අගෝ. 26 සිට සැප්. 01 දක්වා

අගෝස්තු 26, 2022
මේෂ 
 
ඉදිරි වැඩපිළිවළක වෙනසක් 
 
අවිවේකී ලෙස සතිය උදාවන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථානවලයි. තැන තැන ඇවිදීම් ඇති කරන කාලයක් වන අතර නිතර මනසට අවිවේකී ලෙස කටයුතු කීපයක් ද යෙදෙන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ ඇතිව තිබූ ආරවුල්කාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. දරු ලාභ හිමිකම් ඇති කාලයකි. 
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී තමාගේ ඉදිරි වැඩපිළිවළක් වෙනස් කිරීමට සිදුවන අතර තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. 
 
අය 06 - වැය 04
ජය අංකය - 07
ජය වර්ණය - ළා නිල් 
සුබ දවස - බ්‍රහස්පතින්දා
 
 
සිංහ 
 
පාදයේ ආබාධයක් 
 
සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථානවලයි. විශේෂ ගනුදෙනුවක් හේතුවෙන් අසල්වාසියකු සමඟ ඇති වන සිත් අමනාපයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතු බවක් පෙන්වයි. සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශ්‍රිතව ඇතිවන වේදනාකාරී බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබ‌ා ගැනීමට සිදුවේ. සතිය මැද කාලයේදී පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. නිතර තමා හමුවට යන එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් පසුවීම වැදගත් වේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියකි. 
 
අය 07 - වැය 06
ජය අංකය - 03
ජය වර්ණය - දම් 
සුබ දවස - බ්‍රහස්පතින්දා
 
 
ධනු 
 
ධන ලාභයක් 
 
හදිසි මානසික අවිවේකයට හේතු ඇති කරමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවළක් වෙනසකට ලක් කරන සතියකි. අතක හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා පවුලේ අය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනස් කිරීමට සිදුවන අන්දමේ කටයුත්තක් සිදුකරයි. සති අන්තයේදී නොසිතු ලෙස හදිසි ධන ලාභයකට හිමිකම් ඇති කරයි. 
 
අය 09 - වැය 06
ජය අංකය - 02
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සිකුරාදා
 
 
 
වෘෂභ
 
ගනුදෙනුවකින් නිදහස් 
 
මතභේදකාරී ගැටලුවකට මුහුණ දෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයේ සඳුගේ ගමන සිදුවන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. වරින් වර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. හදිස්සියේ යෙදෙන වාහන ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. පෙම්වතුන් අතර ඇතිවන සිත් නොහොඳකමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. 
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. සති අන්තය වන විටදී මෙතෙක් පීඩා ගෙන දෙමින් පැවැති ණය ගනුදෙනුවකින් නිදහස් වීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. 
 
අය 07 - වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - කොළ
සුබ දවස - බදාදා
 
 
කන්‍යා 
 
විශේෂ ජයග්‍රහණ
 
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස් වීමට අවස්ථාව උදාකරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්‌ට සුබදායක කාලයක් වන අතර තරග විභාගවලින් විශේෂ ජයග්‍රහණ හිමිවිය හැකි බවක් පෙන්නුම් කරයි. 
සතිය මැද කාලයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතුවලදී දුර දිග සිතා බලා කටයුතු කිරීම වැදගත් වේ. 
 
අය 07 - වැය 06
ජය අංකය - 04
ජය වර්ණය - රතු
සුබ දවස - සඳුදා
 
 
මකර 
 
නොසිතූ ජයග්‍රහණයක් 
 
අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විවාහ යෝජනාවක් නැවත ඇති කරන කාලයක් වන අතර තීන්දු තීරණ ගැනිමේදී දුර දිග සිතා බැලිය යුතු කාලයක් බව පෙන්නුම් කරයි. පවුලේ වැඩිහිටියකුගේ දෝෂාරෝපණයට ලක් වීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. තරග විභාගයකින් නොසිතූ ලෙස ජයග්‍රහණයක් හිමිවන ලකුණු පෙනේ. සතිය මැද කාලයේදී මවගේ ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි‍.
 
