ජූලි 01 සිට ජූලි 07 දක්වා

ජූලි 1, 2022
මේෂ

හදිසි ගනුදෙනුවක්

 හදිසි කටයුතු කීපයක් පිළිබඳ වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. පවුලේ වගකීම් කීපයක් තමා පිට පැවරෙන සතියකි. වරින් වර ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

පවුලේ වැඩිහිටියකු සමඟ සිදුවන බහින්බස්වීමක් දුරදිග යා හැකියි. හදිසි ගනුදෙනුවකට අතගැසීමට කටයුතු උදාකරයි. සති අන්තයේදී යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා


සිංහ

කොන්දේ වේදනාවක්

වෙනදාට වඩා අමතර කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2 යන භාවස්ථානවලයි. සැලසුම් සහගත කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසුනත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. හදිසියේ ඇතිවන කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන සතියකි. අවිවාහකයන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මව හෝ මවු පස ඥාතියකු පිළිබඳ සැලකිල්ලෙන් පසුවන්න. එමෙන්ම ගනුදෙනුවලදී තමාට නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - බදාදා


ධනු

විදෙස් ලැබීමක්

මේ සතියේ වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියක් වන අතර නොසිතූ පාඩුවක් ද සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ධනු ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8,9,10 යන භාවස්ථානවලයි. විශේෂ හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති සතියකි. එමෙන්ම අලුත් බලාපොරොත්තුවක් ඉටුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුවීමක් පෙන්නුම් කරයි. සති අන්තයේදී ගනුදෙනු වාසියක් සිදුකරන සතියක් වන අතර විදෙස් ලැබීමකට ද හිමිකම් ඇති කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

විදෙස් උපකාරයක්

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථානවලයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන සතියකි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. සතිය මැද කාලයේදී වරින් වර මතුකරන උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. එමෙන්ම තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - සඳුදා


කන්‍යා

අඹුසැමි මතභේදයක්

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. නිතර ගතට සිතට වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අඹුසැමි මතභේදයක් දුරදිග යාමෙන් පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ.

නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් හිතවතකු දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාකරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා


මකර

තැන්පත් ධනය වැයවීමක්

අවිවේකී මෙන්ම මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ගමනකට කටයුතු සූදානම් වන කාලයකි. එහෙත් නොසිතූ ලෙස තමාට වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුවේ. තැන තැන ඇවිදිලි ඇතිකරන කාලයකි. දරුවකු වෙනුවෙන් හදිසි මුදලක් වැයකිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සති අන්තයේදී අඹුසැමි ආරවුලක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත.

අය 07 - වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා


මිථුන

අමතර ලැබීමක්

ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති සතියකි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතුයි. හදිසි ගමනක් යෙදෙන බවක් පෙනේ. එමෙන්ම සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සතිය මැද කාලයේදී අජීර්ණ ආබාධයක් හේතුවෙන් ඇතිවන අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අමතර ලැබීමකට හිමිකම් ඇති සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා


තුලා

අතමිට සරුකරයි

ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට සරු කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැන නැගී තිබූ ගැටලු කීපයකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන සතියකි. සතිය මැද කාලයේදී මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. හදිස්සියේ ඇතිවන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - බදාදා


කුම්භ

ශාස්ත්‍රීය කටයුත්තකට ප්‍රශංසා

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදුකරන සතියකි. මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු බවක් පෙනේ. නිතර දුර ගමන් යෙදෙන කාලයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සතිය මැද කාලයේදී ප්‍රමාද වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකින් තමාට ප්‍රශංසා හිමිකරන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා


කටක

වගකීම් පැහැර හැරීමක්

පවුලේ කටයුතු පිළිබඳ වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. විවාහය පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. එමෙන්ම ගතට සිතට අවිවේකී බවක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර පොත්පත් ලිපිලේඛන කටයුතු සම්බන්ධ වෙහෙසෙන සතියකි. රැකියා අපේක්ෂිතයන්ට සුබදායකයි. සතිය මැද කාලයේදී නොසිතූ ලෙස ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘශ්චික

දේපළ ගැටලුවකින් නිදහස්

 මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වැඩිමහල් සහෝදරයකු නිසා ගැටලු කීපයක් මතුකරන සතියකි. වෙනදාට වඩා දුරදිග බලා මෙන්ම ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙන්වයි. පරම්පරා ගත දේපළක් සම්බන්ධ මතුව තිබූ ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් පසුවන්න. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


මීන

මුදල් සම්බන්ධ ගැටලුවක්

පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට කටයුතු සැලසෙන සතියකි. ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

යටපත් වූ උදරාබාධයක් නැවත මතුකරයි. සතිය මැද කාලයේදී පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. මුදල් සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවන සතියකි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

අය 06 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.