ජනවාරි 14 සිට ජනවාරි 20 දක්වා

ජනවාරි 14, 2022

මේෂ- සේවා ස්ථානයේ ගැටලුවක්

වෙනදාට වඩා වැය පස අධික කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. අතමිට සරු වුවත් පවුලේ කෙනකු වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. තම සේවා ස්ථානය සම්බන්ධ ඇතිවු ගැටලුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු වල නියුතු වූවන්ට සුබදායකයි. වරින් වර ආගමික සහන පතන කාලයකි. සති අන්තයේදී ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ ගමන් කීපයක් යෙදේ. මවට හෝ මව්පස ඥාතියෙකුට අපල ගෙන දෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කටයුතු කරන්න.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

සිංහ -දානමය පින්කමක්

අවිවේකී වුවත් සැනසිලිදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. රැකියා ස්ථානය හෝ රැකියාවේ මෙතෙක් පැවැති ගැටලුදායක බවෙන් මිදීමට මඟ සැලසෙන සතියකි. පවුලේ දානමය පින්කමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන අතර. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක වෙනස්කම් කීපයක්ද සිදුකරයි. දරුවකු වෙනුවෙන් අමතර මුදල් වැයකිරීමක් සිදුකරයි. සතිය මැද භාගය වන විටදී තමාට දේපලක් සම්බන්ධ ගැටලුවකට හෝ තමා සතු දෙයක් නැතිවීමක් වැනි පාඩුදායක තත්වයකට මුහුණපෑමට සිදුවෙයි. හදිස්සියේ ඇතිවන සිත් කලකිරීමක් හේතුවෙන් පවුලේ අය අතර ගැටලුදායක තත්වයක් මතුකරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

ධනු - අමතර ආදායම් මාර්ග

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් ගත කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර පවුලට සම්බන්ධ යන එන කෙනකු නිසා ප්‍රමාදවූ කටයුත්තක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවන ලකුණූ පෙන්නුම් කරයි.

රැකියාවට අමතර ආදායම් මාර්ගයකට මග සැලසෙන සතියකි. පරම්පරාගත දේපලක් සම්බන්ධ ගැටලුවක් මතුවීමට ඉඩ ඇති සතියකි. චර්මගත ආබාධයක් හෝ ලේ විෂවීමක් වැනි රෝගී තත්වයක් මතුවිය හැකි කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - ඉරිදා

 

වෘෂභ- අලුත් ව්‍යාපාරයක්

අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගනිමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ ඉදිරි කටයුතු කීපයක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. එමෙන්ම අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට සිත යොදවන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට පෙළඹේ. හදිසියේ මුණ ගැසෙන කෙනකු නිසා ප්‍රමාදවූ කටයුත්තක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. දරු ලාභ හිමිකම් ඇති අයට සුබදායක සතියකි.

අය 08 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

කන්‍යා - විශේෂ ජයග්‍රහණයක්

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයක් වන අතර, ආගමික සහන පතා දුර පළාතකටද යාමට කටයුතු සැලසෙන බවක් පෙන්වයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන සතියකි. විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන සතියකි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර හදිසි යෝජනාවක් ස්ථිර වන ලකුණූ පෙන්නුම් කරයි. සති අන්තයේදී වරින් වර ඇතිකරන උදරබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මකර -ගුප්ත කටයුතු වලින් පිහිට

පැවැති අසනීපකාරි බවකින් සුවය ලබමින් ආරම්භ කරන මේ සතියේ මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන කාලයකි. තනි තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ නොසන්සුන්කාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන අතර ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් බවද පෙන්නුම් කරයි.

නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. සති අන්තයේදී හදිස්සියේ හට ගන්නා පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සිදුවෙයි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

මිථුන- හදිසි ලැබීමක්

හදිසි මත ගැටුමක් දුරදිග යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. හවුල් ව්‍යාපාරයක් වෙනුවෙන් අත ගැසීමට මග සැලසෙන සතියකි. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලදී පරිස්සම් වන්න. සතිය මැද කාලයේදි දේපල ගනුදෙනුවක් හේතුවෙන් ඇතිවන සිත් අමනාපකමක් දුරදිග යාමට ඉඩ ඇත. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා -අලුත් රැකියා හිමිකම්

නිතර දුර ගමන් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ අය අතර පැවැති මතභේදකාරි තත්වයක් මඟහැරී යන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. එමෙන්ම පවුලේ අයගේ ප්‍රශංසාදය හිමිවන කාලයකි. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. ප්‍රමාදවූ ගේ දොර ඉදිකිරීමක් නැවත ආරම්භයට සැලසුමක් ඇතිකර ගනී.

ශාරිරීක වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදෙන සතියකි. සුවපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකියි. සති අන්තයේදී මුදල් ගනුදෙනුවක් හේතුවෙන් නීතිමය ගැටලුවකට මුහුණපායි.

අය 08 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

කුම්භ -සහෝදර සිත් අමනාපයක්

වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි සතියකි. ගනුදෙනුවක් හේතුවෙන් සහෝදරයකු සමඟ ඇතිවන සිත් අමනාපයක් දුරදිග යයි. සතිය මැද කාලයේදී ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් තමාට ප්‍රශංසා හිමිකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට යොමුවන සතියකි. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. සති අන්තයේදී හදිස්සියේ ඇතිවන තුªනටියේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

කටක -ණය ගනුදෙනුවකට නීති පියවර

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවලක් වෙනසකට ලක්කරන සතියකි. පවුලේ ගැටලුවක් වෙනුවෙන් මැදිහත් වීමට සිදුවන කාලයකි.

විශේෂ ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ණය ගනුදෙනුවක් විසඳා ගැනීමට නීතිමය පියවර කීපයක් ගැනීමට සිදුවේ. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. නිවාස අලුත් වැඩියාවක් වෙනුවෙන් අමතර කාලයක් වැයකිරීමට සිදුවන සතියකි. සති අන්තයේදී ශාරිරික වෙහෙස ගෙන දෙන ගමන් කීපයක් යෙදේ.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

වෘශ්චික-ගනුදෙනු වාසි

ප්‍රමාදවූ බලාපොරොත්තු කීපයක් ඉටුකරමින් සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා ආගම දහමට නැඹුරුව කටයුතු කරන සතියකි. උදව් උපකාර පතා පැමිණි හිතවතකු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කරනු ලබයි. තම සේවා ස්ථානයේ ඇතිවන ප්‍රශ්නයකදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන සතියකි.

ඉඩම් ගනුදෙනුවකින් නොසිතූ ලාභයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන- උරහිසේ ආබාධයක්

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක අන්දමින් නිමාවට පත්කරගත හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ වැඩිහිටියකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. සහෝදර සිත් අමනාපයකට කරුණු ඇති කරයි. අලුත් පදිංචියක් පිළිබඳ බලාපොරොත්තු ඉටුවන සතියකි. හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති ඉඩ ඇති බවක් පෙනේ. සති අන්තයේදී ළඟින් ඇුසරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි. උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.