සැප්. 02 සිට සැප්. 08 දක්වා

සැප්තැම්බර් 2, 2022
මේෂ

ආගමික භක්තියෙන් කටයුතු කරයි

අවිවේකී ලෙස සතිය උදාවන මේෂ ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. ගේ දොර උත්සව අවස්ථාවක් සම්බන්ධ කටයුතු කීපයක් හේතුවෙන් වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. නිතර යන එන අය සම්බන්ධ සැලකිලිමත් විය යුතු සතියකි. විවාහ යෝජනාවක් සාර්ථක වීමෙන් මෙතෙක් ගෙන තිබූ පියවර කීපයක් වෙනස් කිරිමට සිදුවේ. ආගමික භක්තියෙන් කටයුතු කරන සතියක් වන අතර අලුත් හිතමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමටද කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. රැකියා අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

ආර්ථික පාඩුවක්

මවට හෝ මවුපස ඥාතියකු පිළිබඳ වෙහෙසීමට සිදුවන කාලයක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳුගේ ගමන සිදුවන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. සහෝදරයකු ගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් ආර්ථික අතින් පාඩුවක් දැරීමට සිදුවන කාලයකි. පදිංචිය පිළිබඳ ඇතිවන ගැටලුවක් දුරදිග යයි.

නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන සතියකි. දරුවකු වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් දැරීමට සිදුවන අන්දමේ කටයුත්තක් සිදුකරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

ධනු

සුබදායක පුවතක්

 හදිසි ලැබීමකට හිමිකම් ඇති කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. හදිසි ගමන් කීපයකට ද සහභාගිවීමට සිදුවන සතියකි. පවුලේ කෙනකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. එමෙන්ම අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට ද මග සැලසෙන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. සති අන්තයේදී වරින් වර ඇතිවන උරහිස ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

දරුවකුගේ ජයග්‍රහණයක්

අමතර වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. පැවැති අසනීපයකින් සුවය හිමිවන කාලයක් වන අතර පවුලේ කටයුතු සම්බන්ධ උනන්දුව අඩුවන බවක් ද පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

යටපත් වූ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. සමාජ සේවා කටයුතු හේතුවෙන් නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන සතියකි.

අය 05 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

පාදයේ ආබාධයක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් නොසිතූ ගැටලු කීපයකට මුහුණ පෑමට සිදුවන කාලයක් වන අතර මේ සතියේ කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි.වෙනදාට වඩා අතමිට සරු වුවත් වැය පස අධික කරන කාලයකි. පවුලේ වැඩිමහල් දරුවකු වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමට සිදුකරයි. නිතර තමා සොයා ගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන සතියකි. වරින් වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 06 - වැය 02

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා 

 

මකර

 කොන්දේ අමාරුවක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට මග සැලසෙමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. ඥාතීන් අතර සුහදතාවයට කරුණු සැලසෙන සතියකි. නොසිතූ ලෙස හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලයේදී අඹුසැමියන් අතර සිදුවන මතභේදකාරී බවක් දුර දිගයයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න‍. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතු වන ලකුණු පෙන්නුම් කරයි. නිවාස අලුත්වැඩියාවක් සම්බන්ධ කටයුතු කීපයකට අත ගැසීමට කටයුතු සැලසෙන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

මිථුන

ණය මුදලකින් නිදහස්

මිථුන ලග්න හිමි ඔබට මේ සතිය උදාවත්ම මෙතෙක් පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම්කරයි. මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථානවලයි. කල්ගත වූ ණය මුදලකින් නිදහස් වීමට අවස්ථාව උදා කරන සතියකි. හවුල් ව්‍යාපාරයක් හේතුවෙන් ඇති ව තිබූ ගැටලුකාරී බවකින් නිදහස සැලසේ. සතිය මැද කාලය වන විටදී වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. හදිසි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට හේතු ඇතිවන කාලයක් බැවින් කල්පනාකාරී වන්න.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

උගත් දෙයින් ප්‍රයෝජන

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳුගේ ගමන සිදුවන්නේ 1,2,3,4 යන භාවස්ථානවලයි. නිකරුනේ කරන වියදම් වැඩි වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා යන එන ගමන් වැඩි වන කාලයකි. සතිය මැද කාලය වන විටදී උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පොත්පත් ලිපි ලේඛන සම්බන්ධ කටයුතු වලින් විශේෂ ලාබ ප්‍රයෝජන හිමිවන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී යටි බඩ ආශ්‍රිත ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්වයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

මානසික සිත්තැවුලක්

අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික කරමින් ආරම්භ වන සතියක් වන අතර කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9.10,11,12 යන භාවස්ථානවලයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ ඇතිවන නොසන්සුන්කාරී බවක් දුර දිග යයි. වෙනදාට වඩා දරුවකුගේ කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. මව හෝ මවු පස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. එමෙන්ම දරු ලාභ අපේක්ෂාවෙන් සිටින මවුවරුන්ට යහපත් කාලයක් බව පෙන්වයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. සති අන්තයේදී දරුවකුගේ දුරස් වීමක් හේතුවෙන් ඇතිවන මානසික සිත් තැවුල්කාරී බවක් දුර දිග යයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

කටක

නොගැළපෙන ඇසුරක්

 ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථානවලයි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි කෝපය හේතුවෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

සතිය මැද කාලයේදී නොගැළපෙන ඇසුරක් හේතුවෙන් මතුවන ගැටලුකාරී බවක් දුර දිගයයි. එමෙන්ම විශ්වාසය බිඳ වැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 07 - වැය 06

ජය අංකය - 03

ජය වර්ණය - ළා දම්

සුබ දවස - බදාදා

 

වෘශ්චික

විදෙස් ලැබීමක්

සැලසුම් සහගත කටයුතු කීපයක් වෙනුවෙන් ගත සිත වෙහෙසන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි වියදමක් දැරීමට සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විදෙස්ගත හිතවතකුගෙන් උපකාරයක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

වෙනදාට වඩා වෙහෙසීම් ඇති කරන සතියකි. ආහාර විෂ වීමක් හෝ සම ආශ්‍රිත ආබාධ තත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වීම වැදගත් වන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

මීන

සෙම් රෝගයක්

යොදාගත් සැලසුමක් වෙනසකට ලක් කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ කේන්දරයට අනුව මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි. පවුලේ වගකීම් කීපයක් තමා පි‌ට පැවරෙන සතියකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති වීමට ඉඩ ඇත. වාහන ගමන් පිළිබඳ පරිස්සම් විය යුතු කාලයකි. දවසින් වැඩි කාලයක් දරුවකු වෙනුවෙන් කැප කිරීමට සිදුවේ. අසල්වැසි සුහදතාවයකට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. යටපත් වු සෙම් රෝගයක් නැවත මතුවීමෙන් කරදරකාරී බවක් ඇති කරයි.

අය 05 - වැය 02

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.