අපේ‍්‍රල් 15 සිට අපේ‍්‍රල් 21 දක්වා

අප්‍රේල් 15, 2022

මේෂ

මතගැටුම්

වගකීම් බහුල වන කාලයක් වන අතර ඒවා ක්‍රමවත් ලෙස ඉටුකර ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙන්වයි. සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කටයුතු කළ යුතු බවක්ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට යහපත් සතියකි. වරින් වර ගතට සිතට පීඩාකාරි කටයුතු කීපයක් යෙදෙන බවක් පෙන්වයි. හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක බවක් ඇති කරන අතර, පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් ද සිදුවන බවක් පෙනේ.

රැකියාවේ කටයුතු සම්බන්ධව ඇතිවන අවුල්කාරී බවක් නිරවුල් කරගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයකි. නිතර මතගැටුම්වලට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් ඇති කරන කාලයක් වන අතර, කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වේ. මෙතෙක් හිමිවන්න තිබූ ණය මුදලක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපෘති කටයුතුවල නියුතු වූවන්ට විශේෂ වාසි හිමිකරන කාලයකි. සතිය මැද කාලය වනවිටදී ඇතිවන යටිබඩ ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවන සතියකි.

අය 06 - වැය 05

ජය අංකය -09

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා


කටක

රැකියාවේ නොසන්සුන්තාවයක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. විවාහ පාර්ශ්වයේ කෙනකු සමඟ ඇතිවන බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර තනි මතයට කටයුතු කරන කාලයකි. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරන සතියක් වන අතර ගුප්ත කටයුතු වලින් ද පිහිට පතන බවක් පෙන්වයි. වෙනදාට වඩා නිවසින් පිට වාසයට කරුණු ඇති කරයි. ළඟම ඥාතියකු වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදුවෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ගන්නා හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මව්පස ඥාතියකුට අපල සහගත සතියකි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙහෙසෙන බවක් පෙන්වයි. කලා ක්ෂේත්‍රයේ නියුතු අයට මේ සතියේ කාර්ය බහුල සතියක් වන අතර, සමාජයේ කැපී පෙනෙන කටයුතු කීපයකට සම්බන්ධ වීමටද අවස්ථාව උදාකරයි. නිතර ඇසුරු කරන අයකු සමඟ ඇතිවන බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

විවාහ ගැටලුවක් නිරවුල් වෙයි

තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියක් වන අතර, මේ සතිය උදාවත්ම සඳු ග්‍රහයාගේ ගමන 5,6,7,8 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. මෙතෙක් පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යන සතියකි. ගේ දොර කටයුතු සම්බන්ධ මෙතෙක් මඟහැරී තිබූ වැඩපිළිවෙළක් නැවත ආරම්භයට කටයුතු සැලසේ. නිතර සැකයෙන් බියෙන් කටයුතු කරන බවක් පෙන්වයි. පවුලේ අය අතර ඇතිවන මත ගැටුමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. දරුවකුගේ ඉදිරි අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් තමා පදිංචියෙන් පිට වාසයට කරුණු ඇතිකරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට නොසිතූ ගැටලු කීපයකට මුහුණදීමට සිදුවේ. වෙනදාට වඩා තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.නිතර හට ගන්නා උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ හිතුවක්කාර තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හිතවතකු දැන හඳුනා ගැනීමට මඟ සැලසෙන සතියකි. විවාහය ප්‍රමාද වූ අයට සුබදායක කාලයක් වන අතර, අවහිරතා විවිධ ගැටලු පැන නැඟ තිබූ විවාහ කටයුතු වලට වැඩිහිටි ආශිර්වාදය මෙන්ම තීන්දු තීරණ ගැනීමට ද යහපත් කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා


සිංහ

ගනුදෙනුවකට නීති පිහිට

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලිය යුතු සතියකි. එමෙන්ම වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. සතිය මැද කාලය වන විටදී වරින් වර ඇතිවන උගුරේ අපහසුතාවයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර තීරණ ගැනීමේදී කල්පනාකාරී විය යුතු සතියකි. මව හෝ මව්පස ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන සතියක් වන අතර, පවුලේ කටයුතු වලදී මූලික වීමටද සිදුවෙයි. හදිස්සියේ සිදුවන ගනුදෙනුවක් හේතුවෙන් නීතිපිහිට පැතීමට සිදුවේ. ඉඩමක් සම්බන්ධ ඇතිව තිබූ ගැටලුකාරී බවක් හේතුවෙන් සහෝදර බහින්බස්වීමක් සිදුකරයි. වෙනදාට වඩා මුදල් සම්බන්ධ කටයුතු වලදි පරිස්සම් වන්න. සතිය මැද කාලයේදී පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වීමෙන් නොසිතූ ගැටලු කීපයකට මුහුණ පෑමට සිදුවේ. අඹුසැමි විශ්වාසය බිඳවැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුවන සතියකි. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා කැපවීම් කළ යුතු කාලයකි.

