ජූලි 22 සිට ජූලි 28 දක්වා

ජූලි 22, 2022
මේෂ

දේපළ ගැටලුවකට නීති පිහිට

උදාවන මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් යොදාගත් සැලසුමක් වෙනසකට ලක් කරන සතියකි. නිතර ගතට සිතට අවිවේකී බවක් ඇති වන අතර පවුලේ කටයුතු සම්බන්ධ සිත්තැවුලක් අසන්න ලැබේ. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. සහෝදර උපකාරයක් හිමිවී‌මෙන් ගැටලු කීපයක් විසඳා ගැනීමට මග සැලසේ. සතිය මැද කාලය වන විටදී රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. දේපළ ගැටලුවක් විසදා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

පිංකමකට සැලසුමක්

තරමක් දුරට සැනසිල්ල අඩු කරන කාලයක් වන අතර මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනසකට පත් කරන සතියකි. පැරණි හිතවතකු තමා සොයාගෙන එන බවක් පෙන්නුම් කරයි. පවුලේ දානමය පිංකමක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. වාහන හුවමාරුවක් හේතුවෙන් වාසියක් සැලසෙනු ඇත. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තයේදී විදෙස් ගත ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

විදෙස් ඥාතියකුගෙන් උපකාරයක්

උදාවන මේ සතිය මිශ්‍රපලදායක ලෙස උදාවුවත් දරුවන්ගේ කටයුතු නිසා නිතර මානසික පීඩා මතුවන බවක් පෙන්නුම් කරයි.මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ5,6,7,8 යන භාවස්ථාන වලයි. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිසා වෙහෙසීම් ඇති කරන සතියකි. වෙනදාට වඩා ගමන් බිමන් සීමා කරන කාලයකි. සතියමැද කාලයේදී ජලය ආශ්‍රිත කටයුතුවලින් පරිස්සම් වන්න. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන සතියකි. සති අන්තයේදී නිතර හටගන්නා හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා දනට පිනට ලැදිව කටයූතු කරන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ

අමතර මුදලක් වැයකරයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10, 1, 12 යන භාවස්ථානවලයි. වෙහෙස ඇති ගමනක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. නිතර තමා සොයාගෙන එන හිතවත් කෙනකු නිසා පවුලේ ගැටලු කීපයක් පැන නැඟීමට ඉඩ ඇත. සමාජ සේවා කටයුතු කෙරෙහි දවසින් වැඩි කොටසක් යෙදවීමට සිදුවේ. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

පිය උරුමයක් හිමිකරයි

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් වන්න. විදෙස් ගමනකට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු මෙන්ම කෑමෙන් බීමෙන් ද සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදී පිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

මකර

වැඩපිළිවෙළක වෙනසක්

දේපළ ගනුදෙනුවකට කටයුතු සැලසෙමින් උදාවන මේ සතියේ මකර ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථානවලයි. ගේ දොර කටයුතු සම්බන්ධ මෙතෙක් කරගෙන ආ වැඩ පිළි‌වෙළක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙනේ. දරු ලාභ පේක්ෂාවෙන් සිටින අය‌ට සුබදායක කාලයකි. නිතර ගත සිත වෙහෙසවීමට සිදු වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා කල්පනාකාරී වීම වැදගත් වේ. සති අන්තයේදි හදිසියේ ඇතිවන යටිබඩ ආශ්‍රිත අසනිප තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

 

මිථුන

විදෙස් ගමනක්

හදිසි ලැබීමකට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථාන වලයි. මෙතෙක් කරගෙන ආ ගනුදෙනුවකින් නොසිතූ ලාභයක් හිමි කරන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. ආර්ථික අතින් වාසිදායක සතියක් බව පෙනේ. නිතර ප්‍රභු අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකින් වාසි කිපයක් සැලසේ. සතිය මැද කාලයේදී වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

තුලා

විවාහ බලාපොරොත්තුවක්

කලක සිට පැවැති බලාපොරොත්තුවක් ඉටු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථාන වලයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියක් වන අතර කල්ගත වූ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් අසනීපයෙන් සිටි මවු පාර්ශ්වයේ ඥාතියකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී යටපත් වූ අසනීප තත්වයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අතර මග නවතා දැමීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

 

කුම්භ

 අමතර ලැබීම් වලට බාධා

නිතර මානසික පීඩා වලට ලක්වෙමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථාන වලයි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ මානසික පීඩා අත්කරයි. තමා කළ වරදක් පිළිබඳ පසුතැවිලිවීමට කරුණු ඇති කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න‍. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු විය හැකියි. දරුවකුගේ හදිසි අසනීප තත්වයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. අමතර ලැබීම්වලට බාධා ගෙන දෙන සතියකි. මෙතෙක් කරගෙන ගිය සැලසුමක් වෙනස් කිරීමට සිදුවන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

පවුලේ ගැටලුවක් දුරදිගයයි‍

යොදාගත් කටයුතු කීපයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි. එමෙන්ම තම රූපලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් ද පෙන්නුම් කරයි. පවුලේ ගැටලු කීපයක් දුර දිග යාමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. නිවසේ ආගමික වැඩසටහනකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට අවස්ථාව උදා කරයි. යොදා ගත් සැලසුමක් කල් යයි.

අය 05 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

වෘශ්චික

උදරාබාධයක්

මිශ්‍රපලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. වරින් වර උදාසීන ගතිපැවැතුම් මතුවීමෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. එහෙත් ඥාතීන් අතර සුහදතාවය ඇති වන අන්ද‌මේ කටයුතු කීපයක් සිදුකරයි.

මෙතෙක් පැවැති සහෝදර මත‌භේදයක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. හදිසියේ මතුවන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනිමට සිදුවන සතියකි. සතිය මැද කාලයේදී ණය ගනුදෙනුවක් හේතුවෙන් ළඟම හිතවතකු සමඟ සිත් අමනාපකමක් ඇති කර ගනී. වගකීම් බහුල සතියකි.

අය 07 - වැය 03

ජය අංකය - 03

ජය වර්ණය - රෝස

සුබ දවස - සිකුරාදා

 

මීන

නීති ගැටලුවක්

විශේෂ ගනුදෙනුවකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. දරුවකුගේ විදෙස් ගතවීමක් පිළිබඳ වැඩ පිළිවෙළක් වෙනස් කිරීමට සිදුවෙයි. මවට හෝ මවු පස ඥාතියකු පිළිබඳ විමසිලිමත් වන්න. මෙතෙක් අතරමග නවතා තිබූ කටයුතු කීපයක් නැවත ඇරඹීමට අවස්ථාව උදා කරයි. සති අන්තයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක් වන බවක් පෙන්නුම් කරයි. නිතර දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.