අධිපති සඳු අටේ ගමන් කිරීම නිසා ගෘහ ජීවිතයේ බාධා කරදර ඇති කරයි. මව්පියන්ට බාධා කරදර ඇති කරයි.පවුලේ අයට රැකියා ලාභ ලැබීමට ඉඩ තිබේ. අවිවාහක අයට මංගල කටයුතු ද උදාවේ. අප්‍රේල්වලින් පසු යම් යම් ගැටලු ද ඇතිවේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. උසස්වීම් හිමිවේ.  වසරේ මුල් කාලයේ දී ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම්වලට බාධා වේ. කම්මැලි උදාසීන ගති නිසා එය සිදුවේ. රවිගේ බලය අනුව උසස් ඉගෙනීම් සාර්ථක කරගත හැක. සෙම් රෝග මෙන්ම වැටීම් තැළීම් අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපල දුරු කර ගත හැක. ජය දින - අඟහරුවාදා, සිකුරාදා, සෙනසුරාදා ජය වර්ණ - නිල්, ජය අංකය 6, 8, 9 සුබ 
මැණික් - රතුකැට, සුබ දිශාව - නැඟෙනහිර. 
 
වෘෂභ- දරුවන්ගේ දියුණුව 
නව වසර ආරම්භයේ ද ලග්නාධිපති සිකුරු රවි සමඟ අට වැන්නේද, රාහු ලග්නයේ ද සඳු කුජ, කේතු හත් වැන්නේද බුධ, ශනි නවයේ සහ ගුරු දහයේ ද ගමන් කරයි. මිශ්‍රපල උදාකරන වසරක් වන අතර වසර මැදදී වඩා සුබදායක වේ. බලාපොරොත්තු ඉටුවීම දරුවන්ගේ දියුණුව ආදිය ඇති කරයි. 
මුල් මාස තුන ආර්ථිකයට මෙන්ම දියුණුවටද බාධා ඇති කරයි. ඉන් පසු වාසි සැලසෙන සුබදායක තත්ත්වයක් උදා වේ. ධන ලාභද ලැබේ. ව්‍යාපාර දියුණුවේ. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටද අප්‍රේල් 14 සිට සුබයි. මිතුරන්ගෙන් මෙන්ම සහෝදර සහෝදරියන්ගෙන් ද උදව් උපකාර ලැබිය හැක. නිර්මාණ කටයුතු පවුලේ දියුණුවට කරන කටයුතු නිසා වියදම් වැඩිවීමට ද ඉඩ තිබේ. මැයි මාසයේ ආදායම් වැඩි වේ. 
වසරේ මුල් මාස දෙක තුළ දී දියුණුවට කරන කටයුතුවලට බාධා ඇති වේ. නඩු හබ වැනි කටයුතුද සුදුසු නැත. පසුව මෙම තත්ත්වය වෙනස් වේ. පවුලේ අයට සුබයි. අප්‍රෙල් 14 න් පසු නව ඉදිකිරීම් කටයුතුවලට සුබදායක වේ. ආගමික කටයුතුවලට යොමු වන අතර සමාජයේ කැපී පෙනෙන තත්ත්වය උදාවේ. රැකියා ව්‍යාපාර කටයුතු දියුණුවේ. උසස්වීම්ද ලැබීමට ඉඩ තිබේ. ඉගෙන ගන්නා අයට ද සුබදායක වේ. විභාගද සමත්වේ. සාර්ථකව තම අධ්‍යාපන කටයුතු කරගැනීමට අවස්ථාව ලැබේ. 
