මේ සතියේ ඔබට

ජුනි 3, 2022

මේෂ

 

විශේෂ කෙනකුගේ හමුවීමක්

 

අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික කරමින් කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. නිතර අන් අයගේ කටයුතු වෙනුවෙන් උත්සාහවන්තව මෙන්ම දවසින් වැඩි කාලයක් යොදවන බවක් පෙන්නුම් කරයි. අනාගත සැලසුමක් වෙනුවෙන් කළ ආයෝජනයක් අතර මඟ නවතා දැමීමට සිදුවේ. නිතර තමාට වගකීම් බහුල කරන කාලයක් බව පෙන්නුම් කරයි. විශේෂ කෙනකුගේ හමුවීමක් තුළින් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකිවෙයි. ඔබ විවාහ අපේක්ෂිත නම් මේ කාලය එතරම් දුරට යහපත් නොවන බවක් පෙන්නුම් කරයි. ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු සිදුකරගන්නා කාලයකි. අසල්වැසි බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර කේන්ති යන කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

 

වෘෂභ

පවුලේ වගකීම් පැහැර හැරීමක්

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ඔබේ කේන්දරයේ ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි. නිතර පියපස ඥාතියකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට අතගැසීමට සැලසුමක් සකස්වන සතියකි. වියදම් පක්ෂය වැඩි වුවත් ඒවායින් තමා බලාපොරොත්තු වූ වාසි කීපයක් හිමිකරයි. සතිය මැද කාලයේදී පවුලේ වගකීම් කීපයක් පැහැර හැරීමට සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. එමෙන්ම පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාවේ කටයුතු පිළිබඳ සිතේ නොසන්සුන්තාවයක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. රැකියා ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. නීති කටයුතුවලට සම්බන්ධ වූ අයට තම වාසියට යහපත්වන අන්දමේ කටයුතු කීපයක් සැලසේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

 

මිථුන

නිතර ප්‍රසිද්ධියට පත්කරයි

 

 

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයකින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. දේපළ ගැටලුවක් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යා හැකි බවක් පෙනේ.

වෙනදාට වඩා කල්පනාකාරි ලෙස කටයුතු කිරීම වැදගත් වේ. අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භයට මඟ සැලසෙන සතියකි. නිතර ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල හිමිකරන කාලයක් වන අතර තරඟ විභාගවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් දවසින් වැඩිකාලයක් ගත කිරීමට සිදුවේ. ණය ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. සතිය මැද කාලයේදී උරහිසේ හට ගන්න ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

 

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

කටක

ගැටලුවකට නීති පිහිට

 

හදිසි වියදම් කීපයක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර පවුලේ අයගේ ආධාර උපකාර ඇතිව කටයුතු කීපයක් සකසා ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට අතගැසීමට මඟ සැලසේ. නිතර තම සේවා ස්ථානයේ කටයුතු පිළිබඳ විමසිලිමත්ව සිටිය යුතු බවක් පෙන්වයි. සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙන්නුම් කරයි. පවුලේ ගැටලුවක් දුරදිග යාමෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. දුර ඥාතියකු තමා සොයාගෙන සතියක් වන අතර, පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවේ. සතිය මැද කාලයේදී අජීර්ණ ආබාධයක් හෝ ආහාර විෂ වීමෙන් ඇතිවන අසනීපකාරි පීඩා අත්කරයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

 

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

 

 

සිංහ

ගතට සිතට සැප සතුට නැති කරයි

 

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා දුර ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් කරයි. අමතර ලැබීම් හිමි කරන මාර්ග කීපයක් පෑදෙන සතියකි. ඉඩම් ගනුදෙනුවකින් හිමිවන්න තිබූ මුදලක් ප්‍රමාදවීමෙන් ඥාති හිතවතකු සමඟ කලහකාරී බවක් ඇතිකරගනී. වෙනදාට වඩා පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. ගතට සිතට සැප සතුට නැති කරයි.

ගේ දොර අලංකාරය පිළිබඳ මෙන්ම තම රූපාලංකාරය පිළිබඳව ද වෙහෙසෙන බවක් පෙන්වයි. සතිය මැද කාලයේදී තමා අතින් නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතුවලදී කල්පනාකාරීවීම වැදගත් වේ. එමෙන්ම නීතිමය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. සති අන්තයේදී මෙතෙක් පැවැති සහෝදර සිත් නොහොඳකමක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

අලුත් දේපළ මිලදී ගැනීමක්

 

මෙතෙක් අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. පැවැති නීතිමය ගැටලුවකින් නිදහස්වීමට මඟ සැලසෙන සතියකි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට පාඩු කීපයක් විඳීමට සිදුවෙයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. සතිය මැද කාලයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමෙන් අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි.

