අපේ‍්‍රල් 01 සිට අපේ‍්‍රල් 07 දක්වා

අප්‍රේල් 1, 2022

මේෂ

නොසිතූ සිත්තැවුලක්

මෙතෙක් තමාට හිමිවන්න තිබූ දේපළක් සම්බන්ධ ගැටලුවක් නිරවුල් කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 12, 1,2 යන භාවස්ථානවලයි. නිතර පවුලේ අය අතර ඇතිවන ගැටලුකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්වයි. යටිබඩ ආශි‍්‍රත ඇතිවන වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පදිංචි ස්ථානය ආශි‍්‍රත සතුරු කරදරයක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. සතිය මැද කාලය වන විටදී හදිසි ගමන් කීපයක් යෙදෙන කාලයක් හා ඒවායින් නොසිතූ කරදරකාරී බවක් ද ඇතිකරයි.

වෙනදාට වඩා තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ද ඉඩ ඇති බවක් පෙන්වයි. දරුවකු පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. ළඟම හිතවතකු සමඟ සිදුකරන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ අලාභයක් සිදුකරයි. එමෙන්ම විවාහ පාර්ශ්වයෙන් හිමිවන්න තිබූ දේපළක් ද අහිමිවන ලකුණු පෙන්නුම් කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. පවුලේ කෙනකු සම්බන්ධ නොසිතූ සිත්තැවුලකට මුහුණ පෑමට සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

අය 07 - වැය 08

ජය අංකය -09

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා


කටක

අඹුසැමි විශ්වාස බිඳවැටීමක්

කටක ලග්න හිමි ඔබට මේ සතිය ආරම්භය විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්වන අතර සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මත ගැටුම් ඇති විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වේ. පවුලේ බාල සහෝදරියක සම්බන්ධ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් මානසික ව්‍යාකූල තත්ත්වයක් ඇති කරයි. කලා ක්ෂේත්‍රයේ නියුතු අයට ජනපි‍්‍රය වීමේ භාග්‍ය උදාකරයි. එමෙන් නොසිතූ ලෙස සිත්තැවුල් ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් ද සිදුවීමට ඉඩ ඇත. ලිපි ලේඛන කටයුතුවලට සම්බන්ධ වූ අයට ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වේ. දුර ඥාතියකු සමඟ ඇතිවන මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා බාහිර රූපාලංකාරය පිලිබඳ වෙහෙසෙන කාලයකි. සතිය මැද කාලයේදි මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක නිමාවක් දැකිය හැකි බවක් පෙන්වයි. නිතර ආගමික සහන පතන කාලයකි. දුරස් වූ කෙනෙකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. සති අන්තයේදී වරින් වර ඇතිකරන මූත්‍ර ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අඹුසැමි විශ්වාස බිඳවැටීමකට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - සිකුරාදා


වෘෂභ

ලිපි ලේඛන කටයුතුවලින් ජය

වෘෂභ ලග්න හිමි ඔබට මේ සතිය උදාවන්නේ වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරි බවක් ඇතිකරවමිනි. සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අලුතින් ආරම්භ කළ ව්‍යාපාරයක් සම්බන්ධ මත ගැටුමකට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. පැරණි ගනුදෙනුවක් හේතුවෙන් පවුලේ කෙනකු සමඟ සිත් නොහොඳකමක් ඇති කර ගනී. එහෙත් සතිය මැද කාලය වන විටදී කලක සිට පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. ඔබ අධ්‍යාපනයේ නියුතු අයකු නම් බලාපොරොත්තු නොවූ ලෙස ජයග්‍රහණයක් හිමිකරයි. වෙනදාට වඩා වගකීම් බහුල කරන කාලයක් වන අතර, පොත්පත් ලිපි ලේඛන කටයුතුවල නියුතු වූවන්ට විශේෂ ජයග්‍රහණයක් බලාපොරොත්තු විය හැකි කාලයකි. වරින් වර ඇතිකරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. සමාජසේවා කටයුතුවලට සම්බන්ධ වීමෙන් තමාට ප්‍රශංසා හිමිකරන කාලයකි. අතක ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන සතියක් වන අතර එදිනෙදා කටයුතුවලින් මඳක් ඈත් වී සිටීම වැදගත් වේ. සති අන්තය වන විටදී විදෙස් ලැබීමකට බාධා වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා


