ලග්න පලාපල

මාර්තු 25 සිට මාර්තු 31 දක්වා
මාර්තු 25, 2022

මේෂ

ආගමික සැලසුමක්

 

වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති ගැටලු කීපයක් මඟහැරී යයි.නිතර ශරීර සැපපහසුව පිළිබඳ වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.

දරුවකු පිළිබඳ ගන්නා තීරණයක් ගැන දුරදිග සිතා බලන්න. අමතර ලැබීමකට බාධා ඇති කරයි. මෙතෙක් තමා සතුව තිබූ දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී කල්පනාකාරී වීම වැදගත් වේ. සතිය මැද කාලය වන විටදී හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කරයි. ළඟම ඥාතියකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගැනීමට මඟ සැලසේ. මඟහැරී තිබූ කටයුතු කීපයක් නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්වයි. හදිස්සියේ ඇතිවන යටිබඩේ වේදනාවකින් පීඩා විදීමට සිදුවේ. සෙම් රෝග හිසේ ආබාධ බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන්න. විදෙස් ඥාතියෙකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි කාලයකි. අසල්වැසි මතභේදයක් මඟහැරී යන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

 

අය 07 - වැය 05

ජය අංකය -09

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

 

දරුවන්ගේ දියුණුවට පියවරක්

 

වෙනදාට වඩා ඇවිදිලි ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහ ගමන 8,9,10,11 යන භාවස්ථානවල සිදුවනු ලබයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. කලබලකාරි ගතිපැවැතුම් තමාගේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. නිතර පවුලේ වැඩිහිටියකු සමඟ ගැටුම්කාරි බවක් ඇති කර ගනී. විවාහය සම්බන්ධ ගෙන තිබූ තීරණයක් වෙනසකට ලක්කරයි. පොත්පත් ලිපිලේඛන කටයුතුවලට වැඩි අවධානයක් යොමුකරන බවක් පෙන්වයි. පවුලේ උත්සව අවස්ථාවකට මඟසැලසෙන සතියකි. තමා ගන්නා දැඩි තීරණ හේතුවෙන් දරුවන්ගේ ආදරය කරුණාවට අඩුවන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම පවුලේ සමඟියට බාධා වන අන්දමේ තීරණයක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙළෙද ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරිවිය යුතු කාලයකි. මෙතෙක් සහෝදරියක සමඟ සිදුකළ මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සිත් අමනාපකමක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. දරුවන්ගේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන සතියකි. මවුට හෝ මවු පස ඥාතියකුට ඇතිවන අසනීප තත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

මිථුන

 

හදිසි වියදමක්

 

හදිසි මුදලක් වැයවීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුනත් වැය පස අධික වන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට මඟ සැලසේ. මෙතෙක් කරගෙන ආ නිවාස ඉදිකිරීමක් පිළිබඳ කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීම මඟ සැලසෙන සතියකි. අලුත් රැකියා මාර්ගවලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසු වන්න. වරින්වර ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සතිය මැද කාලයේදී මව්පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන බවක් පෙන්වයි. වරින්වර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයක් වන අතර ආගමික පිහිට පතා දුර පළාතකට යාමට ද කටයුතු සැලසෙන බවක් පෙන්වයි. සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන සතියකි.

 

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

කටක

වගකීම් පැහැර හැරීමක්

 

හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා වැය පස අධික කරන කාලයකි. පවුලේ වැඩපිළිවෙළක් වෙනසකට ලක්කරයි. මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වීම වැදගත් වේ. කලා ක්ෂේත්‍රයේ නියුතු අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. තමා ළඟින් ඇසුරු කරන කෙනකු සමඟ සිත් නොහොඳකමකට මඟ සැලසේ. එමෙන්ම යොදාගත් ශාස්ත්‍රීය කටයුත්තකට ප්‍රමාදතාවයක් සිදුකරයි. වැඩිහිටි ගුරුහරුකම් නොසලකා හරින කාලයකි. මවගෙන් මව්පස ඥාතියෙකුට අපල සහගත බවක් පෙන්නුම් කරයි. හදිසි ගමනකට කටයුතු සැලසෙන කාලයක් වුවත් එය සාර්ථක නොවන බවක් ද පෙන්වයි. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක පසුබෑමක් සිදුවන කාලයකි. නිතර තමා අතින් වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. සතිය මැද කාලය වන විටදී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුකරයි. වරින්වර දුර ගමන් යෙදෙන කාලයක් බැවින් පදිංචි ස්ථානයෙන් පිට වාසයට ද හේතු ඇතිකරයි. සති අන්තයේදී සහකරුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. මානසික ව්‍යාකූලතාවයකින් කටයුතු කරන සතියකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

