මේ සතියේ ඔබට

ජනවාරි 28, 2022

 මේෂ

නොසිතූ ලැබීම්

 

 

මේෂ ලග්න හිමි ඔබට මේ සතිය ආරම්භයත් සමඟ නොසිතූ ගැටලුකාරී බවක් ඇති කරයි. සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරන බවක් පෙන්නුම් කරයි. ගෘහ ජීවිතයේ කිසියම් කාර්යබහුලතාවයක් ඇති කරන සතියක් වන අතර වියදම් පක්ෂය ද ඉහළ යන බවක් පෙන්නුම් කරයි. නව රැකියා ආරම්භයට යහපත් කාලයක් වන අතර, දේපළ හිමිකමක් පිළිබඳ පැවැති මතභේදකාරී බවක් මඟහැරී යයි.

සති අන්තය වන විට දී ලොතරැයි ජයග්‍රහණයක් වැනි දිනුම් ඇදීමකින් තමාට නොසිතූ ලෙස ලැබීම් හිමිකරයි. මුදල් පරිහරණයේ දී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙන්වයි.

 

 

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

-----------------------

සිංහ

දේපළ ගැටලුවක් නිරවුල් වේ

 

ආර්ථික අතින් යහපත් කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවස්ථානවලයි. මවට හෝ මව් පක්ෂයේ ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන කාලයකි.

තමා කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අලුත්කර ගැනීමට මාර්ගය පෑදෙයි. සතිය මැද කාලයේ දී තම දේපළක් සම්බන්ධ මතුව තිබූ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. තම උරහිස ආශි‍්‍රත මතුව තිබූ වේදනාකාරී බවක් හේතුවෙන් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි. සිතේ සැහැල්ලුව අඩුකරන සතියකි.

 

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

------------------

ධනු

අමතර වියදම්

 

යටපත් වූ බලාපොරොත්තුවක් නැවත ඉටුකර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර මුදල් වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පිටරට ගමන් බලාපොරොත්තුවෙන් සිටි අයට සුබදායක සතියකි. සිතට අවිවේකී ලෙස කටයුතු කීපයක් සිදුකරන අතර, මෙතෙක් පැවැති ගැටලුවකට නීතිමය උපදෙස් පැතීමට සිදුවේ. දරුවකුගේ විවාහ යෝජනාවක් සම්බන්ධ පියවර ගැනීමේදී කල්පනාකාරී වන්න. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් මෙතෙක් පැවැති ගැටලුදායක තත්ත්වයක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. වරින් වර ඇති කරන අසනීපයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන සතියකි.

 

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

---------------------

වෘෂභ

දේපළ ගැටලුවක් නිරවුල්

 

වෘෂභ ලග්න හිමියනට මේ සතියේ මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන කාලයක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. තම යුග ජීවිතයේ සතුට අභිවෘද්ධිය වෙනුවෙන් නව සැලසුම් කීපයක් ක්‍රියාවට නැංවේ. එමෙන්ම විවාහ ප්‍රමාද වූවන්ට බලාපොරොත්තු ඉටුකරගත හැකි සතියකි. වැඩිහිටි උපකාර ඇතිව ආරම්භ කරන වැඩපිළිවෙලක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි සම්බන්ධවන කාලයක් වන අතර ප්‍රභූ අයගේ උපකාරයක් ද හිමිකරනු ලබයි. දේපළක් සම්බන්ධ පැවැති ගැටලුකාරී බවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

-----------------

කන්‍යා

ප්‍රභූ ඇසුරක්

 

සිතට අවිවේකී ලෙස කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර සඳු මේ සතියේ 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. සහෝදර මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. එදිනෙදා ගමන් බහුල කරන කාලයකි. ඥාතියකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවීමක් සිදුකරයි. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්වයි. සහකරු හෝ සහකාරියගේ පාර්ශ්වයෙන් හිමිවන්න තිබූ දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේ දී ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් ප්‍රභූ ඇසුරකට කටයුතු සැලසේ.

