මේ සතියේ ඔබට

පෙබරවාරි 4, 2022

පෙබරවාරි 04 සිට පෙබරවාරි 10 දක්වා

මේෂ

ශාස්ත්‍රීය කටයුත්තක්

වෙනදාට වඩා මුදල් ලැබීම්වලින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල සිදුවනු ලබයි. හදිසි ගනුදෙනුවලට පැටලෙන කාලයක් වන අතර ලැබීම් ඇති වුවත් වැයපස අධික කරන කාලයක් බව ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගසන කාලයකි.

රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුදායක බවක් ඇති කරයි. හදිස්සියේ ඇතිවන පෙම් සබඳතාවයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සතිය මැද කාලයේදී යටපත් වූ කොන්දේ අමාරුවක් හේතුවෙන් විවිධ පරීක්ෂණවලට භාජනය වීමට සිදුවන බවක් පෙන්වයි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා


සිංහ

ආගමික සහන පතයි

අත්වැරදීමක් හේතුවෙන් පාඩු කීපයක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. ප්‍රමාද වූ යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන සතියක් වන අතර, අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනාගැනීමට මාර්ගය උදාකරයි. එහෙත් සතිය මැද කාලයේදි උදාකරන අවිවේකී බව හේතුවෙන් නිතර ඇවිදිලි ඇති කරන අතර කකුලේ සිදුවන ආබාධ තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවේ. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරි විය යුතු බවක් පෙන්වයි. යටපත් වූ සෙම් රෝගී තත්ත්වයක් නැවත මතුවිය හැකියි. නිතර ආගමික සහන පතන කලයක් වන අතර පවුලේ දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා


ධනු

පවුලේ අය වෙනුවෙන් යුතුකම්

පවුලේ කටයුතු වෙනදාට වඩා සුබදායක ලෙස කරගෙන යාමට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. සහෝදරියක කෙරෙහි පැවැති වැරදි ආකල්පයක් දුරුවී යන කාලයක් වන අතර වෙනදාට වඩා පවුලේ අය අතර සමගියට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය අන්තය වන විටදී ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අතක වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. කල් ගතවූ ණය මුදලකින් නිදහස් වීමට මඟ සැලසේ. නිතර යන එන ගමන් පිළිබඳ සැළකිලිමත් වන්න. පවුලේ කෙනෙකු වෙනුවෙන් යුතුකමක් ඉටු කිරීමට අවස්ථාව උදා කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

තනතුරු මාරුවක්

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට සුබදායකය. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන බවක් පෙන්වයි. පවුලේ ළඟම ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. එමෙන්ම පවුලේ වැඩි වගකීමක් තමා පිට පැවරෙන බවක් පෙන්වයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුලාබ බලාපොරොත්තු වන අයට සුබදායක සතියකි.

අය 06 - වැය 07

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 


කන්‍යා

මුදල් ගනුදෙනුවකින් නීතිමය ගැටලු

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. දුර ගමනක් හේතුවෙන් ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර පාදයේ හට ගන්නා ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවෙයි.

නිතර දරුවකුගේ දියුණුව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට සිදුවන සතියකි. සතිය මැද කාලයේදී හිතවතකු සමඟ සිදු කරන මුදල් ගනුදෙනුවක් හේතුවෙන් නීතිමය ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ.

සති අන්තයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙන්වයි.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා


මකර

දරු ලාබ හිමිකම්

යටිබඩේ වේදනාවක් වැඩිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසෙන සතියකි. දරුවකු පිළිබඳ ඇතිව තිබූ සිත් කලකිරීමක් මගහැරී යන බවක් පෙන්නුම් කරයි.

නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී වරින් වර ඇති කරන යටිබඩේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දරු ලාබ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. නිවසේ වෙනස්කම් කීපයකට මග සැලසෙන සතියකි. රැකියා ස්ථානයේ පැවැති අවිවේකීබව මඟහැරේ.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා


මිථුන

රැකියාවේ අවහිරතා මඟහැරේ

දේපළ ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ සැලසුමක් හේතුවෙන් කටයුතු කීපයක් වෙනසකට ලක්කරන සතියකි.

නිතර ආගමික කටයුතුවලට සහභාගි වන කාලයක් වන අතර ආගමික සහන පතා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන බවක් ද පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අසහනකාරි බව මඟ හැරී යයි. විදෙස් ගත හිතවතකුගේ උපකාරයක් හිමිකරන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - ලා දම්

සුබ දවස - සඳුදා


තුලා

 වැඩිහිටි ආශීර්වාදය

දරුවකු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් වෙමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට කටයුතු සැලසෙන සතියකි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ ඥාතීන් අතර සුහදතාවය ගොඩනැගෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

නැතිවූ දෙයක් නැවත හිමිකරන සතියකි. එහෙත් තමා මෙතෙක් සිදුකරගෙන ආ ගනුදෙනුවකට නීති පිහිට පැතීමට සිදුවේ. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන සතියකි. විවාහ බලාපොරොත්තුවකට පවුලේ ආශීර්වාදය හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


කුම්භ

පවුලේ ගැටලුවක් දුරුකරයි

නීති ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. මුදල් සම්බන්ධ කටයුතුවලට අත ගැසීමේදී වෙනදාට වඩා කල්පනාකාරි වන්න. රැකියා ස්ථානය සම්බන්ධ ඇතිව තිබූ ගැටලුකාරි බවක් දුරුවී යන ලකුණු පෙනේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි. දරුවකුගේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන සතියකි.

විදෙස් ගතවීමක් පිළිබඳ සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ පැවැති මතභේදකාරි බවක් මඟහැර යන කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


කටක

ශාස්ත්‍රීය කටයුත්තකට අත ගසයි

එදිනෙදා කටයුතු පිළිබඳ වෙනදාට වඩා කල්පනා කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමියන්ගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. දේපළ ලැබීමක් සම්බන්ධ පැවැති ගැටලුදායක බවක් නිරවුල් කර ගැනීමට මග සැලසෙන සතියකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි සතියක් වන අතර, ශාස්ත්‍රීය කටයුත්තකට අතගැසීමට ද අවස්ථාව උදාකරයි. අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සති අන්තයේදී පවුලේ අය සමඟ දුර ගමනකට මඟ සැලසේ. පැරණි හිතවත්කමක් අලුත් වීමෙන් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවේ.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා


වෘශ්චික

නොගැළපෙන ඇසුරක්

ගේ දොර කටයුතු පිළිබඳ අලුත් අත්දැකීම් කීපයක් එක්කරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර හමුවන කෙනෙකු නිසා මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වරින්වර ආගමික සහන පතන කාලයක් වන අතර ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට ද අවස්ථාව උදාකරයි. සතිය මැද කාලයේදී නොගැළපෙන අසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා වියදම් වැඩිකරන කාලයක් වන අතර, නොසිතූ ලෙස පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි.

අය 05 -වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා


මීන

විදෙස් ලැබීමක්

තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වියදම් වැඩි කරන සතියක් වන අතර පවුලේ කෙනකු වෙනුවෙන් වැඩිපුර සොයා බැලීමක් මෙන්ම වියදම් පක්ෂයද වැඩිකරයි. සතිය මැද කාලයේදී තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

විදෙස් ලැබීමකට හිමිකම් ඇති සතියකි. වාහන හුවමාරුවක් හේතුවෙන් වෙනදාට වඩා අතමිට සරු කරයි. සති අන්තයේදී පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - ඉරිදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.