වාහන හුවමාරුවක්

 

සැනසිලිදායක ලෙස සතිය උදාවුවත් වගකීම් බහුලකරන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවස්ථානවල සිදුවනු ලබයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. නිතර දෝෂාරෝපණයට ලක්වන කාලයක් බැවින් වචන පාවිච්චියේදී වෙනදාට වඩා කල්පනාකාරී වීම වැදගත් වේ. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ තීරණවලදී වැඩිහිටි සහය පැතීම වැදගත් වේ. නිතර ගතසිත වෙහෙස කරන කටයුතු අධික වන අතර, පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර පැතීම වැදගත් වේ.

සතිය මැද කාලය වන විටදී මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක වෙනස්කම් කීපයක් සිදුකරයි. දේපළ ගනුදෙනුවක් සම්බන්ධ පැවැති බලාපොරොත්තුවක් බිඳවැටෙන කාලයකි. අමතර ලැබීම් හිමිවන මාර්ග කීපයක් හිමිකරයි. නිතර නිවසට යන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇතිවීමට ඉඩ ඇත. වාහන හුවමාරුවක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙන සතියකි. සති අන්තයේදී පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් කටයුතු කීපයක් වෙනසකට ලක්කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 08- වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

නීති පිහිට

 

 

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයකට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්වයි. පවුලේ ළඟම ඥාතියෙක් පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතු කාලයකි. අඹුසැමි මතභේදකාරි බවක් දුරදිග යාමෙන් ගැටලු කීපයක් මතු කරයි. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට යහපත් කාලයකි. පැරණි ගනුදෙනුවක් හේතුවෙන් මතුව තිබූ ගැටලුවකට නීති පිහිට පැතීමට සිදුවන සතියකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට මඟ සැලසෙන කාලයක් වන අතර අලුත් කටයුතු කීපයක් ඇරඹීමට ද අවස්ථා උදාකරයි.

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබෙන සතියකි. මෙතෙක් අතහැර දමා තිබූ කටයුතු කීපයක නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. පවුල් උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන සතියකි. උසස් අධ්‍යාපන කටයුතු නියුතු වූ දරුවකුගේ බලාපොරොත්තු බිඳවැටීමක් සිදුකරයි. වෙනදාට වඩා දුරගමන් අධිකවන අතර, පියපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමටද සිදුවන බවක් පෙන්වයි. සති අන්තයේදී අසල්වැසි මත ගැටුමකට මග සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

 

තුලා

ගුප්ත කටයුතුවලින් පිහිට

 

යොදාගත් සැලසුමක් සාර්ථකත්වයට පත්වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ දේපළ ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. එහෙත් ගේ දොර කටයුතු කෙරෙහි පැවැති උනන්දුව උත්සාහය අඩුවී යන කාලයක් බව පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලු කීපයක් විසඳා ගැනීමට අවස්ථාව උදාකරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නිතර මවුපස ඥාතියකු පිළිබඳ වෙහෙසකට පත්වන සතියකි. වරින්වර ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් වීම වැදගත් වේ. හදිස්සියේ ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරන කාලයකි. ඉක්මන් කෝපකාරී කටයුතු තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සතිය මැද කාලයේදී අමනාප වූ හිතවතකු තමා සොයාගෙන එන බවක් පෙන්නුම් කරයි. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

 

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

අලුත් ගේ දොර පදිංචියක්

 

වරින් වර නීතිමය ගැටලුවකට මඟ සැලසෙමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවකුගේ අසනීපයක් හේතුවෙන් මතුවන ගැටලු කීපයක් විසඳා ගැනීමට ගුප්ත කටයුතු වලින් පිහිට පතයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. සතිය උදාවත්ම පවුලේ අය සමඟ දුර ගමනක කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා ගැටලු කීපයක් මතුකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. විභාග ජයග්‍රහණයකට මඟ සැලසෙන අතර පවුලේ අයගේ ප්‍රසාදයට ද කරුණු සැලසෙන බවක් පෙන්වයි. සතිය මැද කාලයේදී වරින්වර මතුකරන මූත්‍ර ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතිය යුතු බවක් පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට බලාපොරොත්තු ඉටුකරන කාලයක් වන අතර ඥාති දැනහැඳුනුම්කම මත සිදුවන විවාහ බැඳීමකට හේතු ඇති කරයි. නිතර පවුලට යන එන සම්බන්ධ වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු කාලයකි. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. සති අන්තයේදි අලුත් ගේ දොර පදිංචියක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - දම්

 

සුබ දවස - සිකුරාදා

 

ධනු

කොන්දේ අමාරුවක්

 

වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්විය යුතු කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල සිදුවනු ලබයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියකි. එමෙන්ම වරින්වර ඇතිකරන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ආගමික සැලසුමක් පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි. වරින්වර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියකි. රැකියාවේ වගකීම් වැඩි ප්‍රමාණයක් තමා පිට පැවරෙන බවක් පෙනේ. ඥාති උපකාර හිමිකරන සතියක් වන අතර විදෙස් ලැබීම්වලට ද හිමිකම් ඇති කරයි.