හෘද රෝග ඇති අය ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කළ යුතු ය. මෛත්‍රී භාවනාව දිනපතා වැඩීමෙන් අපල සමනය කරගත හැක. සුබ දින - සිකුරාදා, බදාදා, සුබ අංක - 5, 6, 8 සුබ වර්ණ - කොළ, සුදු, සුබ මැණික් - පච්චගල්, සුබ දිශාව - නැඟෙනහිර 
 
මිථුන-මංගල යෝග 
නව වසර ආරම්භයේ දී ලග්නාධිපති බුධ ශනි සමඟ අට වැන්නේ ද සඳු කුජ කේතු හයේ රවි සිකුරු හත් වැන්නේ ගුරු නවයේ සහ රාහු දොළොස් වැන්නේ ද ගමන් කරයි. වසර මුලදී අෂ්ටම ඒරාෂ්ඨක තත්ත්වයද පවතී. මිශ්‍රපල ලැබෙන අතර උත්සාහයෙන් ධෛර්යයෙන් කටයුතු කිරීමෙන් දියුණුව ඇති කරගත හැක. අප්‍රේල්වලින් පසු පෙර පින මෙන්ම වාසනාව උදාවේ. සෑම අතින් සුවදායක වේ. හවුල් ව්‍යාපාරවලින්ද පිටපළාත්වලින්ද ලාබ ලැබිය හැක. ලග්නාධිපති අටේ ගමන් කිරීම සහ සෙනසුරු අටේ නිසා විවිධ බාධා කරදර යෙදේ. සතුරන් ඊර්ෂ්‍යාකාරයන් නිසාද බාධා ඇති කරයි. රෝග පීඩා නිසාද වියදම් වැඩිවේ. මැයි සිට තත්ත්වය සුබදායක වේ. ගෙදරදොර දියුණුව වාහන ලාභද ලැබිය හැක. වසර මැද කාලයේ දී නිවාස ආදි ඉදිකිරීම් කටයුතුවලට සුබයි. පවුලේ දියුණුව  ඇති කරයි. රැකියා ප්‍රශ්න විසඳේ. අවිවාහක අයට මංගල යෝගද උදාවේ. දුර ගමන් වන්දනා ගමන් ද යෙදේ. 
ව්‍යාපාර ආරම්භයට ද සුබවන අතර දියුණුවද ඇති කරයි. උසස් අය සමඟ කල්පනාකාරීව කටයුතු කළ යුතුය. අප්‍රේල් අවසානයේ සිට ඉගෙන ගන්නා අයගේ අධ්‍යාපන කටයුතු දියුණු වේ. විභාග ආදිය සමත් වේ. යහපත් ගුරු ඇසුර ලැබේ. ආධ්‍යාත්මික දියුණුවද ඇති වේ. ශරීර සෞඛ්‍යයට බාධා ඇතිවේ. වාත රෝග පීඩා, සෙම් රෝග චර්ම රෝග ඇතිවිය හැක. අප්‍රේල් වලින් පසු සුබයි. ආගමික කටයුතුවල නිරත වන්න. බුදුගුණ මෛත්‍රී භාවනා කරන්න. සුබ දින - බදාදා, බ්‍රහස්පතින්දා, සුබ මැණික් - පච්ච ගල්, සුබ අංක - 3, 5, 14, සුබ වර්ණ - කොළ, කහ, සුබ දිශාව - උතුර 
 
කටක- ධන ලාභ 
නව වසර ආරම්භයේ දී ලග්නාධිපති සඳු, කුජ, කේතු සමඟ පස් වැන්නේ ද රවි, සිකුරු හයේ බුධ, ශනි හතේ ගුරු අටේ රාහු එකොළොස් වැන්නේ ද ගමන් කරයි. කවුරුන් උනන්දුවෙන් කටයුතු කළ යුතු ය. ඉගෙනීමේ නියුතු අය විශේෂයෙන් උනන්දු විය යුතු ය. අප්‍රේල්වලින් පසු වඩා සුබදායක වේ. වියදම් පාලනය කරගත යුතු ය. හදිසි ධන ලාභ, ලොතරැයි, ජයග්‍රහණවලට ද ඉඩ තිබේ. පෙර පින වාසනාව මතුවේ. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට ද සුබදායක වේ. පිට පළාත්වල අයගෙන් ආධාර උපකාර ලැබේ. ගෙදරදොර දියුණුව සඳහා උසස් අයගෙන් ආධාර උපකාර ලැබෙන වසරකි. 
දරුවන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් විය යුතු ය. පුණ්‍ය කටයුතුවලට සිත යොමුවේ. දරුපල බලාපොරොත්තු අයට දරු ලාභද ඇතිවේ. වන්දනා විනෝද ගමන් යෙදේ. රැකියා සහ ව්‍යාපාර කටයුතු දියුණුවේ. රජයෙන්ද උදව් උපකාර ලැබිය හැක. 