සිංහ

නව ව්‍යාපාරයක් ඇරඹේ

වෙනදාට වඩා ආගමික කටයුතුවලට ළැදිව කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10 යන භාවස්ථානවලයි. ආර්ථික වාසි ගෙන දෙන කාලයක් වන අතර නව ව්‍යාපාර ආයෝජනයකට මඟ සැලසේ. තම ඥාති පක්ෂයේ කෙනකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුවෙකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් සිත්කලකිරීමකට තුඩු දෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර, නොසිතූ ලෙස හදිසි මුදලක් වැයවන ලකුණු ද පෙන්නුම් කරයි. සතිය මැද කාලය වනවිටදී ගේදොර කටයුතු පැහැර හැරීමක්ද සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ගේ ඒ පිළිබඳ පවතින උත්සාහය මෙන්ම උනන්දුවද අඩුවන බවක් පෙන්වයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ඉඩම් සම්බන්ධ මුදලක් හිමිවන ලකුණු පෙන්වයි. ඔබ විවාහ වයසේ පසුවන අයකු නම් මෙතෙක් ප්‍රමාදවූ විවාහ යෝජනාවකට පවුලේ ආශිර්වාදය හිමිවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි වාහන ගනුදෙනුවකට කටයුතු සැලසෙන කාලයක් වන අතර හිතවතුන් ඇසුරේදී කල්පනාකාරී විය යුතු බවක් පෙන්වයි.

අය 08- වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - සඳුදා


මිථුන

අලුත් ඥාති සබඳතා

වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථානවලයි. මේ සතිය ආරම්භවත්ම මිථුන ලග්න හිමි ඔබට ටික කාලයකට පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. තමා මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක නිමාවක් දැකිය හැකි බවක් පෙන්වයි. අලුත් ඥාති සබඳතාවලට මඟ සැලසෙන සතියක් වන අතර පවුලේ උත්සව අවස්ථාවකදී උදව් උපකාර කිරීමට කටයුතු උදාකරයි. නිතර දරුවකුගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති විය හැකි බවක් පෙන්වයි. සතිය මැද කාලය ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙන්වයි. ඔබ විවාහක අයකු නම් වාසනාවන්ත දරු සම්පත් බලාපොරොත්තු විය හැකි කාලයකි. මුදල් ගනුදෙනු සම්බන්ධ කටයුතුවලදී වංචා රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා


කන්‍යා

හදිසි මුදල් වැයවීමක්

නීති සැලසුමකට කටයුතු යෙදෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථානවලයි. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවන සතියකි. විවාහක ඔබ අතර විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුත්තක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුතින් ආරම්භ කළ වැඩපිළිවෙළක සාර්ථක නිමාවක් දැකිය හැකි කාලයකි. වෙනදාට වඩා දූදරුවන් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. සතිය මැද කාලයේදී උෂ්ණගත ආබාධයක් හෝ ලේ විෂවීමේ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සතුරු කරදරයක් හේතුවෙන් පීඩාගෙන දෙන සතියක් වන අතර, ඒ පිළිබඳ දිවා රූ වෙහෙසී ගේ දොර කටයුතු ආරක්ෂා කරගැනීමට ද සිදුවේ. විසිතුරු බඩුබාහිරාදිය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන සතියකි. මෙතෙක් ප්‍රමාද වූ රැකියා බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි. පිය පාර්ශ්වයේ දේපළක් සම්බන්ධ පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් යටපත් වෙමින් පැවැති පාදයේ ආබාධයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


තුලා

විදෙස් අධ්‍යාපනයක්

තුලා ලග්න හිමි ඔබට මේ සතිය උදාවන්නේ සඳු ග්‍රහයා 6, 7,8 යන භාවස්ථානවල ගමන් කරමිනි. මෙතෙක් ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන සතියක් වන අතර විවාහය සම්බන්ධ තීන්දු තිරණ ගැනීමක්ද සිදුකරයි. ඔබ උසස් අධ්‍යාපනය හදාරන අයකුනම් විදෙස්ගත අධ්‍යාපනයක් සම්බන්ධ පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් ගැටලුකාරි බවක් ගෙනදුන් ගමන් කීපයක් අතරමඟ නවතා දැමීමට සිදුවේ. ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු සතියකි. මව්පස ඥාතියකුගේ කටයුතු වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවන බවක් පෙන්වයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයක් බව පෙන්නුම් කරයි. එමෙන්ම තම ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. සතිය මැද කාලයේදී දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවේ.