 

අය 06 - වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

----------------

මකර

වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න

 

ගෘහ ජීවිතයේ යම් යම් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර හමුවන හිතවතකු නිසා පැවැති ප්‍රශ්න කීපයක් නිරවුල්කර ගැනීමට හැකිවෙයි. කලක සිට පැවැති අලුත් දේපළක් මිලදී ගැනීම සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ උනන්දුවෙන් මෙන්ම සැලකිලිමත් විය යුතු බවක් ද පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ මතුවන අවිවේකී බව හේතුවෙන් ඇතිවන බහින්බස්වීමක් දුරදිග යයි. වෙනදාට වඩා දරුවකුගෙන් කරදරකාරී බවක් ඇති කරයි. හදිසියේ සිදුවන පය ලිස්සා වැටීමක් හේතුවෙන් එක්තැන්වී ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.

 

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - ලා දම්

සුබ දවස - සඳුදා

---------------------

මිථුන

 

ආගම දහමට ලැදිව කටයුතු කරයි

 

ශාරීරික වෙහෙසීම් ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. වරින් වර මතු කරන කොන්දේ අමාරුවක් හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. සතිය මැද කාලය වන විටදී දරුවන් පිළිබඳ ආඩම්බරයට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. එදිනෙදා කටයුතු සම්බන්ධ කාර්යබහුල තත්ත්වයක් ඇති වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට මඟ සැලසේ. වෙනදාට වඩා ආගම දහමට ලැදිව කටයුතු කරන කාලයකි. මවගේ අසනීපයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

-------------------

තුලා

අලුත් රැකියා හිමිකම්

 

වෙනදාට වඩා පවුලේ කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. ආර්ථික අතින් යහපත් සතියක් වන අතර, අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට ද මඟ සැලසේ. පවුලේ ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි.

අලුත් රැකියා ලාභවලට හිමිකම් ඇති සතියකි. නිතර ආගමික ශාස්තෲවරුන්ගේ ඇසුරට පත්වන අතර, ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට ද කටයුතු සැලසේ. හදිසි අජීර්ණ ආබාධයකට හේතු ඇති කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

-------------------

කුම්භ

 

සෙම් රෝග

 

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ජලයෙන් මෙන්ම කෑමෙන් බීමෙන් ද පරිස්සම් විය යුතු යි. මිල මුදල් කටයුතුවලදී තව කෙනකුගේ අනුදැනුම මත කටයුතු කරන්න. නිතර තමා දෝෂාරෝපණයට ලක්වන කාලයකි. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වීම වැදගත් වේ.

 

 

 

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

-------------------------------

කටක

පවුලේ භෝජන සංග්‍රහයක්

යොදාගත් සැලසුමක ප්‍රමාදතා කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල සිදුවනු ලබයි. වෙනදාට වඩා තැන තැන ඇවිදිලි ඇති කරන කාලයකි. සමාජ සේවා කටයුතුවලට මෙන්ම ශාස්ත්‍රීය කටයුතුවලට ද සම්බන්ධවන බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

පදිංචිය පිළිබඳ ඇතිවන ගැටලු කීපයක් දුරදිග යන ලකුණු මතු කරයි. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් සැලසුමක් සකස්කර ගන්නා කාලයකි. ගනුදෙනු සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න.

 

අය 08 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

------------------------------

වෘශ්චික

 

යුගදිවි ගැටලුවක් නිරවුල්

 

 

නව ආදායම් මාර්ග පෑදෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුකරයි. තම වෘත්තීමය කටයුතු දියුණු කරන කාලයක් වන අතර වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් ද පෙන්නුම් කරයි. යුග දිවියේ පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන බවක් පෙන්වයි. එමෙන්ම තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනසකට පත්වීමෙන් ගැටලුදායක බවක් ඇති කරයි. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන සතියකි.

 

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - ඉරිදා

--------------------

මීන

විදෙස් ගමනක්

 

සැනසිලිදායක ලෙස සතිය උදාකරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන සතියක් වන අතර, ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. රැකියාවේ මෙතෙක් පැවැති අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට මාර්ගය උදාකරයි. විදෙස් ගමනක් පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් ඉටු කරයි. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට මඟ සැලසේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසින් වැඩිකාලයක් යොදවන සතියකි. සති අන්තයේ දී දරුලාබ හිමිකම් ඇති අයට සුබදායක බවක් පෙන්නුම් කරයි.

 

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.