අප්‍රේල්වලින් පසු ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වඩා සුබදායක වේ. සෙම් රෝග, රුධිර පීඩන, දියවැඩියා වැනි රෝග ඇති අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිල්ලෙන් කටයුතු කළ යුතු ය. කපුටු දානය දෙන්න. මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනා කරන්න. සුබ අංක - 2, 7, 9, සුබ වර්ණ - සුදු, කහ, සුබ දින - අඟහරුවාදා, සිකුරාදා, සුබ මැණික් - දිය පච්ච , සුබ දිශාව - දකුණ 
 
සිංහ-ඉඩ කඩම් ලාභ
නව වසර ආරම්භයේ දී ලග්නාධිපති රවි, සිකුරු සමඟ පස්වැන්නේ ත්‍රිකෝණගතවද සඳු කුජ කේතු හතර වැන්නේ ද බුධ ශනි ප්‍රහේද ගුරු හත්වැන්නේ සහ රාහු දහයේද ගමන් කරයි. උත්සාහවන්තව ධෛර්යමත්ව කටයුතු කිරීමෙන් දියුණුව ඇති කර ගත හැකි ය. බාධා කරදර ජයගත හැකි ය. අධ්‍යාපන කටයුතුවලට ද උනන්දුව ඇති කරයි. වැදගත් කටයුතු අප්‍රේල් 13 ට පෙර කළ යුතු ය.  වසර මැදදී ආර්ථික දියුණුව ඇතිවේ. ඉඩ කඩම් මෙන්ම යානවාහන ලාභද ලැබිය හැක. කෘෂිකර්ම කටයුතු කරන අයගේ එම කටයුතු දියුණු වේ. සෞඛ්‍ය ප්‍රශ්න පවුලේ වියදම් නිසා වැය පස වැඩිවීමට ඉඩ තිබේ. 
උත්සාහය ධෛර්යය නිසාම දියුණුව ඇති කරන අතර අසල්වාසීන් සමඟ සුහදතාවය වර්ධනය වේ. අවිවාහක අයගේ මංගල කටයුතුවලට බාධා ඇතිවන අවස්ථාද ඇතිවේ. සහෝදරයන්ගේ විශේෂ දියුණුව ඇති කරයි. රැකියා අංශවල ව්‍යාපාර අංශවල දියුණුව ඇති කරයි. ලාබ ද ලැබේ. රැකියා ලාබද ලැබේ. ඉගෙන ගන්නා අයගේ එම කටයුතුවල දියුණුව ඇති කරයි. සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට වග බලා ගත යුතු ය. රුධිර පීඩන හෘද රෝග දියවැඩියා ඇති අය කලට වේලාවට ප්‍රතිකාර ගත යුතු ය. සෙම් රෝග පීඩාද යෙදිය හැක. ගුරු දශා ගත කරන අය සැලකිලිමත් විය යුතු ය. බෝධි පූජා පැවැත්වීම ආගමික කටයුතුවල නිරතවීම බුදුගුණ, මෛත්‍රී භාවනාව කළ යුතු ය. සුබ වර්ණය - රතු, සුබ මැණික් - බෙරලියන්තු, සුබ දින - බදාදා, සිකුරාදා, සුබ අංක - 09, සුබ දිශාව - උතුර
 
කන්‍යා-ව්‍යාපාර ආරම්භයට සුබයි 
නව වසර ආරම්භ වන ජනවාරි මාසයේ ලග්නාධිපති බුධ සෙනසුරු සමඟ පස්වැන්නේ ත්‍රිකෝණ ගතව ද සඳු කුජ කේතු තුන්වැන්නේද රවි සිකුරු හතරේ කේන්ද්‍ර ගතවද ගුරු හයවැන්නේ ද රාහු නවයේ ගමන් කරයි. ග්‍රහ පිහිටීම් අනුව මෙම වසර සුබදායකය. ගෙදරදොර මෙන්ම දූ දරුවන්ගේ දියුණුව ඇති කරයි. අවිවාහක අයට මංගල කටයුතු ද උදාකරයි. නඩු හබ ඇති අයට ජයග්‍රහණ ලැබෙන අතර තරඟකරුවන් අභිබවා ජය ලැබිය හැකි ය. අනවශ්‍ය කටයුතුවල යෙදීමෙන් වැළකිය යුතු ය. 
වසර මුලදී ආර්ථික ලැබීම්වලට බාධා ඇති වුවත් පසුව තත්ත්වය යහපත් වේ. ගොවිතැන් වගා කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබිය හැක. ධන ලාභ ද ඇතිවේ. දරුවන් වෙනුවෙන් ද වියදම් ඇතිවේ. වසර මුලදී යම් යම් බාධා ඇති වුවත් වසර මැදවන විට දියුණුව ඇති කරයි. ගෙදර දොර සාමය සතුට උදාවේ. 
