මේ සතියේ ඔබට

සැප්. 09 සිට සැප්. 15 දක්වා
සැප්තැම්බර් 9, 2022

 

මේෂ

තැන තැන ඇවිදිලි ඇති කරයි

 

වෙනදාට වඩා අතමිට මුදල් ඉතිරි කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳුගේ ගමන සිදුවන්නේ 11,12,1,2 යන භාවස්ථානවලයි. අලුත් කටයුතු කීපයක් ඇරැඹීමට කටයුතු සැලසෙන කාලයකි. එහෙත් හදිසි තීරණයක් හේතුවෙන් නොසිතූ ලෙස පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් සිදුකරයි.

තැන තැන ඇවිදිලි ඇති කරන සතියකි. විදෙස් ගමන් අපේක්ෂිතයන්ට සුබදායකයි. දරුවකුගේ දියුණුවක් වෙනුවෙන් අත හිත දීමට කටයුතු කීපයක් යෙදේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති සතියකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04 ජය වර්ූණය - ළා දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

අතක ආබාධයක්

ආගමික සැලසුමක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇතිකරමින් පවතින සතියක් වන අතර මේ සතිය තුළ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථාන වලයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. ප්‍රමාදවූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙන්නුම් කරයි. අමතර ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරන කාලයකි. සතිය මැද කාලයේදී අතක හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

 

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ණය - ළා දම්

සුබ දවස - බදාදා

 

 

ධනු

වියදම වැඩි කරයි

 

දරුවන්ගේ වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ කේන්දරයට අනුව මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. නොසිතූ ලෙස සහෝදර පක්ෂය සමඟ ඇතිවන සිත් අමනාපකමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. වරින් වර ගේ දොර කටයුතු අලුත් කර ගැනීමට උත්සහ දරන කාලයක් බව පෙනේ. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. කලබලකාරි ගතිපැවතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරයි. වෙනදාට වඩා පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. දනට පිනට ළැදි කාලයක් බව පෙනේ. වෙනදාට වඩා වියදම් වැඩිකරන කාලයක් වේ.

 

 

අය 07 - වැය 08

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

සමාජ සේවා කටයුතු වැඩි කරයි

 

මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක වෙනස්කම් රැසක් සිදු කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි. තනතුරු මාරුවක් හේතුවෙන් ඇතිව තිබූ මානසික අසහනකාරි බව මඟහැරී යන කාලයකි. නොසිතූ ලෙස අඹුසැමි විශ්වාසය බිඳවැටීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර සමාජසේවා කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන කාලයකි. සතිය මැද කාලයේදී හදිස්සියේ ඇතිවන ක්ලාන්ත ගතියක් මෙන්ම ඇඟේ පතේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබාගනී.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

 

කන්‍යා

ණය ගනුදෙනුවකින් නිදහස්

 

 

වරින් වර ශාරීරික අපහසුතාවලට හේතු ඇති කරමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියකි. එමෙන්ම දරුවකුගේ හිතුවක්කාර කමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. එමෙන්ම නිතර නිවසට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. කලක සිට පැවැති ණය ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. මෙතෙක් කරගෙන ආ අමතර ආදායම් මාර්ගයකට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

ඥාති හිතවත්කම් වැඩි කරයි

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ මකර ලග්න හිමි ඔබට මිශ්‍රඵලදායක වන අතර ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් වන කාලයකි. පවුලේ නෑදෑයන් අතර හිතවත්කම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලයේදී දරුවන්ගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගනී. නිතර වයසින් වැඩි අයගේ ඇසුරට පත්වන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. සති අන්තයේදී නිතර ඇවිදිලි ඇති කරන බවක් පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තක්

 

අලුත් ඥාති සබඳතාවලට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි. අවහිරතා මැද කරගෙන ආ වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. එමෙන්ම වෙනදාට වඩා ආගම දහමට ළැදිව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. නිතර මුණගැසෙන කෙනකු නිසා ඇතිවන ආරවුල්කාරි බවක් දුරදිග යයි. දරුවකුගේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

තුලා

 

අඹුසැමි සුහදතාවයට බාධා

 

 

අලුත් බලාපොරොත්තු ඇති වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. අඹුසැමි සුහදතාවයට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත.

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

කුම්භ

විදෙස් හිතවත්කමක් අලුත් කරයි

 

වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ඔබේ කේන්දරයේ ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථානවලයි. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන සතියකි. වරින්වර පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. නොසිතූ ලෙස තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න. සතිය මැද කාලයේදී විදෙස් හිතවත්කමක් අලුත් වන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ණය ගනුදෙනුවක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. සති අන්තයේදී වරින් වර වාහනයක අඩුපාඩු සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

 

කටක

රූප අලංකාරයට වෙහෙසෙයි

 

අවිවේකී ලෙස සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් ඇතිවන පවුලේ අර්බුදයක් දුරදිග යයි. නිතර තම රූප අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

මවුපස ඥාතියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවේ. නිතර වැටීම් තැලීම්වලට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් වන්න. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට යහපත් කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

 

පොරොන්දු ගිවිසුමක් සාර්ථකයි

 

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථානවලයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරන කාලයක් වන අතර, එදිනෙදා කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් ද පෙන්නුම් කරයි. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක්ද යෙදෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී වාහන අලුත්වැඩියාවක් පිළිබඳ කටයුත්තකට දවසින් වැඩිකාලයක් යෙදවීමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන

කොන්දේ අමාරුවක්

 

සැනසිලිදායක ලෙස සතිය උදාවන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් පැවැති අඩුපාඩු කීපයක් සපුරාගැනීමට කටයුතු සැලසෙන සතියකි. වරින්වර ගේ දොර කටයුතුවලද වෙනස්කම් කීපයක් සිදුකරයි. හදිසි වියදම් කීපයක් යෙදුණත් ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. සතිය මැද කාලයේදී යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත හට ගැනීමට ඉඩ ඇත. නිතර ආගමික නායකයන්ගේ පිහිටපතන කාලයක් වන අතර දුර පළාතක ආගමික වැඩසටහනකට ද සහභාගිවීමට කටයුතු සැලසේ. සති අන්තයේ පවුලේ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - ළා නිල්

සුබ දවස - බදාදා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.