අය 07 - වැය 04
ජය අංකය - 04
ජය වර්ණය - රතු
සුබ දවස - බ්‍රහස්පතින්දා
 
 
මිථුන
උගුර සම්බන්ධ ආබාධ
 
හදිසි ලැබීමකට හිමිකම් ඇති සතියක් වන අතර විශ්වාසය බිඳ වැටීමකට ද හේතු යෙදෙන බවක් පෙන්නුම් කරයි. මේ සතියේ ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 2,3 ,4,5 යන භාවස්ථානවලයි. නොසිතූ ලෙස ළඟින් ඇසුරු කරන අයකුගේ හදිසි දුරස් වීමක් සිදු වීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතුවලදී දුර දිග සිතා බලන්න. දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි. උගුර සම්බන්ධ ආබාධ තත්ත්වයක් සෙම් රෝග ආදිය වැලැදීමට ඉඩ ඇති කාලයක් බැවින් ජලයෙන් මෙන්ම ආහාර පාන ගැනීම පිළිබඳව ද පරිස්සම් වීම වැදගත් වේ. 
 
අය 06 - වැය 02
ජය අංකය - 09
ජය වර්ණය - කහ
සුබ දවස - සිකුරාදා
 
 
තුලා 
 
අලුත් රැකියා ලාභ 
 
අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ කේන්දරයේ මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් ඇතිව තිබූ ගැටලුකාරී බවක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. දරුවකුගේ විශේෂ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වන කාලයක් වන අතර හදිසි අනතුරුදායක තත්ත්වයකට ද මුහුණු දීමට සිදු වෙයි.
 
අය 09 - වැය 04
ජය අංකය - 07
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සිකුරාදා
 
 
කුම්භ 
 
 තීරණවලදී කල්පනාකාරී වන්න 
 
පවුලේ කටයුතු සම්බන්ධව විශේෂ වෙහෙස‍ිමක් කළ යුතු සතියක් වන අතර මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි.දුර ගමනක් හේතුවෙන් ඇතිව තිබූ වෙහෙස මහන්සිය මඟහැරී යන සතියකි. නිතර තමා කරන කියන කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු කාලයකි. දරුවකුගේ ඉදිරි අනාගතය පිළිබඳ තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. අමතර රැකියා මාර්ග වලට ඉඩ සැලසුණත් ඒ්වා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී ආර්ථික අතින් එතරම් යහපත් කාලයක් නොවන බවක් පෙන්වයි. 
 
අය 06 - වැය 03
ජය අංකය - 09
ජය වර්ණය - ළා දම්
සුබ දවස - බදාදා
 
 
 
කටක 
 
දුරදිග සිතා බලන්න
 
 නිතර මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථානවලයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු සතියකි‍. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ආගමික සහන පතන කාලයක් වන අතර විවිධ පුණ්‍ය කර්මවලටද සම්බන්ධ වීමට කටයුතු යෙදේ. සතිය මැද කාලය වන විටදී පවුලේ වැඩිහිටියකු සමඟ සිදුවන බහින්බස් වීමක් දුර දිග යෑමට ඉඩ ඇත. ගේ දොර කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් බව පෙනේ. 
 
අය 06 - වැය 04
ජය අංකය - 05
ජය වර්ණය - කොළ
සුබ දවස - බදාදා
 
 
 
වෘශ්චික
 
හදිසි වියදමක් 
 
අවිවේකී ලෙස සතිය ආරම්භ වන කාලයක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථානවලයි. ගනුදෙනුවක් විසඳා ගැනීමට නීතියේ පිහිට පැතීමට සිදුවන කාලයකි‍. ආගමික කටයුත්තක් සඳහා දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවේ. වරින් වර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. සතිය මැද කාලයේදී රැකියාවේ පැවැති කරදර කීපයකින් නිදහස් වීමට අවස්ථාව උදාකරයි. නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට කටයුතු යෙදෙන සතියක් වන අතර ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න. 
 
අය 06 - වැය 05
ජය අංකය - 07
ජය වර්ණය - ළා දම්
සුබ දවස - සඳුදා
 
 
 
මීන
 
ගුප්ත කටයුතුවලින් පිහිට 
 
ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථානවලයි. ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික වන බවක් පෙන්නුම් කරයි. මවු පස ඥාතියකු පිළිබඳ නොසිතූ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු ඇති කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයක් වන අතර ආගමික භක්තියෙන් ද කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර මුදලක් වැය කිරිමට සිදුවෙයි. 
 
අය 05 - වැය 06
ජය අංකය - 03
ජය වර්ණය - නිල් 
සුබ දවස - සඳුදා
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.