අය 08 වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා


මිථුන

පවුලේ භෝජන සංග්‍රහයක්

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4.5.6.7 යන භාවස්ථාන වලයි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර පවුලේ අය පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන්න. වෙනදාට වඩා වියහියදම් පක්ෂය වැඩිකරන සතියකි. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් අමතර වෙහෙසක් දැරීමට සිදුවෙයි. විදෙස් ගත හිතවතකුගෙන් උපකාරයක් හිමිකරන සතියකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ආගමික සැලසුමක් සඳහා පදිංචි ස්ථානයේ දුර පළාතකට යාමට සිදුවේ. සතිය මැද කාලය වන විටද පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. විදෙස් ගත ඥාතියෙකුගේ පැමිණීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසේ. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ. සති අන්තයේදි අඹුසැමි සුහදතාවය ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා


කන්‍යා

දේපල ගනුදෙනුවක්

වෙනදාට වඩා පවුලේ කටයුතු වල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන කාලයකි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන කාලයක් වන අතර, හදිසි ගමනකට කටයුතු සැලසෙන බවක් ද පෙනේ. සතිය මැද කාලයේදී විදෙස්ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. දේපල ගනුදෙනුවකට මඟ සැලසෙන සතියකි. සතිය මැද කාලය වන විටදී දතක හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමෙන් ගැටලු කීපයක් මතුකරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්වයි. අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක සතියක් වන අතර, මෙතෙක් ස්ථිර නොවූ රැකියාවක් ඇත්නම් එය ස්ථිරවන ලකුණුද පෙන්වයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කභ

සුබ දවස - ඉරිදා


තුලා

හිතවතුන් ඇසුරේදී කල්පනාකාරීවන්න

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට මග සැලසෙන සතියක් වන අතර, නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන බවක්ද පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. ළඟින් ඇසුරු කරන අයකු නිසා විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති බැවින් හිතවතුන් ඇසුරේදී කල්පනාකාරීවීම වැදගත් වේ. දරු ලාබ අපේක්ෂාවෙන් සිටින අය වෙනදාට වඩා කල්පනාකාරී වන්න. වෙනදාට වඩා අත මිට මුදල් ගැවසුනත් වැය පස අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දුර ගමන් වලින් වැලැකී සිටීමට යහපත් සතියකි. නොසිතු ලෙස හට ගන්නා දණහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු සතියකි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු සතියක් වන අතර , හදිස්සියේ හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට ද සිදුවේ. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වෙහෙසීම් ඇති කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් පිළිබඳ දුරදිග බලා විසඳුමක් ලබා ගැනීමට යහපත් කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


මකර

අඹුසැමි සුහදතාවයට බාධා

විශේෂ හිතවත්කමක් මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 9,10,11,12 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. නිතර ආගමට දහමට ලැදිව කටයුතු කරන කාලයක්වන අතර, ගුප්ත කටයුතු වලින්ද පිහිට පතන බවක් පෙන්වයි. රැකියාවේ තනතුරු ලාබ අපේක්ෂාවෙන් සිටින අයට නොසිතූ ලෙස වරප්‍රසාද කිපයක් හිමිකරයි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයකට කටයුතු සැලසෙන සතියකි. සතිය මැද කාලය වන විටදී නොසිතූ ලෙස අඹුසැමි සුහදතාවයකට බාධා වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි.

පවුලේ කෙනකු වෙනුවෙන් අමතර වියදමක් දැරීමට හේතු මතුකරයි. හදිස්සියේ මතුවන කොන්දේ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර පතයි. පරම්පරාගත දේපලක් සම්බන්ධ ගැටලුකාරි බවක් මතුවන අතර, සහෝදර පක්ෂය සමඟ මතභේදකාරී බවක් ද ඇති කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. සති අන්තයේදී ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස -ඉරිදා


වෘශ්චික

පවුලේ දානමය කටයුත්තක්

යොදාගත් සැලසුමක් වෙනසකට ලක්කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථාන වලයි. නිතර ගෘහ ජීවිතයේ කටයුතු අධික වන කාලයක් වන අතර, පවුලේ වගකීම් වලදී මූලික වීමටද සිදුවන බවක් පෙන්නුම් කරයි. අසල්වාසී මත ගැටුමක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්වයි. වෙනදාට වඩා ගතසිත වෙහෙසවා කටයුතු කිරීමට සිදුවෙයි. සතිය මැද කාලයේදී හදිසි තීරණයක් හේතුවෙන් ලාභ ලැබෙන මාර්ග කීපයක් අතහැර දැමීමට සිදුවෙයි.