සුබ කටයුතු දියුණුවට පත්වේ. ස්වයං රැකියාවල නියුතු අයටද යහපත් වේ. කරන කියන කටයුතු දියුණුවේ. හැමගේම සහයෝගය උදව් උපකාර ලැබේ. රැකියා නැති අයට රැකියා ලැබීම්ද ඇතිවේ. නව ව්‍යාපාර ආරම්භයට ද සුබයි. ඉගෙන ගන්නා අයගේ එම කටයුතු දියුණු වේ. විදේශ අධ්‍යාපන ලැබීමට බලාපොරොත්තු අයගේ එම කටයුතු සාර්ථක වේ. 
සෙම් රෝග උදර රෝග පීඩා ගෙනදිය හැක. රාහු දශාගත කරන අයට රෝග පීඩා යෙදිය හැක. ජලයෙන් අගුණ යෙදේ. තෙල් සහිත ආහාර සීමා කළ යුතු ය. සුබ වර්ණය - කොළ, සුබ මැණික් - පද්ම රාග, සුබ දින - බදාදා, සිකුරාදා, සුබ අංක - 6, 9, සුබ දිශාව - නැඟෙනහිර 
 
 
තුලා-රාජ්‍ය අංශයේ උදව් 
නව වසර ආරම්භයේ දී ලග්නාධිපති සිකුරු රවි සමඟ වික්‍රමස්ථානගතවද සඳු, කුජ, කේතු දෙවැන්නේ ද බුධ, ශනි තුන් වැන්නේ ද ගුරු පහේ ද රාහු අටේ ද ගමන් කරයි. වසර මුලදී යම් තරමක හෝ බාධා ඇතිවුවත් පසුව එම තත්ත්වය වෙනස්වී යහපත උදාවේ. කරන කියන කටයුතුවලට බාධා මෙන්ම නිෂ්ඵල වියදම් ද ඇති කරයි. තීරණ ගැනීමේ දී වෙනත් අයගේ උපදෙස් අනුව කටයුතු කිරීම සුබදායක වේ. රාජ්‍ය අංශයේ උදව් ද ලැබේ. 
වියදම් වැඩිවන නමුත් ආදායම් තත්ත්වයද යහපත් වේ. ගොවිතැන් කටයුතුවලින් හවුලේ කරන ව්‍යාපාරවලින් ආදායම් ලබා ගැනීමට හැකිවේ. ගෙදරදොර දියුණුව ඇනහිට තිබුණත් නැවත යථා තත්ත්වයට පත්වේ. තත්ත්වය උසස්වීම් රැකියා දියුණුව අවිවාහක අයට මංගල කටයුතු උදාවීම ආදී කරුණු ද සිදුවේ. දරුවන්ගේ දියුණුව ඇත. හදිසි ධන ලාබද ගෙනදෙයි. උසස් අයගේ ආධාර උපකාර ද ලැබේ. බාධා කරදර ජය ගැනීමට හැකිවේ. රැකියා ලාභ මෙන්ම කරන කියන කටයුතු දියුණුවේ. ණය මුදල් බලාපොරොත්තු අයට ණය ලැබීම් ද ඇතිවේ. අලසකම දුරුකර කටයුතු කිරීමෙන් ඉගෙන ගන්නා අයගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගත හැක. විභාග සමත් විය හැක. 