මෙතෙක් පැවැති පෙම් සබඳතාවයකට වැඩිහිටි විරෝධය පැන නැඟීමෙන් ගැටලු කීපයක් මතුකරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කරයි. සති අන්තයේදී අලුත් දේපළ මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - තැඹීලි

සුබ දවස - සඳුදා

 

තුලා

තැන්පත් ධනය වැයවීමක්

අවිවේකී ලෙස උදාවන මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු කෙරෙහි නොසන්සුන්කාරි බවක් ඇතිකරන සතියකි. පියපස ඥාතියකු කෙරෙහි ඇතිවන ගැටලු සහගත බවක් හේතුවෙන් වෙහෙසීම් ඇතිකරයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන සතියක් වන අතර ගුප්ත කටයුතුවලින් ද පිහිට පතන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී වරින් වර ඇතිකරන පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධ තත්ත්වයකින් පීඩාවට පත්කරයි. මෙතෙක් යොදාගෙන සිටි දුර ගමනක් පිළිබඳ සැලසුමක් වෙනසකට ලක්කරයි. උසස් තරඟ විභාගවලට සම්බන්ධ වූ අයට සුබදායක සතියකි. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීමද වැදගත් වේ. සති අන්තය වන විටදී මෙතෙක් තමා සතුව තිබූ දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘශ්චික

පවුලේ උත්සව අවස්ථාවක්

 

 

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක වන කාලයක් වන අතර පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ද ගැනීමට සිදුවේ. මෙතෙක් තමා ළඟින් ඇසුරු කළ අයකු සමඟ සිත් නොහොඳකමකට මඟ සැලසේ. වෙනදාට වඩා පවුලේ අය කෙරෙහි සොයා බැලීමක් කළ යුතු සතියකි. දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස්කිරීමට සිදුවේ. හදිසි තීරණ ගැනීමෙන් වැළැකී සිටීම යහපත් වන අතර, දරුවන්ගේ යහපත පිණිස විශේෂ තීරණ කීපයක් ගැනීමට ද සිදුවෙයි. තනතුරු ලාබ අපේක්ෂාවෙන් සිටින අයට තමා බලාපොරොත්තු නොවූ ලෙස ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙයි.

එමෙන්ම පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ හදිසි සිත්තැවුලක් අසන්න ලැබෙන බවක් පෙන්වයි. සති අන්තය වනවිටදී තමාට තෑගි බෝග ආදිය හිමිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් සකස්වන සතියකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

 

ධනු

 

උරහිස ආශි‍්‍රත ආබාධයක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසෙන සතියකි. නොසිතූ ලෙස ඇතිවන සහෝදර සිත් අමනාපකමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ ඇතිව තිබූ ගැටලු සහගත තත්ත්වයක් මඟහැරී යයි. විදෙස්ගත හිමිකමක් වෙනුවෙන් තීරණ ගැනීමේදී වාසි කීපයක් සැලසේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසෙන බවක් පෙන්වයි. පවුලේ ඉදිරි සැලසුමක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. තනතුරු ලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. මවගේ හෝ මව්පස ඥාතියකුගේ අසනීපකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

වරින් වර යටපත් වූ අසනීපයක් නැවත මතුකරයි. උරුම හිමිකමක් පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ. සතිය මැද කාලයේදී උරහිස ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර පැතීමට සිදුවේ. නිතර ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමිකරන අතර තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් ද සිදුකර ගැනීමට මඟ සැලසේ.

 

අය 07 - වැය 08

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

මකර

ආගමික සැලසුමක්

 

ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතිය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳව ද පරිස්සම් වන්න. සතිය මැද කාලයේදී යටපත් වූ උදරාබාධයක් නැවත මතුකරයි.

ආගමික සැලසුමක් සඳහා දවසින් වැඩි කාලයක් ගතකිරීමට සිදුවෙයි. වෙනදාට වඩා අතමිට සරු කාලයක් වුවත් නොදැනුවත් ලෙස හදිසි වියදමක් ඇති කරයි. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් මෙතෙක් ප්‍රමාදතා ඇති කළ කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකිවෙයි. පවුලේ කටයුතු පිළිබඳ ගන්නා තීරණයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර ගේ දොර උත්සව අවස්ථාවකට ද කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

 

කුම්භ

ගේ දොර අලංකාරය

 

 

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවකුගේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවන සතියක් වන අතර දරුවකුගේ අධ්‍යාපනය කටයුත්තක් වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසවා කරන කටයුතු අධිකවීමට ඉඩ ඇත. සතිය මැද කාලය වනවිටදී ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයක් වන අතර අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට ද මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. මේ කාලය තුළදී රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟහැරී යයි. විදෙස් ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවන ලකුණු පෙනේ. නිතර ආගමික නායකයන්ගේ සහය පතන බවක් පෙනේ. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. සති අන්තය වන විටදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසින් වැඩි කාලයක් වෙහෙසිය යුතු බවක් පෙනේ.

 

 

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

මීන

අමතර වියදම් වැඩිකරයි

 

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථානවලයි. ගෘහ ජීවිතයේ අමතර වගකීම් කීපයක් ඇතිකරන සතියකි. හිතුමතයට කටයුතු කිරීමෙන් නොසිතූ ගැටලුවකට මුහුණපායි. යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවන සතියකි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. හදිසි මුදල් වැයවීමක් හේතුවෙන්න යොදාගත් සැලසුමක් වෙනසකට ලක්කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරන අතර, ප්‍රමාද වූ සැලසුමක් සාර්ථක කර ගැනීමට ද මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි.

සතිය මැද කාලය වන විටදී දරුවකුගේ අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් මූලික අඩිතාලමක් දැමීමට සිදුවෙයි.

හදිසි මුදල් ලැබීමකට හිමිකම් ඇති කාලයක් වුවත් අමතර වියදම් වැඩිවීමට ඉඩ ඇත. සති අන්තයේදී තමා ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන අවිවේකී බව හේතුවෙන් තීරණ කීපයක් ප්‍රමාද කිරීමට සිදුවේ.

 

අය 08 - වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.