ජූලි 08 සිට ජූලි 14 දක්වා

ජූලි 8, 2022

මේෂ

පවුලේ කෙනකුගේ දුරස්වීමක්

 සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධවීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු සතියකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අමතර වියදම් වැඩිකරන කාලයකි. නිතර නිවසින් පිට යෙදෙන කටයුතු කීපයක් හේතුවෙන් පවුලේ ගැටලු කීපයක් මතුකරයි. විශ්වාසය බිඳවැටීමකට හේතු ඇතිකරන සතියකි. පවුලේ කෙනකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

තනතුරු මාරුවක්

අතමිට සරුවන කාලයක් වුවත් වැය පස අධික කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ළඟම හිතවතකු වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදුවේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. මවට හෝ මව්පස ඥාතියකුගේ හදිසි අසනීපයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සති අන්තයේදි වාහන ගනුදෙනුවකින් නොසිතූ ලාබයක් හිමිකරයි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

ධනු

දරුවකුගේ ජයග්‍රහණයක්

වැයපස අධික කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති කාලයකි. නිතර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. සතිය මැද කාලයේදී පවුලේ අයගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙන්වයි. මවුපිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘෂභ

දරුවකු පිළිබඳ සතුටක්

තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි. දේපල කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. මවුපිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. වැඩිහිටියකු සමඟ සිදුකරන ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. නිතර හමුවන හිතවතකු නිසා ගැටලු කීපයක් මතුකරයි. සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිකරන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - ලා දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

හදිසි වැටීම් තැලීම්

පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි වියදමක් දැරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. මවුපිය ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරි වන්න. නිතර විනෝදයට බරව කටයුතු කරන කාලයකි. හදිසි ගමනක් යෙදීමෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවන බවක් පෙන්වයි. ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

අලුත් ඥාති සබඳතා

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා කාලයකි. නොසිතූ ලෙස වංචා ප්‍රයෝගයකට හසුවීමට ඉඩ ඇති බැවින් ළඟින් ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් වන්න. එමෙන්ම නීතිමය ගැටලුවකට මුහුණදීමට සිදුවන කාලයකි. මෙතෙක් පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී අලුත් ඥාති සබඳතාවයකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට කටයුතු සැලසෙන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මිථුන

විභාග ගිවිසුමක් සාර්ථකය

හදිසි ලැබීමක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථාන වලයි. ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් වෙහෙසීම් ඇතිකරන කාලයකි. නිතර මව්පස ඥාතියකු නිසා ගැටලු කීපයක් මතුකරයි. වෙනදාට වඩා අතමිට සරුවන බවක් පෙන්නුම් කරයි. අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක බවක් පෙනේ. සතිය මැද කාලයේදී මවගේ අසනීපකාරි බවක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ විවාහ ගිවිසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

තුලා

ආගමික වැඩසටහනක්

බලාපොරොත්තුවක් බිඳවැටීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවන සතියකි. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. හදිසි ආගමික වැඩසටහනකට සහභාගි වීමට අවස්ථාව උදාකරයි. මවුපිය උරුමයක් හේතුවෙන් ඇතිව තිබූ මතභේදකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

 තැන්පත් ධනය වැයවීමක්

වෙනදාට වඩා ගෘහජීවිතයේ කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි. ගනුදෙනුවක් හේතුවෙන් තමා ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් වෙනස්කිරීමට සිදුවන කාලයකි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතුකරයි. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැයවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සමාජසේවා කටයුතු වෙනුවෙන් දවසින් වැඩිකාලයක් යොදවයි.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කට

හදිසි ලැබීමක්

විදෙස් ලැබීමක් කෙරෙහි ගත සිත වෙහෙසීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා පවුලේ ගැටලු කීපයක් දුරදිග යන බවක් පෙනේ. අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති සතියකි. තම සේවා ස්ථානය සම්බන්ධ ඇතිව තිබූ ගැටලුකාරි බවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි.

සතිය මැද කාලයේදී හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. මව්පස ඥාතියකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

සැලසුම් වෙනසක්

 හදිසි වියදමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් ගැටලු කීපයකින් නිදහස්වීමට මඟ සැලසේ. වරින්වර මතුකරන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර යන එන ගමන් පිළිබඳ කල්පනාකාරි වන්න. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවන බවක් පෙන්වයි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

මීන

අතක ආබාධයක්

මතභේදකාරි ලෙස සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. තමා යන එන ගමන් පිළිබඳ නිතර සැලකිලිමත් වන්න. පවුලේ කෙනකු සමඟ මෙතෙක් පැවැති මත ගැටුමක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. සතිය මැද කාලයේදී අතක ඇතිවන වේදනාකාරි තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වගකීම් කීපයක් පැහැර හැරීමෙන් ගැටලු කීපයක් මතු කරයි.

අය 05 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.