සෙම් රෝග, උදරගත රෝග, ගැස්ට්‍රයිටීස් රෝග, ඇති අය ප්‍රවේශම් විය යුතු ය. බුදුගුණ මෙනෙහි කිරීම මෛත්‍රී භාවනාව කිරීම බුද්ධ පූජාව කිරීම සුබදායක වේ. සුබ වර්ණය - රතු, ළා රතු, සුබ දිශාව - නැඟෙනහිර, බටහිර, සුබ මැණික් - දියමන්ති, සුදු නිල් මැණික්, සුබ දින - සඳුදා, බදාදා, ජය අංක - 2, 4 
 
මීන ,විදේශ ගමන් 
නව වසර ආරම්භ වන අවස්ථාවේ දී ලග්නාධිපති ගුරු වැයස්ථානයේද රාහු තුනේ ද සඳු කුජ කේතු නවයේ ද රවි, සිකුරු  දස වැන්නේ ද බුධ, ශනි අයස්ථානයේද ගමන් කරයි. මුල් මාස 3 සුබනොවේ. දියුණුවට බාධා මෙන්ම රෝග පීඩා තත්ත්වද ඇති කරයි. අප්‍රේල් මාසයෙන් පසුව සුබදායක වේ.  වියදම් වැඩිවන අතර ආර්ථික තත්ත්වය යහපත් වන්නේ අප්‍රේල්වලින් පසුය. විදේශවල කටයුතු කරන අයගේ සහ විදේශ සම්බන්ධ ව්‍යාපාර කරන අයගේ ආර්ථික දියුණුව ඇතිවේ. යහපත් ප්‍රතිඵල ලැබේ. අප්‍රේල්වලින් පසු කාටත් සුබයි. මැයි සිට අවිවාහක අයට මංගල කටයුතු ද උදාවේ. පවුලේ දියුණුව ඇතිවේ. පුණ්‍ය කටයුතු ද කරයි. දරුවන්ගේ දියුණුව ඇතිවේ. සතුරු කරදර දුරු වී ජය සතුට ලැබේ. වන්දනා ගමන් දුරගමන් විදේශ ගමන් යෙදේ. කේතු දශා ගත අයට සුබ නොවේ. වියදම් ඉහළ යයි. වගා කටයුතු සාර්ථක වී ලාබ ලැබේ. ධන ලාභ ලැබේ. තනතුරුවල තත්ත්වය උසස්වීම් ඇතිවේ. වැඩ කරන ස්ථානවල කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ සහයෝගය ලැබේ. විනෝදයට වැඩිපුර යොමුවීම සුබනැත. උනන්දුව අඩුවීම, අලසකම නිසා ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමට බාධා වේ. උනන්දුවෙන් කටයුතු කළ යුතු ය. සෙම් රෝග දියවැඩියා රෝග ඇති අය ප්‍රවේශම් විය යුතු ය. ජලයෙන්ද අගුණ ඇතිවේ. බුදුගුණ භාවනාව සහ මෛත්‍රී භාවනාව කරන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. සුබ වර්ණය - රතු, කහ, සුබ අංක - 3, 5 ,  සුබ දින -  අඟහරුවාදා, බ්‍රහස්පතින්දා  සුබ මැණික් - පළිඟු, නිල්, සුබ දිශාව - උතුර
 
කුම්භ-ධන ලාභ
2022 ආරම්භවන අවස්ථාවේ දී ලග්නාධිපති සෙනසුරු බුධ සමඟ දොළොස්වැන්නේද ගුරු ලග්නයේ ද රාහු හතරේ ද සඳු, කුජ, කේතු දහයේ ද රවි, සිකුරු අයස්ථානයේ ද ගමන් කරයි. කුම්භ ලග්න හිමි ඔබට ද මෙම වසර මිශ්‍රපලදායක වේ. වසර මුලදී බාධක ඇති වුවත් අප්‍රේල්වලින් පසු සුබදායක වේ. උසස් අයගේ උදව් උපකාරද ලැබේ. වාසනාව මතු කරයි. සතුටදායක ආර්ථික වර්ධනයක් ඇති කර ගත හැක. ධන ලාභ ලැබී හිතේ සතුට උදාවේ. රැකියා කටයුතු දියුණු වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. තැන්පත් ධනයත් ඇති කර ගැනීමට හැකියාව ඇතිවේ. ඉඩ කඩම් ලාබද ඇතිවේ. අතර මග නැවතී ඇති ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර දියුණු කරගත හැක. ගොවිතැන් දියුණුවද ඇතිවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු ද සාර්ථක වේ. කරන කියන හැම දෙයම සාර්ථක කරගත හැක. රෝග පීඩා සුවවන අතර සතුරු කරදර දුරු වේ. සාමය සතුට උදාවේ. දරුපල බලාපොරොත්තු අයට දරුපලද ලැබේ. පෙර තිබූ කරදර නැති වී සුබසෙත උදාවේ. ව්‍යාපාර කරන අයට සේවක පක්ෂයෙන් සහ රජයෙන් උදව් උපකාර ද ලැබේ. මැයි සිට නව ව්‍යාපාර ආරම්භයට ද සුබයි. ඉගෙන ගන්නා අයගේ අධ්‍යාපන කටයුතු ඉගෙනීම් සාර්ථක කර ගැනීමට හැකිවේ. වාත රෝග සෙම් රෝග ස්නායු රෝග ඇති අය ප්‍රවේශම් විය යුතු ය. කපුටු දානය දෙන්න. එළවළු වෑංජන සමඟ කැකුළුබත් දන් දෙන්න. සිවුරක් පූජා කරන්න. බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව කරන්න. 
