අගෝ. 12 සිට අගෝ. 18 දක්වා

අගෝස්තු 12, 2022

මේෂ

මවුපිය උරුමයකට අර්බුද

ඔබගේ ලග්නයේ මේ සතියේ සඳු ග්‍රහයා ගෝචර වන්නේ 10,11,12,1

යන භාවස්ථාන වලයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවහිරතා කීපයක් මඟහැරී යන කාලයක් බව පෙන්නුම් කරයි. හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති වීමට ඉඩ ඇත. මවුපිය උරුමයක් පිළිබඳ අර්බුදකාරී තත්වයක් මතු විය හැකි කාලයක් බව පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී නිතර හට ගන්නා යටිබඩ ආශ්‍රිත අබාධ තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයක් බැවින් නිතර ඒ් පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

හදිසි ගනුදෙනුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි. හිතුමතයට කටයුතු කීපයක් සිදු කිරීමෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරන අතර නොසිතූ ගැටලුවකට ද මුහුණ පෑමට සිදුවෙයි. එමෙන්ම පවුලේ වැඩිහිටියකු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙන සතියකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැ‌බේ. සති අන්තයේදී රැකියා ස්ථානයේ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත.

අය 05 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

සිංහ

අමතර ආදායම් මාර්ග

නිතර ශාරීරික වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. නිතර තම වාසිය වෙනුවෙන්

කටයුතු කීපයක් සිදුකර ගන්නා කාලයකි. රැකියාවට අමතර ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. මෙතෙක් අතපසු වෙමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. ඇසක හටගන්නා ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තය වන විටදී මවු පස දේපළක් සම්බන්ධ ඇතිවන ගැටලුකාරී බවක් දුර දිගයන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා

 

ධනු

විදෙස් උපකාරයක්

පැවැති නොසන්සුන්කාරී ගති පැවැතුම් මඟ හැරී යන සතියක් වන

අතර මේ සතියේ ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථාන වලයි. දරුවකුගේ උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. පැවැති මුදල් අගහිඟතාවයක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. නිවසේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. එමෙන්ම ගේ දොර උත්සව අවස්ථාවක් පිළිබඳ කටයුතු කීපයකට සූදානමක් ඇති කරයි. සතිය මැද කාලයේදී විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් ගත් තීරණයක් වෙනස් කිරීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

කන්‍යා

තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම්

දේපළක් සම්බන්ධ ගැටලුවකට මූලිකත්වය දෙමින් සතිය ආරම්භ කරන කන්‍ය ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථාන වලයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසුනත් ඒ්වා ඒතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙන්නුම් කරයි. නිතර තමා හමුවට ඒන අය පිළිබඳ සැලකිලිමත් වන්න. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. පිය පාර්ශ්වයේ ඥාතියකුගෙන් උපකාර හිමිවන බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

පාදයේ ආබාධයක්

අවිවෙිකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු

ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථාන වලයි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අතර මඟ නවතා දැමීමට කටයුතු සැලසෙන සතියකි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. සතිය මැද කාලය වන විටදී පාදයේ වළලුකර ආශ්‍රිත ඇති වන අසනීප තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලේ ළඟම ඥාතියකු සමඟ කරන ගනුදෙනුවක් හේතුවෙන් ඇතිවන සිත් අමනාපයක් දුර දිග යාමට ඉඩ ඇත.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

මිථුන

නීති ගැටලුවක්

යෝජනා ස්ථිරවීමක් සාර්ථකත්වයට පත් කරමින් සතිය ආරම්භ වන

මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථාන වලයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා ඇති වන ගැටලුවක් දුර දිග යාමට ඉඩ ඇත. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදීවීමෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක් වෙයි. සතිය මැද කාලයේදී යටපත් වූ අසනීප තත්වයක් නැවත මතු වන ලකුණු පෙන්නුම් කරයි. දරු ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

තුලා

උගුර ආශ්‍රිත ආබාධයක්

සහෝදර මත භේදයක් හේතුවෙන් ගැටලු කීපයක් දුර දිග යන

සතියක් වනඅතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. යටපත් වූ සෙම් රෝගයක් හෝ උගුර ආශ්‍රිත අසනීප තත්වයක් නැවත හට ගැනීමට ඉඩ ඇති බැවින් ඒ් පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. නිතර නිවසට යන ඒන අය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. දරුවකුගේ දඩබ්බරකාරී කටයුතු කීපයක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. ප්‍රමාද වූ නිවාස අලුත් වැඩියාවක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරයි. නිතර යෙදන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

කුම්භ

පවුලේ උත්සව අවස්ථාවක්

මෙතෙක් ප්‍රමාදතා සිදු කල ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට

අවස්ථාව සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. මෙතෙක් කරගෙන ආ ගේ දොර අලුත් වැඩියාවක් පිළිබඳ කටයුත්තක් අතර මග නවතා දැමීමට සිදුවන බවක් පෙන්වයි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි. දරුවකුගේ ඉදිරි අනාගත වැඩ පිළිවෙළක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. නිතර ඇසුරු කරන අයකු සමඟ ඇති වන සිත් නොහොඳකමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී.

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

දුර ගමනක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. දුර ගමනක් හේතුවෙන් යොදාගත් වැඩ පිළිවළක් වෙනස් කිරිමට සිදුවෙයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. නිතර මවගේ අසනීප තත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වගකීම් බහුල වුවත් ඒ්වා ක්‍රමවත් ලෙස කරගෙන යාමට වෙහෙසක් දැරිය යුතු කාලයකි. සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර වියදමක් මෙන්ම වෙහෙසක් දැරිය යුතු බවක් පෙන්නුම් කරයි. දතක හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

අය 05 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

නීති ගැටලුවකට මැදිවේ

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථාන

වලයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තා ඇති කරන සතියක් වන අතර අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට අවස්ථාව සැලසෙන කාලයකි. එහෙත් නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසු වන්න. තරග විභාගයකින් නොසිතූ ලෙස ජයග්‍රහණයක් හිමි කරයි‍. අසල්වැසි මතභේදයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන

අලුත් සාමාජිකයෙක්

අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භ වන මීන

ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථාන වලයි. විශේෂ සැලසුමකට අත ගැසීමට මග සැලසෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනසක් සිදුකරන අතර අලුත් රැකියා අපේකෂිතයන්ට සුබදායක කාලයක් බව ද පෙන්නුම් කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වීමෙන් ගැටලු කීපයකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. සති අන්තයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක් වන ලකුණු පෙන්නුම් කරයි. කලක සිට පැවැති විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරන කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.