වෙනදාට වඩා සමාජසේවා කටයුතු කෙරෙහි ළැදිව කටයුතු කරන බවක් පෙනේ. සතිය මැද කාලයේදී අමතර වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පියපස ඥාතියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදාවන කාලයකි. නිතර වාහන ගමන් වැඩිකරන කාලයක්වන අතර වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසින් වැඩිකාලයක් වෙහෙස විය යුතු බවක් ද පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. අමතර ආදායම් මාර්ග යෙදෙන සතියකි.

 

අය 07 - වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

මකර

විශ්වාසය බිඳවැටීමක්

 

හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථානවලයි. වරින් වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවන සතියක් වන අතර, අලුත් බඩුබාහිරාදිය කීපයක් මිලදී ගැනීමට ද මාර්ග පෑදෙන බවක් පෙන්වයි. අඹුසැමි විශ්වාසය බිඳවැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇති බැවින් ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වීම වැදගත් වේ. සතිය මැද කාලය වනවිටදී රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන මානසික අවිවේකය වැඩිකරයි. වෙනදාට වඩා වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදෙන සතියකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් ගන්නා තීරණයක් වෙනසකට ලක්කරයි. සහෝදර උපකාරයක් පැතීමට සිදුවන කාලයක් වන අතර මෙතෙක් හිමිවන්න තිබූ මුදලක් හිමිවන බවක් ද පෙන්නුම් කරයි. කලබලකාරි ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් මතු කරයි. තමා ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ කනස්සල්ලක් ඇතිකරයි. වෙනදාට වඩා මානසික අසහනය ඇතිකරන කාලයකි. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට ද සිදුවන බවක් පෙනේ. රැකියාවේ තනතුරු මාරුවකට හේතු ඇතිකරන කාලයකි.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

 

කුම්භ

රැකියාවේ වෙනසක්

 

මානසික අවිවේකයට හේතු යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථාන වලයි. තීන්දු තීරණ ගැනීමේදී වෙනදාට වඩා කල්පනාකාරී වන්න. මේ කාලය තුළදී ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්වයි. නිතර සමාජසේවා කටයුතුවලට සම්බන්ධ වන කාලයකි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනසකට ලක්කරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

අසල්වැසි මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් අසහනකාරී බවක් ඇති කරයි. නිතර ඇවිදිලි ඇති කරන සතියක් වන අතර වෙනදාට වැයපස අධික වන බවක් ද පෙන්නුම් කරයි.

පැවැති අමතර ආදායම් මාර්ගවලට බාධා ගෙන දෙන කාලයකි. සතිය මැද කාලය වන විටදී වරින්වර ඇතිකරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇතිකරයි. මවුපස ඥාතියකුට අපල සහගත කාලයකි. හදිසි වියදමක් ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන අවහිරතා කීපයක් මඟහැරී යන කාලයක් වන අතර, රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක්ද සිදුකළ යුතු බවක් පෙන්නුම් කරයි.

 

 

අය 08 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන

වෙහෙස ඇති ගමනක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, අමතර ආදායම් මාර්ගවලටද හිමිකම් ඇතිකරන බවක් පෙන්වන මේ සතියේ මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු අධික කරන කාලයකි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් මතුකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. වෙහෙස ඇති ගමනක් යෙදෙන කාලයකි. නීති කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක බවක් පෙන්වයි. සතිය මැද කාලයේදි තැන්පත් ධනය වැයවීමක් සිදුවීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

වරින් වර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. අමතර ලැබීම්වලට යහපත් කාලයක් වන අතර සැලසුම් කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබෙන සතියකි. වරින් වර පදිංචි ස්ථානයෙන් පිට වාසයට ද හේතු ඇති කරයි. පවුලේ වැඩිහිටියකු සම්බන්ධ වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කළයුතු බවක් පෙන්වයි. සහෝදර මත ගැටුමක් සමතයකට පත්වන සතියකි. සති අන්තයේදී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරී වන්න.

 

අය 08 වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.