සුබ දිශාව - බටහිර, සුබ වර්ණය - නිල්, සුබ දිනය - අඟහරුවාදා, සිකුරාදා, සුබ මැණික් - නිල් ගල්, සුබ අංක - 4, 6 
 
ධනු-ධනු
2022 වසර ආරම්භයේ දී ලග්නාධිපති ගුරු වික්‍රමස්ථානයේ ද රවි සිකුරු ලග්නයේද බුධ, ශනි දෙවැන්නේ ද කුජ, සඳු, කේතු දොළොස් වැන්නේ ද රාහු හයේ ද ගමන් කරයි. වසරේ මුල් මාස 4 තරමක් අසුබදායක වේ. කරන කියන කටයුතුවලට බාධා නිෂ්ඵල ගමන් බිමන් යෙදේ. වියදම් වැඩිවේ. දියුණුවටද බාධා වේ. මුල් මාස 4 න් පසු මේ තත්ත්වය වෙනස් වී යහපත උදාවේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. සතුරන් පරාජය වේ. සුහදත්වය ගොඩනැඟේ. ආයෝජනවලින් මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලින්ද ලාභ ලැබිය හැකි ය. ව්‍යාපාර සඳහා මුදල් යෙදීමේ දී කල්පනාකාරී විය යුතු ය. විදේශ සම්බන්ධතා ඇතිව කරන කටයුතුවලින්ද දියුණුව යෙදේ. ගෙදරදොර දියුණුව සඳහා කරන කටයුතු සාර්ථක වේ. නිවාස ඉදිකිරීම් වැනි කටයුතුවලටද සුබයි. පවුලේ වෙසෙන අයට සුබදායක වන අතර ගෙදරදොර අලංකාරයද ඇතිවේ. අප්‍රේල් සිට අලුත් කටයුතු ව්‍යාපාර ආරම්භයට සුබයි. හවුල් ව්‍යාපාර දියුණුවේ. හවුල්කරුවන්ගේ සහයෝගද ලැබේ. වසර මැද දී අධ්‍යාපන කටයුතුවල නියුතු අයට වඩා සුබයි. එම කටයුතු දියුණුවේ. උසස් අධ්‍යාපන සහ විදේශගත අධ්‍යාපනයද සාර්ථක වේ. ජලයෙන් අගුණ ඇතිවේ. සෙම් රෝග පීනස් රෝග ඇදුම ස්නායු රෝග ඇති අය නිසි වේලාවට ප්‍රතිකාර කළ යුතු ය. බුදුන් වැඳ කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනා කරන්න. මෛත්‍රී භාවනාව වඩන්න. අසරණ රෝගී අයට ඖෂධ ලබා දෙන්න. සුබපල උදාවේ. සුබ වර්ණය - කහ, සුබ දිශාව - නැඟෙනහිරර, සුබ මැණික් - කොළ, ළා නිල් මැණි, පසිංගල්, සුබ දින - බදාදා, සුබ අංක - 1, 3, 4 
 
මකර-වාසනාව මතු වේ 
නව වසර ආරම්භ වන අවස්ථාවේ ලග්නාධිපති සෙනසුරු බුධ සමඟ ලග්නයේද ගුරු දෙකේද රාහු පහේද, කේතු, සඳු, කුජ අයස්ථානයේද රවි, සිකුරු වැයස්ථානයේද ගමන් කරයි. උත්සාහය උනන්දුව ධෛර්ය අනුව කටයුතු කිරීමෙන් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකියාව පවතී. සමාජ සේවා කටයුතුවලට මෙන්ම ආගම දහමටද සිත යොමු වේ. වියදම් වැඩිවීමටද ඉඩ තිබේ. 
