ජුනි 17 සිට ජුනි 23 දක්වා

ජුනි 17, 2022

මේෂ-දේපළ අලුත්වැඩියාවක්

මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් උදාසීනව කරගෙන ගිය කටයුතු කීපයක් නැවත සාර්ථක ලෙස ඇරැඹීමට මඟ සැලසෙන සතියක් වන අතර මේ සතියේ ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවෙන් මෙන්ම කැපවීමෙන් කටයුතු කළයුතු කාලයකි. මුදල් සම්බන්ධ කටයුතුවලදී වාසි කීපයක් සිදුකරයි. දේපළ අලුත්වැඩියාවක් සම්බන්ධ කටයුතු කීපයක් ඇරැඹීමට සැලසුමක් ඇති කරයි. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. විශේෂ හිතවත්කමක් ආරම්භයට අවස්ථාව උදාකරයි. සති අන්තයේ දී නිතර දූ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

සිංහ -තීරණ වෙනසක්

දැඩි කලබලකාරී ගතිපැවැතුම් ඇති කරන කාලයක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8 යන භාවස්ථානවලයි. අලුත් කටයුත්තක් ආරම්භ කිරීමට ගත් තීරණයක් වෙනසකට ලක්කරයි. නොසිතූ ලෙස තමාට පාඩුවක් සිදුවිය හැකි සතියකි. උත්සාහයෙන් කටයුතු කළත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. පවුලේ වැඩිමහල් ඥාතියකු සම්බන්ධ සිත්තැවුලක් අසන්න ලැබෙන සතියකි. සතිය මැද කාලයේ දී දතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. අතමිට මුදල් ගැවසුනත් වැය පස අධික කරන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

ධනු -වගකීමකින් නිදහස්

වෙනදාට වඩා අතමිට සරුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. එමෙන්ම මෙතෙක් පැවැති වගකීම් කීපයකින් නිදහස් වීමට අවස්ථාව උදාකරයි. එහෙත් සතිය මැද කාලයේදී අසල්වැසි ආරවුලක් දුරදිග යන ලකුණු මතු කරයි. විදෙස්ගත හිමිකමකට මඟ සැලසෙන කාලයකි. සෙම් රෝග මෙන්ම ඇඟේ පතේ වේදනාව වැනි අසනීපකාරී බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර තමාට ප්‍රශංසා හිමි කරන කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ-ගනුදෙනුවකට නීති පිහිට

ආගමික වැඩසටහනක් වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11 යන භාවස්ථානවලයි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතිය යුතු සතියකි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ තීරණයකට එළැඹිය යුතු බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන මානසික අසහනකාරී බව දුරදිග යන බවක් පෙන්වයි. විදෙස් ලැබීමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සති අන්තයේ දී තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. උදරාශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන සතියකි.

අය 06 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

කන්‍යා -ඥාති උපකාර

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර දරුලාබ අපේක්ෂාවෙන් සිටින අය සැලකිලිමත් විය යුතු කාලයක් බව පෙන්නුම් කරයි. තම නොදැනුවත්කම නිසා වැරදි කීපයක් සිදුකර ගන්නා කාලයකි. නොසිතූ ලෙස වැඩිහිටියකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. දරුවකුගේ අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. වාහන ගනුදෙනුවකට අත ගසන කාලයකි. මව්පස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. සති අන්තයේ දී තමා ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ විශ්වාස බිඳ වැටීමක් සිදුකරයි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

මකර -අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක්

සැලසුම්සහගත කටයුතු කීපයකට අතගැසීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමෙන් ගැටලු කීපයක් මඟ හැරී යයි. හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. වාහන ගමන් පිළිබඳවද කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදී අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන-අඹු සැමි මතභේදයක්

හදිසි වැටීම් තැළීම් මෙන්ම අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8, 9, 10 යන භාවස්ථානවලයි. පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගනන්නා කාලයකි. මවට හෝ මව්පස ඥාතියකුට අපලසහගත බවක් ඇති කරයි. නිතර උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

වාහන ගමන් පිළිබඳ පරිස්සම් වන්න. සති අන්තයේ දී අඹුසැමි මතභේදයකට හේතු ඇති කරයි. එමෙන්ම නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

තුලා -විවාහ ගිවිසුමක් සාර්ථකයි

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර දනට පිනට ළැදිව කටයුතු කරන කාලයකි. සතිය මැද කාලයේදී හදිස්සියේ හට ගන්නා කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ගැනීමට සිදුවේවි. පැරණි පෙම් සබඳතාවයක් අලුත්වන කාලයක් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති විවාහ ගිවිසුමක් සාර්ථකවන ලකුණු ද පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තයේ දී පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සඳුදා

 

කුම්භ -විශේෂ ගමනක්

අමතර වියදම් බහුල කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ගමනකට සැලසුමක් ඇති කරගන්නා කාලයකි. නිතර දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසීමට සිදුවෙයි. නිතර කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයක් වන අතර ආගමික නායකයන්ගේ ඇසුර පතන බවක් ද පෙනේ.

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක -දේපළ ගැටලුවකින් නිදහස්

අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ මෙතෙක් ඇතිව තිබූ ගැටලුවකින් නිදහස සැලසේ. උසස් අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධ සතුටුදායක බලාපොරොත්තුවක් ඇති කර ගත හැකිවේ. සතිය මැද කාලයේ දී අතක ඇතිවන හිරිවැටීමක් සම්බන්ධ වේදනාවකට ප්‍රතිකාර ලබා ගනී. ප්‍රමාදතා ඇති කළ මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික-අමතර ආදායම්

අලුත් ඥාති සබඳතාවයකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. සහෝදර මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර පවුලේ මතභේදවලට තුඩුදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම නිතර ගුප්තකටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අමතර ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති කරන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

මීන-වාහන ගනුදෙනුවක්

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ තීරණයක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ. වෙනදාට වඩා මවගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

විවාහ ගිවිස ගැනීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ විශේෂ උත්සව අවස්ථාවක කටයුතු සැලසෙන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.