අය 06 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා


මකර

වැයපස අධික වේ

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයකට මග සැලසෙමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථානවල ගමන්යි. එදිනෙදා කටයුතු සම්බන්ධ උනන්දුවක් ඇති කරන සතියකි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට කටයුතු සැලසෙන සතියකි. මෙතෙක් අතහැර දමා තිබූ කටයුත්තක් නැවත ආරම්භයට මඟ සැලසේ. දරුවකු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු සතියක් බව පෙන්නුම් කරයි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කර ගැනීමට අවස්ථාව උදාකරයි.

හිතුමතයට කරන කටයුත්තක් හේතුවෙන් අඹුසැමි මතභේදයක් ඇති කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසෙන කාලයකි. යටපත් වු කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර අමතර වියදම් ද වැඩිවන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස -ඉරිදා


වෘශ්චික

හදිසි වැටීම් තැළීම්

ශරීර සෞඛ්‍යයට බාධා පමුණුවමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර සැලසුමක් වෙනුවෙන් වෙහෙසක් දරන සතියකි. ආගමික කටයුත්තක් සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. විදෙස්ගත හිතවතකු හමුවීමට මඟ සැලසේ. නිතර පවුලේ බාල දරුවකු පිළිබඳ අවධානයෙන් කටයුතු කලයුතු කාලයක් වන අතර හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරීවීම වැදගත් වේ. අමතර ගණුදෙනුවකට මඟ සැලසෙන කාලයකි. අසල්වැසි මතභේදකාරි බවක් දුරදිග යාමෙන් නීති පිහිට පැතීමට සිදුවේ. මවට හෝ මව්පස ඥාතියකුට අපල සහගත කාලයක් බැවින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන්න. දරුවකුගේ විශිෂ්ට ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. වෙනදාට වඩා හිතමිතුරන් ඇසුරට කටයුතු සැලසෙන කාලයක් බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කිරීමද වැදගත් බවක් පෙන්වයි. සතිය මැද කාලයේදි පවුලේ වැඩිමහල් සහෝදරයකු සමඟ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර මුදලක් මෙන්ම දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ.

අය 05 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - බදාදා


කුම්භ

සැලසුම් වෙනසක්

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. අමතර වියදම් වැඩිකරන කාලයක් වන අතර ළඟම ඥාතියකු සමඟ මුදල් හුවමාරුවක්ද සිදුකර ගනි. පවුලේ කටයුතු සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් යොදාගත් සැලසුමක් වෙනස් කර ගනී. නිතර තමා යන එන ගමන් පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු කාලයකි. මව්පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. ආගමික වැඩසටහනක් වෙනුවෙන් අතහිත දීමට අවස්ථාව උදාකරන සතියකි.

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් කිරීමට අවස්ථාව උදාකරන සතියකි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. සතිය මැද කාලයේදී නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න. යටිබඩ ආශි‍්‍රත ඇතිවන වේදනාකාරී බවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන කාලයක් වන අතර නිතර ජලය පාවිච්චි කිරීම, ආහාරපාන ගැනීම පිළිබඳවද සැලකිලිමත් වීම වැදගත් වේ.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා


ධනු

පවුලේ මත ගැටුමක් සමතයකට

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස අධික සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. පවුලේ මත ගැටුමක් සමතයකට පත්වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උනන්දුවක් මෙන්ම අමතර මුදලක්ද වැයකළ යුතු සතියකි. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. ආහාරපාන ලබාගැනීමේදී වෙනදාට වඩා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරන කාලයකි. විශේෂ තරඟ විභාගයකට සම්බන්ධ වීමෙන් නොසිතූ ජයග්‍රහණයක් අත්කරයි. ඔබ විවාහ වන වයසේ පසුවන අයකු නම් මෙතෙක් ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුකරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදී පවුලේ අයගේ ප්‍රශංසාව හිමිවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු ඇතිකරයි. සති අන්තයේදී වාහන ගනුදෙනුවක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - සිකුරාදා


මීන

නැතිවූ දෙයක් නැවත හිමිවේ

හිතුමතයට කටයුතු කිරීමෙන් මානසික අසහනයට කරුණු ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර නොසිතූ ලෙස වැය පස අධික වන බවක්ද පෙන්නුම් කරයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ මතුව තිබූ ගැටලුවක් නිරවුල් කරගැනීමට මඟ සැලසෙන සතියකි. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදි වෙනදාට වඩා කල්පනාකාරී වීම වැදගත් වේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සතිය මැද කාලයේදී වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමෙන් වාසි කීපයක් සැලසේ. විදෙස් ගත ලැබීම් හිමිවන සතියකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නැති වූ දෙයක් නැවත හිමිකරන සතියකි. සතිය මැද කාලය වන විටදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකින් පීඩා විඳීමට සිදුවේ. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 08- වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.