මාර්තු මාසයේ සිට ආර්ථික දියුණුව ඇති කරයි. ඉඩ කඩම් මෙන්ම වාහන ලාභද ලැබීමට ඉඩකඩ පවතී. කෘෂිකර්ම කටයුතු වෙළඳ කටයුතු ආදියටද සුබයි. ගෙදරදොර දියුණුව ද ඇතිවේ. අනාගත දියුණුව ගැනද නිතර සිත යොමුවන අතර පෙර පින මෙන්ම වාසනාව ද මතු කරයි. දරුවන්ගේ දියුණුව ඇතිවේ. සාහිත්‍ය නිර්මාණ ලේඛන කටයුතුවල සන්නිවේදන අංශවල කටයුතු කරන අයටද සුබදායක වේ. දියුණුව සැලසේ. අප්‍රේල්වලින් පසු විවේකය අඩුවේ. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. අවිවාහක අයට මංගල යෝගද උදාවේ. පෙම් සබඳතා යෙදේ. ව්‍යාපාරවලින් ලාබ ලැබේ. නඩු හබ සුදුසු නැත. උසස් අය අමනාපවීමටද ඉඩ තිබේ. අලුත් ව්‍යාපාරවලට ද සුබයි. රාහුගේ ගමන නිසා ඉගෙන ගන්නා අයට බාධා ඇතිවිය හැකි ය. අප්‍රේල්වලින් පසු අධ්‍යාපන කටයුතු යහපත් වේ. උෂ්ණ රෝග පීඩා උදරාබාධ ඇති විය හැක. බුදුගුණ මෙනෙහි කිරීම ආගමික කටයුතුවල යෙදීම අපල සමනයට හේතු වේ. සුබ වර්ණය - නිල්, සුබ දින - බදාදා, සිකුරාදා, සුබ මැණික් - චන්ද්‍ර කාන්ති, සුබ අංක - 4, 6, සුබ දිශාව - උතුර 
 
වෘශ්චික- දරුවන්ගේ දියුණුව 
ලග්නාධිපති කුජ ස්වක්ෂේත්‍ර බලයෙන් සඳු, කේතු සමඟ ලග්නයේද රවි සිකුරු දෙකේ බුධ, ශනි තුනේ ගුරු හතරේ රාහු හතේ ද යෙදීමෙන් නවවසර ආරම්භ වේ. මෙම වසර මිශ්‍රඵලදායක වන අතර දරුවන්ගේ දියුණුව ද ඇති කරයි. සතුරු කරදරවලින් ප්‍රවේශම් විය යුතු ය උත්සාහය, ධෛර්ය, වීර්යය අනුව බොහෝ කරුණු ජයගත හැකිය. අප්‍රේල්වලින් පසු වඩා සුබදායක වේ. 
වියදම් ඉහළ ගියත් ආදායම් මාර්ග යහපත් තත්ත්වයක පවතී. විනෝද කටයුතු උත්සව ආදියටද අමතර වියදම් යෙදෙයි. හදිසි ධන ලාභ ලැබීමට වාසනාව පවතී. ව්‍යාපාර කටයුතුවල දියුණුවද ඇති කරයි. පවුලේ දියුණුව ද ඇතිවේ. දරුවන්ගේ දියුණුව ඇති කරන අතර දරුවන්ට මංගල කටයුතු උදාවේ. අවිවාහක අයට මංගල කටයුතු ද උදාවේ. ඉඩකඩම්, ගේ දොරවල සංවර්ධනය ඇතිවේ. ද. උසස් අයගේ ආධාර උපකාර ලැබෙන අතර මුදල් ආයෝජනය කරන ව්‍යාපාර කටයුතුවලින් ලාභද ලැබිය හැක. ගොවිතැන් කටයුතු කරන අයටද ජය අත්වේ.  විදේශ අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට තරමක බාධා ඇති වුවත් වසර මැද දී එය යහපත් වේ. බාධා ඉවත්ව යහපත් උසස් ප්‍රතිඵල උදාකරගත හැක. සෙම් රෝග, පීනස් ආදී, උෂ්ණ රෝග ඇති අය සැලකිලිමත් විය යුතු ය. සීතල ආහාර නොගත යුතු ය. කේතු දශා ඇති අයද පෝෂ්‍යදායක ආහාර ගත යුතු ය. මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව කළ යුතු ය. සුබ වර්ණය - රතු, සුබ මැණික් - පුෂ්ප රාග, සුබ දිනය  -ඉරිදා, සුබ අංක 1, 2, 10, සුබ දිශාව - උතුර 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.