නිතර තමා හමුවට එන කෙනකු නිසා පවුලේ මතභේදකාරී බවක් ඇති කරයි. පවුලේ දානමය වැඩසටහනකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. අවිවාහක අයට ඉතා සුබදායක ලෙස බලාපොරොත්තු ඉටුකරන බවක් පෙනේ. මෙතෙක් යටපත්ව පැවැති පවුලේ අර්බුධකාරි බවක් නැවත මතුකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ණය ගනුදෙනුවක් හේතුවෙන් නීතිමය ගැටලුවකට මැදිකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය -දම්

සුබ දවස - ඉරිදා


කුම්භ

උෂ්ණාධික රෝගයක්

වෙනදාට වඩා වගකීම් බහුල කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා කරන කියන කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම, තමාගේ ඉදිරි සැලසුමකට වැදගත් වන බවක් පෙන්වයි. තීන්දු තීරණ ගැනීමේදී වෙනදාට වඩා කල්පනාකාරී වන්න. ඉක්මන් කේන්තිය තමාගේ සැලසුමකට බාධාකාරී බවක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදි කල්පනාකාරී වීම වැදගත් වේ. නිතර තමා දෝෂාරීපණයට ලක්වන කාලයකි. සතිය මැද කාලයේදී මෙතෙක් කර ගෙන ආ වැඩපිළිවෙළක වෙනසක් සිදුකරයි.

රාත්‍රී ගමන් බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. වරින් වර හට ගන්නා උෂ්ණාධික රෝග පීඩාවක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. ණය ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන සතියකි. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවන ලකුණු පෙන්නුම් කරයි. සතිය ගෙවී යද්දි අමතර වියදම් වැඩි කරන කාලයක් වන අතර, උපකාර පතා ආ හිතවතකු වෙනුවෙන් පිහිට වීමට ද අවස්ථාව උදාකරයි.

අය 06 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා


ධනු

උරුම හිමිකම් ගැටලුවකින් නිදහස්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස අධික වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ අයගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකිවන සතියක් වන අතර, නිතර තමා ගැන සොයාබැලීමක් ද සිදුකරන කාලයකි. ආගමික සැලසුමක් සඳහා කටයුතු සූදානම් වන කාලයකි. මව්පිය උරුමයක් පිළිබඳ පැවැති ගැටලුවකින් නිදහස් වීමට මඟ සැලසේ. මේ කාලය තුළදී නිතර තමාගේ ආරක්ෂාව පරිස්සම ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්වයි. නිතර නිවසට යන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. මුදල් සම්බන්ධ කටයුතුවලදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ඔබ විවාහ වන වයසේ පසුවන අයකු නම් යෝජනා ස්ථිර වීමක් ප්‍රමාද වන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවන සතියකි. ගේ දොර කටයුතු මඟහැරී යන බවක් පෙන්වයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු සතියකි. මව්පස ඥාතියකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. වාහන ගනුදෙනුවකට අත ගැසීමෙන් වාසි කීපයක් සැලසෙන බවක් පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


මීන

ගේ දොර උත්සව අවස්ථාවක්

පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් පැවැති උදාසීන ගති පැවතුම් මඟහැරී යන සතියකි. ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීමට උත්සාහයක් දරන බවක් පෙන්වයි. සතිය මැද කාලය වනවිටදී අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන සතියකි. මවට හෝ මව්පස ඥාතියකුට අපල සහගත කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන සතියකි. හදිසි ගමන් යෙදුනත් ඒවා පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ. සතිය මැද කාලයේදී රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයකට මඟ සැලසෙන අතර, අලුත් රැකියා ලාබ හිමිකම් ඇති කාලයක් වුවත් ඒවා පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් සකස්වන කාලයකි. සති අන්තයේදී මෙතෙක් ප්‍රමාදතා ඇති කළ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. දුර ගමන්වලින් වැළැකී සිටීම යහපත් සතියකි.

අය 07 වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.